බැදපු කුකුල් මස් යනු දකුණු කොරියාවේ ‘ජාතික ආහාරයක්’ ලෙස හැඳින් වේ. බ්‍රිතාන්‍ය මාළු සහ චිප්ස් වලට සමාන බැදපු කුකුල් මස් දකුණු කොරියාවේ විශාල සංස්කෘතික ආහාරයක් වන අතර එය මේ වසරේ සිට අසාමාන්‍ය ලෙස මිලෙන් වැඩි වී ඇත.
දකුණු කොරියානුවන් බැදපු කුකුල් මස් සිය ආහාර වේලෙහි අනිවාර්යයෙන්ම තිබිය යුතු ආහාරයක් ලෙස සලකන අතර මේ වන විට පාරිභෝගිකයින්ට මසකට කිහිප වතාවක් එය ලබා ගැනීම පහසු කරුණක් නොවනු ඇත.
Euromonitor International හි දත්ත වලට අනුව, දකුණු කොරියාව බැදපු කුකුල් මස් සඳහා ලොව තුන්වන විශාලතම වෙළඳපොල වන අතර එය වඩා ජනාකීර්ණ එක්සත් ජනපදය සහ චීනය පමණක් අභිබවා යන බව වෙළඳපල පර්යේෂණ සැපයුම්කරුපෙන්වා දෙයි.
මේ වන විට තෙල්, කුලිය, ශ්‍රමය, බෙදා හැරීමේ සේවා සහ කුකුළු ආහාර පවා ඉහළ යාමෙන් වෙළෙන්දන් පීඩාවට පත්ව ඇති මුත් 2021 වසරේදී කොරියානු කුකුල් මස් අවන්හල් ෆ්‍රයිඩ් චිකන් වලින් පමණක් ඩොලර් බිලියන 7.9 ක ආදායමක් උපයා ඇත.
Euromonitor International හි ආහාර සහ පෝෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විශ්ලේෂක Yunjin Park පවසන පරිදි, “අමුද්‍රව්‍යවල ඉහළ යන මිල” උපුටා දක්වමින් ප්‍රමුඛ කුකුල් මස් දාමයන් සාමාන්‍යයෙන් කොරියානු වොන් 2,000කින් ($1.50) මෙනු මිල ඉහළ දමා ඇත. මේ නිසා බැදපු කුකුල් මස් මිල දළ වශයෙන් 10% සිට 15% දක්වා ඉහළ යාමට හේතු වූ බව ඇය වැඩිදුරටත් පැවසුවාය. වෙනස කුඩා බවක් පෙනෙන්නට තිබුණත්, සරල ආහාර වේලක් සඳහා ගනුදෙනුකරුවන්ට ඩොලර් 22 කට ආසන්න පිරිවැයක් දුරීමට සිදු ව ඇත.
Euromonitor International ට අනුව දකුණු කොරියාව එවැනි ගැටලු වලට මුහුණ දීමට එක් හේතුවක් වන්නේ එහි ආහාර වලින් අඩක් පමණ ආනයනය කිරීමයි. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් මෙම වසරේ ගෝලීය ආහාර මිල ඉහල යාම බොහෝ ආහාර වර්ග සඳහා වෙනත් රටවල් මත යැපෙන දකුණු කොරියාට බෙහෙවින් බලපා ඇත. දකුණු කොරියානු ආර්ථිකය ලොව පුරා ඉහළ යන මිල ගණන් වලට වඩාත්ම නිරාවරණය වන ආසියාතික ආර්ථිකයන්ගෙන් එකකි, එමෙන්ම සිංගප්පූරුව, හොංකොං සහ පිලිපීනය ද මෙම අවදානමට ඉදිරියේදී ලක්විය හැකි බව විදඥයන් අනතුරු අඟවා තිබේ.
සශිකලා මධුෂාණී_
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.