මේ වදකාර – කරදරකාර – එහෙත් රසවත් නිපැයුම සොයාගත්තේ තෝමස් ඇඩම්ස් (1818 – 1905) විසිනි.

චුවින්ගම් හෙවත් මුවේ රදවාගෙන රස බලන ගම් (මැලියම්) වර්ගවලට මානව ශිෂ්ටාචාරය පුරාම තිබුණේ ඉහළ ඉල්ලුමකි. බොහෝ විට මේවා ලබා ගන්නේ විවිධ ගස්වල රෙසින සහ කිරි වර්ග වලිනි. එසේ නැතිනම් පැණි රස තෘණ වර්ග, කොළ වර්ග, ධාන්‍ය වර්ග සහ ඉටි වර්ගවලිනි.

ඇඩම්ස්ගේ චුයින්ගම් මාකටින් – 1 | Wikipedia

සියවස් ගණනකට පෙර ග්‍රීසියට අයත් චියොස් දූපතේ “මැස්ටික්” නමින් ගස් වර්ගයක් තිබිණි. එයින් ලබා ගන්නා මැලියම් වර්ගය ග්‍රීකයන් හැඳින්වූයේ ‘මැස්ටිකා’ කියාය. පඳුරක ආකාරයෙන් වැවෙන මැස්ටික් ගසේ පොත්තෙන් ලබා ගන්නා මැස්ටීකා ගම් මුවේ දමා සැපූ විට දත් පිරිසුදු වීම ද ප්‍රාශ්වාස වාතය සුවඳැති වීම ද සිදුවිය. 1800 මුල් භාගයේ නිව් ඉංග්ලන්ඩ් ප්‍රදේශයට ගොඩ බට අමෙරිකානු යටත් විජිත වාදීන් දැක තිබෙන්නේ යම් කිසි ගසක පොත්තකින් ලබා ගන්නා මැලියම් වර්ගයක් ස්වදේශික ඉන්දියානුවන් විසින් රස බලන ආකාරයයි.

චුවින්ගම්වල මුල් කාලීන ඉතිහාසය එබඳු වුවත් මිනිසා විසින් චුයින්ගම් නිපදවීමේ ගෞරවය හිමිවන්නේ අමෙරිකානු විද්‍යාඥයෙකු වූ තෝමස් ඇඩම්ස් හට ය. එය රසවත් කතාවකි. 1870 වර්ෂයේ පැවැති යටත් විජිත යුදවලදී මෙක්සිකානු ජනරාල්වරයෙක් වූ සැන්ටා ආනා ටෙක්සාස් ප්‍රාන්තයේ දී අමෙරිකානුවන් විසින් පරාජය කෙරිණි. බොහෝ මෙක්සිකානුවන් මෙන්ම සැන්ටා ආනාද චිකල් නැමැති ගසේ මැලියම් කැබලි මුවේ දමාගෙන විකීමට පුරුදු වූ අයෙකි.

යුදමය පරාජයෙන් පසු නිවේයෝක් නුවර මදකලක් ජීවත් වූ ඔහු චිකල් මැලියම් ගැන ඒ වන විට පර්යේෂකයෙකු ලෙස නමක් දිනා සිටි තෝමස් ඇඩම්ස්ට කීවේ ය. ඇඩම්ස් හට මුලින් අවශ්‍ය වූයේ මෙම ද්‍රව්‍යය තාපයෙන් රත්කර, ඊට විවිධ ද්‍රව්‍ය මිශ්‍රකර එයින් සෙල්ලම් බඩු ආදිය සෑදීමටයි. රබර් වැනි ද්‍රව්‍යයක් එයින් නිපදවීමට ඔහු සිතුවේ ය. එහෙත්, එම සෑම පර්යේෂණයක්ම අසාර්ථක විය.

තෝමස් ඇඩම්ස් | Chewing Gum Facts

දිනක් අපේක්ෂා භංගත්වයට පත්ව සිය විද්‍යාගාරයේ වාඩි වී සිටින අතර ඇඩම්ස් නව මිශ්‍රණයෙන් කෑල්ලක් මුව තුළට දමාගෙන කෝපයෙන් එය සැපුවේ ය. පුදුමයකි. එහි වූ ප්‍රණීත රසයට ඔහුගේ රස නහර පිනා ගියේය.

ඇඩම්ස්ගේ චුයින්ගම් මාකටින් – 2 | pinsdaddy.com

ඇඩම්ස්ගේ චුයින්ගම් මාකටින් – 3 | Alchetron

ඇඩම්ස්ගේ චුයින්ගම් මාකටින් – 4 | Pinterest

වැඩිකල් නොගොසින් ඔහු සිය පුතුන් සමඟ එක් වී ලෝකයේ ප්‍රථම චූවින්ගම් ෆැක්ටරිය නිව්යෝර්ක් නුවර විවෘත කෙළේ ය. එහි නම වූයේ ඇඩම්ස් නිව්යෝක් නම්බර් වන් (adams new york number) පසුකාලිනව ඇඩම්ස් චුවින්ගම්වලට විවිධ රස කාරක ද එකතු කෙළේ ය. මුලින්ම එක් කෙරුණේ ‘ලිකරයිෂ්’ නැමැති වැල්මී වැනි ශාකයක රසයයි. එය බ්ලැක් ජැක් නමින් අලෙවි කෙරිණි.

Share

Recent Posts

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

10 hours ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

11 hours ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

14 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

18 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

19 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

19 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

23 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

1 day ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

2 days ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

2 days ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

2 days ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

2 days ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 days ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

2 days ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

2 days ago