අරුම පුදුම

ඔබ කොතරම් නියැන්ඩතාල්ද?

හෝමෝ නියැන්ඩතාලෙන්සිස් (Homo neanderthalensis or Homo sapiens neanderthalensis) එසේත් නැතිනම් ‘නියැන්ඩතාල් මානවයා‘ ලෙස කෙටියෙන් හඳුන්වන්නේ අපේ පූර්වජයෙකි. එසේත් නැතිනම් මුතුන්මිත්තෙකි.

අද වන විට ‘නියැන්ඩතාල් මුහුණ‘ යනාදී වශයෙන් මේ දේහ ලක්ෂණ සමාජය තුළ ගර්හාවට සහ සමච්චල් සහගත යෙදුමක් ලෙස යොදා ගැනුණත්, විද්‍යාඥයන් පවසන්නේ අප සෑම කෙනෙක් තුළම, එනම් නූතන මානවයා තුළ අනිවාර්යයෙන්ම 2%ක නියැන්ඩතාල් DNA තිබෙන බව ය.

එපමණක් නොව, මේ ලෝකයේ ජීවත් වන නූතන මානවයාගේ ජාන ගෙනෝමයේ (ජිනෝමයේ) එනම් ජාන සමූහයේ තිබෙන නියැන්ඩතාල් ජාන සියල්ලම ප්‍රහේලිකාවක කොටු මෙන් එකතු කළහොත්, අපට නියැන්ඩතාල් මානවයාගේ ගෙනෝමයෙන් 40%ක් 0 50% ක් අතර ප්‍රමාණයක් සම්පූර්ණයෙන් එක්රැස් කර ගැනීමට ද පුළුවන්කම තිබේ!

නියැන්ඩතාල් ලක්ෂණ

giphy | www.urbandictionary.com
  • දිගු කපාලය
  • ඇළ වූ නළල
  • ඝනකම් ඇහිබැම අස්ථි
  • විශාල නාසය
  • පුළුල් කශේරු කූඩුව
  • කෙටි අත්
  • පුළුල් උකුළ
  • කෙටි කෙණ්ඩා අස්ථි
  • විශාල වළලුකර
BBC Reel

මානව හා පරිණාම විද්‍යාඥයන් පවසන අන්දමට ලොව පුරා නියැන්ඩතාල් ජාන සංසරණය වීම සිදුව තිබෙන්නේ පුදුම සහගත ලෙසය.

BBC reel

අපේ මුල් මුතුන්මිත්තන් අප්‍රිකාවෙන් පිටතට සංක්‍රමණය වීම ආරම්භ කරන්නේ වසර 70,000කට පමණ පෙර ය. නමුත් ඔවුන් පැමිණියේ තනිව නොව, නියැන්ඩතාල් ජාන ද සමග ය. ඒ කාලය වන විට යුරේසියානු භූමියේ අවම වශයෙන් තවත් මානව විශේෂ 2 ක් ඇවිද යමින් සිටියහ. ඔවුන් නම් නියැන්ඩතාලයන් සහ ඩෙනිසොවනුවන් ය. යුරේසියාව තුළ නියැන්ඩතාලයන් සහ හෝමෝ සේපියන්ස් සේපියන්ස් ප්‍රජනනයේ යෙදීම හරහා ජාන මිශ්‍ර වන්නට ඇත. ලොව පුරාම සිදුවූයේ මෙයයි. පසුකලෙක පෙර කී මානව විශේෂ 2ම වඳවී ගියත් නූතන මානවයා තුළ ඔවුන්ගේ ප්‍රවේණික උරුමය රැකී තිබේ. ඇතැම් පර්යේෂණයකට අනුව මානව ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නියැන්ඩතාල් ඩීඑන්ඒ (ප්‍රවේණික අණු) අද ද ඒ අන්දමින්ම දැකගත හැක. එයින් සිදුවන්නේ පරිසරයට ඔරොත්තු දෙන මානවයන් බිහිවීමයි. මේ නිසාම, මේ මිහිමත ඇවිද යන හැම මානවයෙකුම නියැන්ඩතාලයන්ට ණයගැති යැයි ද කිව හැක.

BBC reel

නමුත් නියැන්ඩතාල් ප්‍රවේණික උරුමය නිසා මිනිසාට අවාසිසහගත දේ ද සිදුවිය. නියැන්ඩතාලයන් උග්‍ර දඩයක්කරුවන් වු හෙයින් සහ වනගත ජීවිත ගත කළ අය වූ හෙයින්, තුවාළ ආදිය සිදුවූ විට ඉක්මනින් ලේ කැටි ගැසීම අවශ්‍ය විය. ඔවුන්ගේ නියැන්ඩතාල් නහරවල ගලා ගියේ, ඉක්මනින් කැටි ගැසෙන රුධිර ධාතුවයි. මෙය, නූතන මානවයා තුළ විවිධ රුධිරගත රෝග තත්වයන් ඇති කිරීමට ද අනියමින් දායක වී ඇත.

කෙසේ නමුත් එක් පැහැදිලි සත්‍යයක් වන්නේ, මිනිසුන් කොයි කාගේත් ලේ නහර තුළ, නියැන්තාල් ලේ ද ගලා යන බව ය!

BBC Reel
BBC Reel
Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

4 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

5 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

19 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

23 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago