කාලීන

හුආවෙයි (Huawei) ජංගම දුරකථන සමාගමට ඇමරිකාවෙන් අපරාධ නඩු

ඒ, ලෝ ප්‍රකට චීන ජංගම දුරකථන සමාගමෙහි මූල්‍ය ප්‍රධානී සහ හුආවෙයි නිර්මාතෘවරයාගේ දියණිය වූ මෙන්ග් වැන්ෂු (Meng Wanzhou) පසුගිය දෙසැම්බරයේ කැනඩාවේදී අත්අඩංගුවට ගැනීමත් සමග හටගත් අර්බුදය තවදුරටත් උත්සන්න කරමිනි.

මෙම අපරාධ නඩු දෙකකින් එක් නඩුවක චෝදනාව ලෙස සඳහන් කර තිබෙන්නේ හුආවෙයි සමාගම විසින් T-Mobile (TMUS) ජංගම දුරකථන සමාගමේ වාණිජ රහස් සොරකම් කිරීමට උත්සාහ කළ බව සහ, තරගකාරී ආයතනවලින් විශ්වාසනීය තොරතුරු සොරකම් කරන සේවකයන් වෙත බෝනස් මුදල් ලබාදීමට පොරොන්දු වී තිබීමයි.

දෙවන අපරාධ නඩුවේ චෝදනාව වන්නේ හුආවෙයි සමාගම විසින් ඉරානයට එරෙහිව ඇමරිකාව පනවා තිබූ සම්බාධක සමග වංචනික ලෙස කටයුතු කළ බවයි.

මේ වන විට අත්අඩංගුවේ පසුවන මෙන්ග් වැන්ෂු ව ඇමරිකාවෙන් උදර්පණය කිරීම සඳහා ද නීතිමය පසුබිම සකස් වෙමින් තිබේ.

අපරාධ දුසිම් දෙකක්!

ඇමරිකාව පවසන්නේ හුආවෙයි සමාගම ‘අපරාධ දුසිම් දෙකක්‘ පමණ සිදුකර ඇතැයි සැලකෙන බවයි. අගරු කටයුතු ලෙස ව්‍යාපාරයේ නිරත වූ බව සහ, ඇමරිකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට පටහැණි ව ක්‍රියාකිරීම මෙම චෝදනාවල පොදු පදනම බවට පත්ව තිබේ.

‘‘චීනය එහි පුරවැසියන් සහ චීන සමාගම්, නීතියට අනුගත වීම සම්බන්ධයෙන් වගකිව යුතුයි‘ යැයි ඇමරිකා එක්සත් ජනපදයේ වැඩබලන නීතිපති මැතිව් විටේකර් (Matthew Whitaker) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියි.

මෙයට ප්‍රතිචාර දක්වමින් චීන පාලනය ඇමරිකාවට ප්‍රති ප්‍රහාර එල්ල කරමින් සිටියි. ඔවුන් පවසන්නේ ඇමරිකාව විසින් සිය රාජ්‍ය බලය අයුතු ලෙස යොදවා චීන සමාගම් විනාශ කිරීමට උත්සාහ කරන බවයි.

T-Mobile ප්‍රශ්නය

වොෂින්ටන් අධිකරණයේ ගොනු කර ඇති චෝදනා 10කින් යුතු චෝදනා පත්‍රයක දැක්වෙන්නේ හුආවෙයි සමාගම වසර ගණනක් මුළුල්ලේ T-Mobile සමාගමේ ‘ටැපි‘ නමින් ප්‍රකට තාක්ෂණය සොරකම් කළ බව ය. හුආවෙයි සමාගම විසින් ටී මොබයිල් සමාගම වෙත ජංගම දුරකථන සැපයීමේ යෙදී ඒ හරහා අදාළ තොරතුරු සොරකම් කර තිබේ. හුඅවෙයි සමාගම විසින් නිරන්තරයෙන්ම සිය සේවකයන්ව දිරිමත් කර තිබෙන්නේ ටී මොබයිල් හි තාක්ෂණය පිළිබඳ හැකි සෑම තොරතුරක්ම ලබාගන්නා ලෙස ය. නමුත් සමාගම සමග පැවති ඔවුන්ගේ ගිවිසුම තුළ එ් බව ටී මොබයිල් සමාගමට දැනුම් දී නැත. ඒ අනුව එය සාපරාධී විශ්වාසය කඩ කිරීමක් ද වේ.

පසුව හුආවෙයි සමාගම මෙම ක්‍රියාව සාධාරණීකරණය කර තිබුණේ එසේ සිදුකළ සේවකයන්ට චෝදනා කරමින් ඔවුන් පිට වරද පටවන වාර්තාවක් ප්‍රසිද්ධ කරමිනි.

එසේම ‘දුරකථන පරීක්ෂා කරන රොබෝ යන්ත්‍රයක්‘ ද හුආවෙයි සමාගම විසින් නිපදවා තිබිණි.

හුආවෙයි හි මෙම සදාචාර විරෝධී ව්‍යාපාර පරිචයන් හේතුවෙන් එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් ගණනාවක් විසින් එම උපාංග භාවිතය තහනම් කර ඇති අතර, ඔවුන්ගේ දුරකථන ජාල ද තහනම් කර තිබිණි. පසුගිය දිනවල වාර්තා වූයේ සුප්‍රසිද්ධ වොඩෆෝන් (Vodafone) සමාගම ද සිය ප්‍රධාන දුරකථන ජාල සඳහා හුආවෙයි උපකරණ යොදාගැනීම අත්හිටවූ බවයි. ජර්මනිය ප්‍රමුඛ යුරෝපා රටවල් 5G networks සඳහා හුආවෙයි උපකරණ යොදාගැනීමේ විශාල ව්‍යාපෘතියක් ද වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළේය.

HSBC බැංකුවේ සම්බන්ධය

ඇමරිකාව හුආවෙයි සමාගමේ වාණිජ පරිචයන් පිළිබඳ නීතිමය ගැටළු මතුකරමින් සිටියේ 2007 වසරේ මැද භාගයේ පටන් ය.

මේ සියලු තත්වයන් හමුවේ පසුගිය වසර තුළ හුආවෙයි සමාගමේ ස්මාට්ෆෝන් අලෙවිය ලොව පුරා 30%කින් පහළ බැස තිබේ. කෙසේ නමුත් සමාගම පසුගියදා පවසා තිබුණේ වසර 2020 වන විට තමන් සැම්සුන් සමාගම මිලදී ගැනීමට සැලසුම් කරන බවයි.

මේ අතර හුආවෙයි සමාගම විසින් විවාදාත්මක ගණුදෙනු ගණනාවක නිරත වී තිබෙන්නේ HSBC බැංකුව හරහා බව ද හෙළි වේ.

ට්‍රම්ප්ගේ වාණිජ යුද්ධයට බලපෑම

කැනඩාව විසින් හුආවෙයි සමාගමේ මූල්‍ය ප්‍රධානියා අත්අඩංගුවට ගනු ලබන්නේ ට්‍රම්ප් විසින් චීනයට එරෙහිව වාණිජ යුද්ධයක් ප්‍රකාශයට පත් කර තිබියදී ය. එනම් 2019 මාර්තු 1 වැනිදාට පෙර ය. එතැන් පටන් ඇමරිකාව විසින් චීන නිපැයුම් මත පනවන ඩොලර් බිලියන 200 ක බද්ද 10% සිට 25% දක්වා ඉහළ යාමට නියමිත ය.

මේ සිදුවීමත් සමග ට්‍රම්ප් සහ චීනය අතර පවතින ආරෝව උත්සන්න වූ නමුත් පසුගිය දිනවල දැකගත හැකි වූයේ එහි තත්වය වෙනස් වෙමින් පවතින බව ය. මේ අනුව හුආවෙයි සමාගමේ ප්‍රධානියා ට්‍රම්ප්ගේ වාණිජ ප්‍රතිපත්තියට ප්‍රශංසා කර තිබූ අතර, ඉන් පසුව ට්‍රම්ප් කියා තිබුණේ වෙළඳ යුද්ධය විසඳා ගැනීමට උදව්වක් වේ නම්, මෙන්ග්ගේ සිද්ධියට මැදිහත් වීමට තමන් ලැහැස්ති බව ය.

ඉන්පසුව ඇමරිකාවේ නීතිපති දෙපාර්තමේන්තුව, හුආවෙයි සමාගමට සහ එහි මූල්‍ය ප්‍රධානියාට විරුද්ධව වහාම අපරාධ නඩු ගොනු කර තිබේ!

පෙර ලිපිය – පාස්පෝට් 7 ක් පාවිච්චි කළ Huawei ප්‍රධානියා!

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

8 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

10 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

10 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

11 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

1 day ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

1 day ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago