මුල්ම මරණ දෙක වශයෙන් වාර්තා වූයේ උතුරු කැරොලිනාවේ විල්මින්ටන් හි මවක් සහ ඇගේ දරුවා ය. ඔවුන් පදිංචි ව සිටි නිවස මතට ගසක් කඩා වැටීම නිසා මෙය සිදුවී තිබිණි. පියා ද සිද්ධියෙන් තුවාළ ලැබූ නමුත් දිවි බේරාගත්තේය. Hurricane Florance
විල්මින්ටන් හිදී ෆ්ලෝරන්ස් හරිකේන් කුණාටුවේ වේගය පැයට කි.මී.169 ක් වූ බව සඳහන් ය.
පසුව ජෙනරේටරයක් විදුලි පේනුවකට සවි කරමින් සිටි පුද්ගලයෙක් ද මරණයට පත් වූ බව වාර්තා විය. තවත් කාන්තාවක් මරණයට පත් ව තිබෙන්නේ කුණාටුව හේතුවෙන් තුවාළ ලබා රෝහල වෙත ගෙන යන අතරවාරයේ හෘදයාබාධයක් වැළඳීම නිසා ය.
මුලින් පළමු ගණයේ හරිකේන් කුණාටුවක් ලෙස ඇමරිකාවට කඩා වැදුණු මෙය, පැය 4 ක කාලයක් ඇතුළත කලාපීය සුළි සුළඟක් බවට වේගය බාල විය. කෙසේ නමුත් මෙහි බලපෑම නිසා සති අන්තය පුරාම දැඩි වර්ෂාවක් අපේක්ෂිත ය.
ඇතැම් ස්ථානවලදී කුණාටුව, අඩි 10ක් තරම් උසට නැගුණු බව ද වාර්තා වේ. උතුරු කැරොලිනාවේ නෙයුස් ගංගාව කුණාටුව හේතුවෙන් පිටාර ගැලුවේය. කුණාටු තත්වය පහව ගිය ද, මිරිදිය වේගයෙන් ගලා ඒම නිසා දැඩි ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවට ද අනතුරු අඟවා ඇත.
ලක්ෂ අටකට ආසන්න විදුලිය බිඳ වැටීම් සංඛ්‍යාවක් ෆ්ලොරන්ස් හේතුවෙන් වාර්තා විය.
ජීවිත හානි මෙපමණ අඩු වීමට හේතුව ලෙස සැලකෙන්නේ මෙම ස්වභාවික විපත සඳහා කල් තබා සූදානම් වී සිටීමයි. මිලියනයකට ආසන්න පිරිසක් කුණාටුව කඩා වැදීමට පෙර ආරක්ෂිත ස්ථාන කරා යවා තිබිණි. උතුරු කැරොලිනාවේ අවතැන් වූ සංඛ්‍යාව 12000 ක් බව කියැවේ.
ඉදිරි පැය 48 ක පමණ කාලයක් යන තෙක් අවදානම පහව නොයන බවට ද අනතුරු අඟවා තිබේ.
පෙර ලිපිය:
‘ඔබට ලබාදුන් කාලය අවසන්’ – ෆ්ලොරන්ස් හරිකේන් කුණාටුව ඇමරිකාව පිසදා හැමීම ඇරඹෙයි
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…