මේ බව ප්‍රකාශ කරන්නේ තුර්කි ජනාධිපති තායිප් එර්දෝගන් විසිනි.
ජමාල් ඛෂෝගි ඝාතනයට අදාළ මෙම හඬපටය මේ වන විට තුර්කිය විසින් ඇමරිකා එක්සත් ජනපදයට සහ යුරෝපියානු නිලධාරීන්ට ලබාදී තිබේ.
‘‘ඇමරිකාව, ජර්මනිය, ප්‍රංශය, කැනඩාව.. මේ සියලු රටවලට මේ කතාව හොඳින් ඇසෙනවා. ‘‘මම කපන හැටි දන්නවා‘‘ යැයි එහිදී එක් පුද්ගලයෙක් පැහැදිලි හඬින් කියනවා. මේ පුද්ගලයා හමුදා සොල්දාදුවෙක්. මේ සියල්ල හඬපටවල අන්තර්ගතයි“ යැයි එර්දොගාන් ඉස්තාන්බුල් නුවරදී පැවසුවේය.
‘‘මට හුස්ම ගන්න බෑ“ යැයි ඛෂෝගි අවසන් වශයෙන් සිය ඝාතකයන්ට පැවසූ බව මේ අතර සීඑන්එන් පුවත් සේවය පවසයි. හඬ පටයේ සම්පූර්ණ පාඨය පරීක්ෂාවට ලක් කළ මූලාශ්‍රයකින් මේ බව ඔවුන් තහවුරු කරගෙන තිබේ.
තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටා තිබෙන සෞදි කොන්සල් කාර්යාලය තුළට ජමාල් ඛෂෝගි ගියේ, ඔහුගේ විවාහයට අදාළ ලිපි ලේඛන භාරදීම සඳහා ය. සෞදියේ ඔටුන්න හිමි, 33 හැවිරිදි මොහොම්මද් බින් සල්මන් කුමරු මෙම ඝාතනය පිටුපස සිටින බවට අන්තර්ජාතික ප්‍රජාව විසින් දැඩි සේ චෝදනා නැගුවද මේ දක්වා එය සනාථ වී නැත. තවද ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් ද සිදුකෙරී නැත.
කෙසේ නමුත් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි කුමරුගේ හිතවතෙකු වන බැවින්, ඇමරිකානු සෙනෙට් සභාව විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. මෙය ඉතා කලාතුරකින් සිදුවන්නකි.
මේ අතර තුර්කි නීතිපතිවරයා පවසා තිබෙන්නේ, ඛෂෝගි කොන්සල් කාර්යාලය තුළදී හුස්ම හිර කර මරා දැමූ බව සහ, පසුව ඔහුගේ සිරුර කඩකඩවලට කපා දැමුවේ යැයි සනාථ වී ඇති බව ය. ඔහුගේ එම සිරුරු කොටස් තවම හමුවී නැත. මේ අතර, මේ පිළිබඳ පළවන මතය වන්නේ එසේ ඛෂෝගි ගේ සිරුර කඩ කඩ වලට කපා දැමීමෙන් පසු ඇසිඩ්වල ගිල්වා දිය කර දමන්නට ඇති බවයි.
තුර්කිය මේ වන විට ඛෂෝගි ගේ මරණය සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණක් ඉල්ලා තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…