ඉරාන විදේශ කටයුතු අමාත්‍ය මොහමඩ් ජවාද් සරිෆ් මහතා පසුගිය අඟහරුවාදා (08) දින සෞදි අරාබිය වෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ රියාද් අගනුවර මනුශ්‍ය ඝාතන සිදුකිරීම නවත්වන්නේ නම් තම රාජ්‍යය කලාපීය ගැටළු සාකච්ඡා කිරීම සඳහා සූදානම් බවයි.
සෞදි වැසියන් ඉරානය සමඟ සාකච්ඡා පැවැත්වීමට කැමත්ත පළ කර තිබෙන වාතාවරණයක් තුළ දෙරට අතර කලාපීය ගැටළු සන්සුන්ව සාකච්ඡා කිරීම මිස මිනිසුන් මරා දැමීම විකල්පය නොවන බවටත්, එසේ විධිමත්ව සාකච්ඡා සඳහා සූදානම් වන්නේ නම් පමණක් තම ඉස්ලාමීය ජනරජයේ පූර්ණ සහය සෞදි අරාබියට හිමි වනු ඇති බවටත් ඒ මහතා තම නිවේදනය තුළින් අවධාරණය කර සිටියේය.
අනාදිමත් කලක පටන් ෂියා මුස්ලිම්වරුන් සහිත ඉරානය හා සුනි මුස්ලිම්වරුන් සහිත සවුදි අරාබිය අතර ගල්ෆ් කලාපයේ ගැටුම් හටගත් අතර, සිරියාව හා යෙමනය අතර පවතින සන්නද්ධ අරගලය පසුපස විවිධ කණ්ඩායම් වෙත පිටුබලය ලබාදෙමින් ක්‍රියා කළහ.
පසුගිය කාලසීමාවේ දී සෞදි අරාබියේ සෞදි අරම්කෝ තෙල් කම්හල් වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය හමුවේ ද චෝදනා ගොනුවී තිබෙනුයේ ඉරානය වෙත වන අතර, එම ප්‍රහාරයේ වගකීම ඉරාන පිටුබලය ලැබේ යැයි පැවසෙන යෙමනයේ හවුතිවරුන් භාරගෙන ද තිබිණි.
මීට මසකට ආසන්න කාලයකට ඉහත සෞදි තෙල් කම්හල් ප්‍රහාරයේ වගකීම භාරගත් යෙමනයේ හවුති දේශපාලන ව්‍යාපාරය ද නිවේදනය කොට තිබුණේ ගල්ෆ් අරගලය හමුවේ සෞදි අරාබිය තමා වෙත ප්‍රහාර එල්ල කිරීම නතර කරන්නේ නම් තම රාජ්‍යය ද ප්‍රහාර දියත් කිරීම නතර කරනා බවට යි. එහිදී හවුතිවරුන්ගේ මාධ්‍යප්‍රකාශකවරයකු සන්නද්ධ අරගල දියත් කිරීම තම ව්‍යාපාරයේ විශ්වාසය නොවන බවද ප්‍රකාශ කොට තිබිණි.
සෞදි තෙල් කම්හල් වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය හමුවේ ගෝලීය තෙල් මිලට ප්‍රභල බලපෑමක් ඇතිකිරීමට ද සමත් විය.
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.