මේ හපන්කම කරන්නේ ජපානයේ සිත්තර යුවතියක් විසින්. ඇය, පුංචි ගල් කැට, අතිශයින්ම ජීවමාන, බැලූ බැල්මට ඇත්තම කියා හිතෙන පුංචි සතුන් බවට පත් කරනවා. පුංචි කුරුල්ලන් විතරක් නෙවෙයි, සිංහයන් පවා අත්ල මත ගුලි කරගන්න පුළුවන් සුන්දර වස්තු බවට පත් කරන්නට මේ යුවතියට තිබෙන්නේ උපන් හපන් කමක්.
ඇගේ සියුම් ඇඟිලිතුඩු අගින් මැවෙන පින්සල් රටා නිසා බැලූ බැල්මට කිසිම කෙනෙකුට මේවා ගල් කැට කියල නම් නිකමටවත් කියන්න බැහැ.
ඇගේ නම අකී නකාතා. (Akie Nakata). ඇය මෙහෙම කියනවා.
‘‘මේ හැම පුංචි ගල් කැටයකටම එයාගෙම කතාවක් තියෙනවා!“
අකී මේ කලාව ඉගෙන ගත්තෙ තනිවමයි. දවසක් ගඟක ඉවුරක් දිගේ ඇවිදගෙන යද්දි ඇයට ගං ඉවුරෙ තියෙන පුංචි ගල් කැටයක් හාවෙක් වගේ දිස්වුණා කියල ඇය කියනවා. ඇය කොහොමත් පුංචි කාලෙ ඉඳන්ම විනෝදාංශයක් විදිහට පුංචි පුංචි ගල් කැට එක්රැස් කළ කෙනෙක්. ඉතින්, ඇත්තටම ඒ ගල් කැටය පුංචි හාවෙක් බවට පත්කළොත් කොයි තරම් හොඳද කියල ඇයට එකවරම හිතුණා. මුලින්ම ඒ වගේ නිර්මාණයක් ඇය කළේ 2011 අවුරුද්දෙයි. මේ වෙද්දි ඇය ගොඩක් දුර ගිහින්, ජාත්‍යන්තරයේ පවා කතා බහට ලක්වන චරිතයක් බවට පත්වී අවසන්.
‘‘ගල් කැටයක් මේ වගේ නිර්මාණයක් බවට පත් කරනව කියන්නෙ, මම කොයිතරම් සියුම් විදිහට ඒකෙ පින්සල් රටා මවනවද කියන එක නෙවෙයි, ඒ ගල් කැටය මගේ හිතේ ගැඹුරට – කොයි තරම් දුරට දැනෙනවද කියන එකයි.“
පුංචි සිත්තරී එහෙම කියනවා.
අකී මුලින්ම මේ ඕනෑම සතෙකුගේ දේහය පාට ගන්වනවා. ඇස් දෙක තමයි, අවසානයටම අඳින්නෙ. ඒකට ඇය විශේෂ අවධානයක් යොමු කරනවා.
මේ තියෙන්නෙ, අකී විසින් පණ පෙවූ ගල් කැට සම්භාරයෙන් පුංචිම පුංචි එකතුවක්.
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…