ලොව යන අත

‘‘අපෙ අම්මා උසයි – සුදුයි“- සරණාගත කඳවුරකින් ඇසෙන කිරි සිනා දෝංකාරය

“අපේ අම්මා උසයි… සුදුයි.. හරි ලස්සනයි.. අම්මා අපිට ගොඩක් ආදරය කළා.. අපිව හොඳට බලාගත්තා..”

“අපි අම්මගෙ මිනිය දැක්කා… ගුවන් හමුදාවෙන් අම්මට වෙඩි තිබ්බට පස්සෙ…”

කුඩා ප්‍රාණීන් පස් දෙනාට දැන් මේ කතාව දෑසේ කඳුළු රහිතව කිව හැකිව ඇත. වේදනාව නුහුරු දෙයක් නොවේ. ඉඳහිට ඇතිවන ඉකිබිඳුමක් නිසා පමණක් කතාව බිඳී යයි.

“අපේ තාත්ත මැරුණෙ බෝම්බයකින් ආව විෂ දුම වැදිලයි. විප්ලවය පටන් ගනිද්දිම..” කුඩා ප්‍රාණීන් කණ්ඩායම අතර සිටින කුඩා කොලුවා කතාවට ඉඳහිට පමණක් සම්බන්ධ වෙමින් අඩුවැඩිය එක් කරයි.

“අසාද් තමයි අපේ තාත්තව මැරුවෙ..!”

සටාරි සරණාගත කඳවුර ලෝකයේ දෙවැනුවට විශාලතම සරණාගත කඳවුරයි. 2011 වසරේ සිරියානු සිවිල් යුද්ධය පුපුරා යාමත් සමඟ 2012 ජූලි මාසයේදී ජොර්දානය, අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් මේ තාවකාලික කූඩාරම් බිම ඉදි කෙරිණි. සරණාගතයෝ එක්ලක්ෂ හතලිස් හතර දහසක් එහි වෙසෙති.

ජගත් සංවිධානයේ සහ බලවත් රාජ්‍යවල ආධාර උපකාර ලැබෙතත්, සටාරිය නඩත්තු කිරීමට එය ප්‍රමාණවත් නැත. අද වන විට ජෝර්දානය, සිය ජාතික ධනයට වැය බරක් වූ සටාරිය සලකන්නේ රටේ සිවුවැනි විශාලතම නගරය ලෙස ය. එහි කඩවීදි තිබේ. බදින ලද මස්, එළවළු, පළතුරු, ඇඳුම් පැලඳුම් සහ පාපන්දු පිටි ආදිය ද තිබේ. සැනසිල්ල හැර සෙසු සියල්ල මෙහි ඇත.

අපේ කතානායක දරුවන් කණ්ඩායම සටාරියට පැමිණි පසු කාරුණික ජෝර්දාන් කාන්තාවකගේ සෙවණ ඔවුන්ට ලැබිණි. ඇත්ත වශයෙන්ම ඇයට අවශ්‍ය වී තිබුණේ එම දරුවන්ගේ ඥාතීන් කිසිවෙක් ජීවතුන් අතරදැයි සොයාගැනීමට ය. එහෙත් එය සාර්ථක වූයේ නැත. කිසිවකු හට එම දරුවන් හඳුනාගැනීම ට පවා ඇවැසි නොවී ය. අනෙක් අතට, සරණාගත කඳවුරක් තුළ වෙසෙන සියල්ලන් ම අනාථයන් ය. එසේ තිබිය දී අනාථයන් දරුකම හදා ගැනීමට ඉදිරිපත් වන්නේ කවුද..?

දරුවන් අතරින් වැඩිමල් දැරිය දොළොස් හැවිරිදි හනීන් ය. ඇය සිය මවට වෙඩි තබන ආකාරය සියැසින් දැක තිබිණි. ජෝර්දානයට පැමිණි පසු පවා ඒ මතකයෙන් මිදෙන්නට ඇයට හැකි වූයේ නැත. අද පවා ඇයට රාත්‍රියට නින්දක් නැත. ඇගේ සොයුරු සොයුරියන්ට මෙහි පැමිණි පසු සිය ළමා කාලය ඉක්මනින් අහිමි වනු ඇත. මෙවැනි දරුවෝ බොහෝවිට ජීවිකාව ලෙස කුමක් හෝ දෙයක නිතර වීමට පෙලඹෙති. ඒ, වැඩි වශයෙන් ඔවුන්ට මෙහි කළ හැකි දෙයක් නැති නිසා ය. ඒ අතර ම, දවස ගෙවා ගැනීම සඳහා කුමන හෝ දෙයක් කළ යුතු ද වන නිසා ය. ඒ අනුව මේ දරුවන් ඉක්මනින්ම ‘පුංචි ගැහැණු සහ පිරිමි’ බවට පත්වනු ඇත.

සරණාගත කඳවුරේ වෙසෙන දැරියන් දෙදෙනෙක් Photo: ABC

කපිතාන් ඈන් ක්ලැරී, ප්‍රංශ ජාතික හමුදා මනෝ වෛද්‍යවරියකි. ඇය දැන් වසර දෙකක් තිස්සේ මේ සරණාගත කඳවුරේ සේවය කරයි. “මේ දරුවන්ගෙන් අති බහුතරය කාංසාවෙන් පීඩා විඳීනවා. කාංසාව සමඟ තවත් බොහෝ මානසික රෝගී තත්ත්වයන් ද මතුවෙන්නට පුළුවන්..” ඇය කියන්නීය.

“සමහර දරුවන් ශ්වසන පද්ධතියේ කිසිම ආබාධයක් නැතිවත් හුස්ම ගැනීමේ අපහසුතාවලින් පෙළෙනවා.. සමහර දරුවන් හිටිහැටියේ වෙවුලනවා. ඔවුන් නිතරම කියන්නේ තමන්ට හිසේ කැක්කුම බවයි.

“මේ ජීවිතය හරියට සිර දඬුවමක් වගෙයි..” සාටාරියා හි වෙසෙන ඇය පවසයි.

“සිරියාවට වඩා මෙහි දේශගුණය කටුකයි. කාන්තාර ප්‍රදේශයක කටුකම්බිවලින් වටවූ බිමක ජීවත් වීම ප්‍රසන්න අත්දැකීමක් නෙවෙයි..” මෙහි වෙසෙන සරණාගතයන් කිසිවකු හට බලධාරීන්ගේ අවසරයකින් තොරව කඳවුරෙන් පිටතට පය තැබීම තහනම් ය.

සාටාරි සරණාගත කඳවුර තුළ පිරිසුදු පානීය ජලයේ විශාල හිඟයක් තිබේ. ජල නළ පවා තිබෙන්නේ කිහිපයකි. එනිසාම ජලය වෙළඳාම් කරන්නන් ද බිහිව තිබේ.

‘සබ්රීන් වතුර සාප්පුව’ බිහිවූයේ ඒ අනුව ය. සිරියාවේ ගැටුම් බහුල දේරා නගරයේ පදිංචිකරුවකු වූ ඔහු අද කෑන් කර මුද්‍රා තබන ලද ජලය ගැලුම් වශයෙන් සරණාගතයන්ට විකුණයි. අම්මාන් අගනුවරින් ගෙන එන ලද ජලය පිරිසුදු කිරීමේ ටැංකි, නළ පද්ධතියක් සහ ශීතකරණ හැර අන් දෙයක් එහි නැති නමුත් ඔහුගේ ජලයට ඉල්ලූම අධික ය. සරණාගත කඳවුර තුළ ශීතකරණ නැති නිසා අයිස් විකිණීමේ ව්‍යාපාරයක් ද ඔහු විසින් පවත්වාගෙන යයි.

කෙදිනක හෝ තමන්ට මවුරට බලා යාමට හැකි වනු ඇතැයි මෙහි වෙසෙන සියල්ලෝම සිතති. එහෙත් වසර දෙකක අනවරත සිවිල් යුද්ධය, ඔවුන් ට පොරොන්දු දේශයක් ඉතිරි කරාවිද? ඔවුන් අදහන දෙවියන් වහන්සේ පවා එය නොදන්නවා විය යුතුය. ජෝර්දාන් කාන්තාරයට සෑම දිනක්ම එක වැනි ය. මැදියම් රැය සහ අලුයම අතර පරතරය පියවමින් ඉක්මනින් හිරු නැඟෙයි. එහෙත් මේ ජීවිතවලට කිසිදා හිරු පායාවිදැයි කිසිවකු දන්නේ නැත.

කියවන්න-

”මායා මෙර්හි” තුර්කියේදී තටු ලද සිරියානු සමනළිය
ලෝක ජනගහනයෙන් මිලියන 68ක් අවතැන්

Share

Recent Posts

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

9 hours ago

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

18 hours ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

1 day ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

1 day ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

1 day ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

1 day ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

2 days ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

2 days ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

3 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

3 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

3 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

3 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

3 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago