ක්‍රීඩා

චණ්ඩි මැද්දෙන් එන බොණ්ඩිගෙ පුතා

මේ තත්පරයේ ලෝකයෙ වැඩිම දෙනෙක්ගෙ අවධානයට පත් වූ දෙදෙනෙක් සිටිනවා.ඒ දෙන්නට තරම් මේ මොහොත වන විට ලෝකය ආදරය කරන්නෙ නැහැ වෙන කාටවත්.හැබැයි ඒ ආදරේ තව දින කිහිපයකට විතරයි.ඒ කියන්නෙ ලෝක කුසලානය නිමාවන විනාඩියට විතරයි.මේ දෙන්න නමින් ආර්ජෙන්ටිනාවේ ලයනල් මෙසී සහ ප්‍රංශයේ කිලියන් ම්බාපේ යි.

දෙදෙනා අතරින් ජ්‍යෙෂ්ඨයා මෙසී.නමුත් ආර්ජෙන්ටිනාවට අන්තිමට ලෝක කුසලාන ජයග්‍රහණයක් ලැබිලා තියෙන්නෙ මෙසී ඉපැදෙන්නත් අවුරුද්දකට ඉස්සර.මෙවර ලෝක කුසලාන තරගාවලියෙ මෙසී එක්ක කරට කර ඉන්න අල්වාරේස් මෙසී ට හම්බවෙන්නෙ ඔහුගෙ රසික කොළු ගැටයෙක් විදිහට.අද ඒ කොල්ලත් කර දඬු අස් වෙලා ඇවිත් ආර්ජෙන්ටිනාවට ලෝක කුසලානය දිනා දෙන්න මෙසී එක්ක හිට ගන්නකම් ලෝක කුසලානය දිනා ගන්න අවස්ථාවක් ආර්ජෙන්ටිනාවට උදා වෙලා නැහැ කියන්නෙ ආර්ජෙන්ටිනාව මේ හීනය කොයි කාලෙක ඉදන් දකින එකක්ද කියලා අමුතුවෙන් හිතන්න ඕනි නැහැනෙ.
මෙසී ට අවුරුදු 11 ට පස්සෙ උපදින ම්බාපෙ උපදින අවුරුද්දෙ තමයි පළමුවරට ප්‍රංශය ලෝක කුසලානයක් දිනන්නෙ.ම්බාපේට අවුරුදු 20 ක් වෙද්දි ප්‍රංශය දෙවන ලෝක කුසලානය දිනා ගන්නවා.වැඩේ කියන්නෙ ම්බාපෙ මෙසීට වඩා එතැනදි වාසනාවන්තයි.ඔහු ඒ කණ්ඩායමේ සාමාජිකයෙක්.එපමණක් නොවේ ඔහු තරගාවලිය නිමා කරන්නෙ හොඳම තරුණ ක්‍රීඩකයා ලෙස ලෝක ප්‍රකට වෙමින්.

මෙසී මධ්‍යම ආර්ජෙන්ටිනාවේ රොසාරියෝ, සැන්ටා ෆේ හි උපත ලබා ඇති අතර සිව් දෙනෙකුගෙන් යුතු පවුලක තෙවැන්නා සේ උපත ලබන මෙසීගේ පවුලේ පියා යකඩ කම්හලක කළමණාකාර තනතුරක් දරා ඇති අතර මව වැඩ කර ඇත්තේ කාන්දම් නිෂ්පාදන ආයතනයක සේවිකාවක හැටියට ය.ම්බාපේ ගේ තත්ත්වය ද එතරම් යහපත් ආර්ථික තත්ත්වයක් සහිත පවුලක හිමිකම් නොකිවත් ඔවුන් ක්‍රීඩාවට සම්බන්ධය.මෙසී ලෝකයම පාපන්දුවෙන් හඳුනාගෙන සිටියද ඔහු ලෝක සූරයෙක් නොවන අතර ම්බාපේ ලෝකයේ බහුතර පිරිසක් හඳුනාගන්නේ ලෝක සූරයෙක් හැටියටය.හෙට මෙසි තමන්ගේ දිගුකාලීන කීර්තියේ සහ හැකියාවේ උරුමයට අවශ්‍යය වන උරුමය දිනා ගන්නට සටන් කරන අතර ම්බාපේ දිනා ගත් දේ රැක ගැනීමට සටන් කරනු ඇත.
මෙහිදී සංජීව බටුවත්ත ප්‍රංශයේ වෙසෙන මාධ්‍යවේදියෙක් වන අතර ඔහු ක්‍රීඩා මාධ්‍ය කටයුතුවල විශේෂයෙන් නියැලෙන්නෙකි.2018 දී ම්බාපේ ලෝකය දිනා ගත් පළමු මොහොතේ ම්බාපේ දිනූ ගමට ගොස් සොයා ගත් තොරතුරු සහ ගත් ඡායාරූප සමඟ මේ සටහන ම්බාපේ විශේෂාංගයක් කරන්නට සිතුවේ ඔහු තවමත් මෙසී තරම්ම නොදන්නා,තවත් වසර ගණනක් ලෝක පාපන්දුවට බලපෑම් කරළ හැකි එළැඹෙන දෙසැම්බර් 20 වන දා අවුරුදු 24 ට සමීප වෙන තරුණ ක්‍රීඩකයෙකු බැවිනි.
බොන්ඩි යනුවෙන් අප හඳුන්වන්නේ යහපත් චර්යාවක් නැතයි සිතන ගැහැණියය.නැතිනම් එක සම්බන්ධයකින් නොනවතින ගැහැණියය.ම්බාපේ ගේ ගම ද හඳුන්වන්නේ එම නමින් ය.අද වන විට සිංහල වහරේ බොන්ඩිගේ පුතා කී විට කේන්තියට පත් වුව ද,ප්‍රංශයේ බොන්ඩි වැසියෝ සියල්ලෝම බොන්ඩි ගෙ (බොන්ඩිගේ ගමේ) පුතා යැයි ම්බාපේට කිම ගැන සිටින්නේ ආඩම්බරයෙන්ය.ඔවුන් සියලු දෙනා තම ගම ලොවට රැඟෙන යන්නට උපන් මේ පුතු ගැන දක්වන්නේ ගෞරවය මුසු සුවිශාල ආදරයක්ය.
පැරිසීයේ සුපිරි ජීවිතවලට මදක් ඈතින් උතුරු දෙසට වන්නට බොන්ඩි පිහිටා ඇත.තරමක චණ්ඩින් සිටින පහළ මධ්‍යම පාංතික පවුල් වැඩි පිරිසකට සෙවණ දෙන ගමක් වූ බොන්ඩි ධන කුවේරයන්ගේ පහසින් යුක්ත බිමක් නොවුණ ද අද වන විට ධන කුවේරයන් ද විරයෙක් සේ සළකන පුතෙක් උපන් බිමක්ය.අද නිතර ම්බාපේ බොන්ඩි හි නැතත් ඔහුගේ මිත්තණිය අතුළු ඥාතීහූ එහි වෙසෙති.වෘත්තිය පාපන්දු ජීවිතයේ අවශ්‍යයතාවය නිසා සිය දෙමව්පියන් සමඟ ම්බාපේ පැරිසියේ වැසුවද ඔහුගේ මතක සුවඳ තැවරුණු තැන් අදත් බොන්ඩි වැසියන් සිපගන්නේ බැතියෙන්ය.ආදරයෙන්ය.ඒ සුවඳ ඔස්සේ අනාගතය සුපිපි එකක් කරන්නට වෙහෙස නොබලා දුවන ගැටව් ගැටිස්සියන් දැන් බොන්ඩි හී පාපන්දු බිම්වල සුලභය.ඒ පිපෙන්නේ ම්බාපේ කෙනෙක්දැයි විමසිල්ලෙන් සිටින ප්‍රාදේශිය පාපන්දු පුහුණුකරුවන්ද,එසේ පිපෙන්නට ප්‍රාර්ථනා කරන පාපන්දුලෝලී දෙමව්පියන්ද අද බොන්ඩියට හිඟ නැත.

ම්බාපේ ගේ මව්පියන්
බොන්ඩි

විශේෂයෙන්ම 2018 වසරේදි ම්බාපේ ගේ කණ්ඩායමේ ස්ථානයද අර්බූදකාරි විය.ඩිඩියර් ඩෙස්චෑම්ප්ස් 1998 සිඩෑන්ගේ විප්ලවයට හවුල්වෙමින් පළමු ලෝක කුසලානය ප්‍රංශයට දිනා දුන් සමූහයේ සිටි ක්‍රීඩකයෙකි.ඔහු 2018 දී කණ්ඩායමට එන්නේ ආයෙත් 2018 ක සිහිනයක් ගැන බලාපොරොත්තු ඇති කරමින් වුව ත්,සිහිනයට අදාළ සුපෝෂිත පරිසරයක් තිබුණ බවක් නොපෙණින.ක්‍රීඩක වගකීමෙන් පුහුණුකරු තනතුරට මාරු වෙද්දීම ඔහු ක්‍රීඩක භූමිකාවේ දේ පසෙකින් තබා පුහුණුකරුවෙක් සේ ඊට අවංකවද,නිර්භීතවද බලා තීරණ ගත් අතර ඒ අනුව ඔහු ඇන්තනී මසෙල් සහ ඇලෙක්සැන්ඩර් ලකාෂෙට් වැනි ජ්‍යෙෂ්ඨයන් ඉවත් කර ම්බාපේ කණ්ඩායමට ගෙන ආවේය.ඉනික්බිති ඔහු පෙර පෙළෙ සුපිරිම ප්‍රංශ ප්‍රහාරකයා වෙමින් තරගාවලිය නිම කළේ ලෝක කුසලානයේ හොඳම තරුණ ක්‍රීඩකයා සේ සම්මානනීය වෙමින්ය.
ජයග්‍රහණයෙන් ඉනික්බිති ම්බාපේ දක්ෂතාවයට එහා ගිය ආදරයකින් බොන්ඩි සමඟ වෙළෙන්නට ගන්නේ ඔහුගේ හුස්මෙහි ඒ ගමට තියෙන ආදරය තිබෙන බව දැනෙන දේ ඔහු අතින් වූ බැවිනි. Stade de France පදනම් කරගෙන පිහිටුවා ඇති රෝහල් ගත සහ අබාධිත දරුවන් වෙනුවෙන් සරණ වන අරමුදලකට ලෝක කුසලානයෙන් ලැබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක මුදලක් ම්බාපේ පරිත්‍යාග කරන්නේය.අදද ඔහු රට වෙනුවෙන් ක්‍රීඩා කර ලබන වේතනය වැය වෙන්නේ ඒ අරමුදලටය.

” තමා මට හැම දෙයක්ම දුන්නේ මේ රට …ඉතින් රට නියෝජනය කරන්න මට පඩියක් එපා” ඔහුට එක ඡායාරූපයකට අනුග්‍රාහකයෙන්ගෙන් ලැබෙන මුදල සමහර විට මේ වේතනයට වඩා විශාල විය හැකිය.නමුත් රට වෙනුවෙන් දෙයක් දෙන්නට රටෙන් අය නොකිරීමේ ගුණාංගය ඒ සියලු මුදල්මය වටිනාකම්වලින් මිල නියම කළ නොහැකි වටිනාකමක්ය.
බොන්ඩි හී නිර්මාණයක් සේ ම්බාපේ ගැන පුරසාරම් කියන එහි නගරාධිපතිගේ සිට පශලම පුරවැසියා දක්වා මිනිස්සු අතර ඔහුගේ මුල් පුහුණුකරු වූ යුසුෆ් මොහොමඩ් ට දැනෙන හැඟීම වචනවලට ගත්තාට පපුවේ ඇති බවනම් අකුරුවලින් වචනවලින් කිරන්න බැරි බව සහතිකය.
“තාත්ත එක්ක ඔහු මේ පිට්ටනියට එනවා …හරිම ශක්තිමත් කොල්ල . ඔහුට මහන්සියක් දැනෙන්නෙම නෑ….ඔහු අපිට ආඩම්බරයක් ගෙනාව විතරක් නෙමේ මේ ගමේ පොඩි කොල්ලන්ට හොද ආදර්ශයක් ගෙනාවා”
යුසුෆ් ඔහු සොයා ගැනීමෙන් නොනැවතී ඔහු අලුත් පරම්පරාවකට බොන්ඩි හී අභිමානය රැඟෙන ප්‍රංශ ධජය යට පාපන්දු පිටියක සිට ගන්නට දිරිය දෙන්නෙක් වි සිටීම ගැන ද සිටින්නේ ඉහවහා ගිය සතුටකින්ය.

මුල් පුහුණුකරු යුසුෆ්


බොන්ඩි සුළු සුළු චණ්ඩිකම්වලට ප්‍රසිද්ධියක් උසුලන කළු පාට යම් තරමකට ගෑවුණ භූමියක් සේ නොව අද වන විට මේ කළු තරුණයා එ නම දැවන්ත සුදු ආලෝකයකින් පුරවා ඇත.දෛවය යනු හැකියාවේ විශ්මය ය.එය අවුලුවාලන්නට මුවහත් කරන්නට දරන කැපවීමය.වීරයෝ සේ ඔහු දිනෙක වැළඳගත් වීරයෝ හා සමානම වීරයෙක් ලෙස අද ලෝකයද ඔහුව එක පෙළට තබා ඇත.යුසුෆ් කියන හති නෙවැටෙන මේ දක්ෂයා ඇත්තටම හති නොබලා අරමුණට පිවිසීම වෙනුවෙන් කැපවීම දැක් වූ බව විශ්වාස කළ යුතුය.

පාපන්දු පුහුණුකරුවෙක් වූ කැමරුන් සිට සංක්‍රමණය වූ විල්ෆ්‍රඩ් සිය පුතා පාපන්දු තරුවක් කරන්නට කැප වූ අයුරෙන්ම ප්‍රංශ පළමු පෙළ තරගවලට ද හෑන්ඩ් බෝල් ක්‍රීඩාවෙන් සහභාගි වූ ඇල්ජිරීයානු සම්බළුයක් ඇති ම්බාපේගේ මව වූ ෆයිසා ද ඊට අකුල් නොහෙලුවාය.ක්‍රීඩාමය ජාන සංසේචනය වී නිර්මාණය වූ කළලයෙන් උපන් මේ ක්‍රීඩාමය හැකියාව ගැන මවිත වෙන්නට දේ තිබීම පුදුමයක්ම නොවිය හැකිය.හැබැයි තමන්ගේ ජාතියේ,ආගමේ සිට කුලය දක්වාම තවමත් ආවාහ විවාහවලදී සැළකිලිමත් වන අවර ගණයේ මිනිස් සිතුවිලි දත යුතු විද්‍යාත්මක සොයා ගැනීම්වලට අනුවනම් දෙයාකාරයක් ජානමය එකතුවක් නිර්මාණය කරන ඊ ළග පරපුර වඩාත් ශක්තිමත්ය.විද්‍යාත්මක වූ ඒ ඇත්ත ඔස්සේ ද ගත් විට ම්බාපේ විද්‍යාවද ඇත්ත කර ඇත.
අවුරුදු 14 ක ගැටයෙක් ඒ වනත් විට ලෝකයේ සුපිරිතමයෙක් වූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමඟ ඡායාරූපයකට පෙනී සිටියේ ඉහවහා ගිය ප්‍රීතියෙන්ය.ඒ අති දක්ෂ රොනාල්ඩෝ මෙන් වෙන්නට සිහින මවමින්ය.අද එය ඇත්ත වී ඇත.ලෝක කුසලාන ඉතිහාසයේ රොනාල්ඩෝට ලබන්නට නොහැකි වූ ජයග්‍රහණ ලියා ගෙන ඇත. වසර 10 ක් ගෙවෙන තැන ලෝකයට කොච්චර වෙනස් වෙන්න පුළුවන්ද?අද ම්බාපේ සිටින තැන සහ වසර 10 පෙර ඔහු රොනාල්ඩෝ සමඟ සිටින ඡායාරූපය එය ඔබට සිතන්නට පාර කියනවා ඇත.

රොනාල්ඩෝ ගැන සිහින මවන ම්බාපාගේ ගැටවර විය.
රොනාල්ඩෝ සමඟ අවුරුදු 14 දි

ඡායාරූපය දෙස බලන්න,දිගටම බලා නො’ඉඳ එය අර්ථවත්ව වටහාගන්න.කැපවෙන්න,නොසැලෙන්න. ම්බාපේලා ට තවත් මේ ලෝක ගැබ තුළ ඉපදෙන්නට ඉඩ ඇත.මුසුව තනිව යෙදීමකට වඩා රසවත්ය.කැමරුන් ඇල්ජීරියානු මුසුව කියන ඒ විද්‍යාත්මක ඇත්තද හිතට ගෙන ආදරය පළල් විෂයක් කරගන්න.
(බොන්ඩි හී ගත් ඡායාරූප සංජීව බටුවත්තගෙනි.)

RM

Share

Recent Posts

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

4 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

6 hours ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

6 hours ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

7 hours ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

8 hours ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

12 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

1 day ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

1 day ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago