හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදය සාක්ෂාත් කරගැනීමේ අරගලය හමුවේ නිර්මාණය කර තිබූ විචිත්‍රවත් ලෙනන් බිත්ති සටහන් ගලවා දමන පිරිසක් පිළිබඳ වාර්තා වේ.
චීන-හිතවාදී පුද්ගල කණ්ඩායම් විසින් අද (21) දින හොංකොං හි ලෙනන් බිත්ති වලට හානි පමුණුවන අන්දම සටහන් වී තිබිණි. මෙමඟින් පසුගිය මාස ගණානාවක පටන් හටගෙන තිබූ හොංකොං-බීජිං අර්බුදය තවත් උත්සන්න වී ඇති බවට වාර්තා වේ.
චීනයේ ක්‍රියාකලාපය මත හොංකොංහි මතුව ඇති ප්‍රජාතන්ත්‍රවාදී අර්බුදය හමුවේ විරෝධතාකරුවන් විසින් මෙම ලෙනන් බිත්තිය යොදාගනු ලැබුවේ මහජන ප්‍රදර්ශනය සඳහා විචිත්‍රවත් අන්දමින් විවිධ පණිවුඩ සටහන් ඇලවීම පිණිස ය. කෙසේ වෙතත් අද දින උදෑසන වන විට හොංකොංහි ආසියානු මූල්‍ය මධ්‍යස්ථානය හරහා, බස් නැවතුම් පොළවල් සහ සාප්පු මධ්‍යස්ථානවල, අඩි පාලම් සහ පදික වේදිකා දක්වා දිවෙන මෙම විචිත්‍රවත් විරෝධතා සටහන් බීජිං-හිතවාදී කණ්ඩායම් විසින් ඉරා දමා විනාශ කර දමන අන්දම දක්නට ලැබිණි.
1980 දශකයේ හටගත් කොමියුනිස්ට් පාලන තන්ත්‍රය හමුවේ ජනතාවගේ දුක්ගැනවිලි හා සුප්‍රසිද්ධ බීට්ල්ස් සංගීත කණ්ඩායමේ සාමාජික ජෝන් ලෙනන් ගේ පදරචන වලින් මෙම බිත්තිය සැරසූ නිසා ලෙනන් බිත්තිය යන නාමය පටබැඳිණි.
ආන්දෝලනාත්මක උත්දර්පණ පනත හමුවේ හොංකොං ප්‍රදේශවාසීන් නඩු සඳහා චීනයට පිටත් කිරීමට එරෙහිව පසුගිය ජූනි මස පටන් හොංකොං හි ලක්ෂ සංඛ්‍යාත ජනයා වීදි බැස විරෝධතා වල නිරත විය. එතැන් පටන් ජාත්‍යන්තර සහය පතන මට්ටම දක්වා මෙම විරෝධතා උත්සන්න වී තිබිණි.
බීජිං ව්‍යවස්ථාදායක ජුනියස් හෝ විසින් තම සගයන් හට මෙම ලෙනන් බිත්ති සටහන් ඉවත් කර දමන ලෙසට උපදෙස් ලබා දුන් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත්, ජූනියස් හෝ තම නිල ෆේස්බුක් පිටුවේ පසුගිය සිකුරාදා (20) දින ප්‍රකාශ කර සිටියේ හොංකොං හි සාමය, ආරක්ෂාව හා පවිත්‍රතාවය රැක ගැනීමට වීදි පිරිසිදු කරනා බවත්, එහෙත් ලෙනන් සටහන් ඉවත් නොකරනා බවත් ය.
මීට අමතරව, පසුගිය දිනක හොංකොං හි මොනොරේල් දුම්රියපළවල් (MRT) වලට ද අලාභ හානි පමුණුවා තිබෙන අයුරු දක්නට ලැබිණි.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…