අරුම පුදුම

මිනිස් මුත්‍රාවලින් ගඩොලක්

ජෛව ගඩොල් යනුවෙන් නම් කර ඇති මේ ගඩොල් විශේෂය සැකසීම සඳහා මිනිස් මුත්‍රාවලට අමතරව වැලි සහ බැක්ටීරියා යොදාගෙන ඇත. liquid-gold-students-make-worlds-first-brick-out-of-human-urine

ගඩොලට භාවිත කර තිබෙන්නේ පිරිමින්ගේ මුත්‍රා ය. එම මුත්‍රා විශේෂිත ආකාරයකට සකසා ගත් බව සඳහන් වේ. ගඩොල නිපදවීමට අවශ්‍යය අමුද්‍රව්‍යය අච්චුව තුළ බහා එම අච්චුව කාමර උෂ්ණත්වයේ තැබීම පමණක් සෑහෙන බව පැවසේ. සම්ප්‍රදායික ගඩොල් තැනීමේදී මෙන් පෝරණුවක දමා ගඩොල් පුළුස්සා ගැනීමක් මෙහිදී සිදු නොවේ. ජෛව ගඩොල සැකසීමේ ක්‍රියාවලියේදී නයිට්‍රජන් සහ පොටෑසියම් අතුරු නිෂ්පාදන හැටියට ලැබෙන බවත් පර්යේෂකයෝ පවසති.

Researchers said the chemical process that makes bio-bricks is similar to the process that produces seashells.
Robyn Walker University of Cape Town

ගඩොල නිර්මාණය කර තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකි. ඔවුන්ගේ පර්යේෂණයේ අධීක්ෂකවරයා හැටියට කටයුතු කළ ආචාර්ය ඩිලෝන් රැන්ඩල් පවසන්නේ ජෛව ගඩොල් නිෂ්පාදනයේදී අපද්‍රව්‍ය ලෙස බැහැර කෙරෙන ද්‍රව්‍යය ගෙන තවත් දේ නිෂ්පාදනය කිරීමට යොමුවිය හැකි බවකි.

ඇමෙරිකාවේ විද්වතුන් ද මිනිස් මුත්‍රා භාවිත කර ගඩොල් සැකසීම මෙයට පෙර අත්හදා බලා ඇති බව සඳහන් වේ. එසේ වුවත් එවැන්නක් සාර්ථක කර ගන්නට සමත් වුණේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් විශ්වවිද්‍යාලයේ මෙම විද්වතුන් පිරිස පමණි.

ජෛව ගඩොල් සකසා ගැනීමට ප්‍රයෝජනයට ගන්නේ මයික්‍රෝබයල් කාබනේට් අවක්ෂේපය ඇති කරගැනීමේ ක්‍රමවේදය බව රැන්ඩල් පවසයි. එය, මුහුදු බෙල්ලන් ඇතිවීමේදී ස්වභාවයෙන්ම සිදුවන ක්‍රියාවලියට සමානම ක්‍රියාවලියක් යැයි පැවසේ. යුරිනේස් නමැති එන්සයිමය ඇතිකරන බැක්ටීරියා වැලිවල ඇත. එම වැලි, මුත්‍රා සමඟ මිශ්‍ර කළවිට මුත්‍රාවල ඇති යූරියා බිඳ හෙලීමක් සිදු වේ. එමඟින් කැල්සියම් කාබනේට් ඇති වේ. කැල්සියම් කාබනේට් වැලි මත ක්‍රියා කරන්නේ සිමෙන්ති මෙනි. වැලි අංශු එකට බැඳී හැඩයක් ඇති කෙරෙන්නේ එමඟිනි.

අප දැනට පාවිච්චියට ගන්නා සාමන්‍යය ගඩොල් සෙන්ටිග්‍රේඩ් අංශක 1,400ක පමණ උෂ්ණත්වයක් සහිත පොරණුවල බහා පුළුස්සා ගත යුතුය. එවැනි පිළිස්සීමක් කරන විට විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කෙරේ. එහෙත් ජෛව ගඩොල් තනන්නට තාප ශක්තිය ලබාදීමක් කොහෙත්ම අවශ්‍යය නැත. ඉතා ශක්තිමත් ගඩොල් තනා ගැනීමට නම් බැක්ටීරියා සුළු ප්‍රමාණයක් යෙදීම ප්‍රමාණවත් බව ආචාර්ය රැන්ඩල්ගේ අදහසයි.

පොහොර නිෂ්පාදනය සඳහා මුත්‍රා එකතු කරගැනීමේදී භාවිතයට ගැනෙන මුත්‍රා කුටි ප්‍රයෝජනයට ගනිමින් මුත්‍රා එකතු කරගත හැකි බව පර්යේෂකයෝ පවසති. පොහොර නිෂ්පාදනයට යොදා ගැනීමෙන් පසු බැහැර කෙරෙන මුත්‍රා, ජෛව ගඩොල් තැනීමට භාවිතයට ගත හැකි යැයි කියාත් පර්යේෂකයෝ සඳහන් කරති.

ආචාර්ය රැන්ඩල්, මිනිස් මුත්‍රා හඳුන්වන්නේ “රන් දියරය” වශයෙනි. ජලය, නයිට්‍රජන්, පොස්පරස් සහ පොටෑසියම් අඩංගුව තිබීම නිසා මිනිස් මුත්‍රා නොයෙකුත් දෑ නිෂ්පාදනයේදී අමුද්‍රව්‍යයක් හැටියට යොදාගත හැකිවීම එලෙස හැඳින්වීමට හේතු වී ඇත.

Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

7 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

8 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

22 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago