එසැණ පුවත්

අවුන් සාන් සූකී ට වසර 4 කට සිර දඬුවම්!

මේ, පෙබරවාරි මස ක්‍රියාත්මක වූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු ඇයට එරෙහිව පවරා තිබෙන නඩු ගණනාව අතරින් පළමුවැනි නඩුවේ තීන්දුවයි.

මේ අතරින් මෙම තීන්දුව අදාළ වන්නේ, COVID-19 රෙගුලාසි කඩ කිරීම සහ රාජ්‍ය විරෝධී ක්‍රියාවන් උසිගැන්වීම යන චෝදනාවලට ය. මෙම චෝදනා දෙක සඳහා වසර 2 බැගින් සිර දඬුවම් නියම කර තිබේ.

නැයිපියිඩෝ හිදී සිදුවූ මෙම අධිකරණ කටයුතු මාධ්‍ය සඳහා තහනම් කර තිබිණි.

මේ අතර, සුකී ගේ නීතීඥවරුන්ට ද මාධ්‍ය සහ මහජනතාව වෙත අදහස් පළ කිරීම හමුදාව විසින් තහනම් කර තිබේ.

සුකී විසින් අධිකරණයේදී මෙම චෝදනා දෙකම ප්‍රතික්ෂේප කර ඇත.

බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් මියැන්මාරය ගළවාගත් වීරයෙකුගේ දියණිය වන සුකී දීර්ඝ කාලයක් මියැන්මාර හමුදාව විසින් නිවාස අඩස්සියේ තබා තිබිණි. 2010 වසරේදී ඇය නිවාස අඩස්සියෙන් මිදුණු අතර, ඇය නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය 2015 මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබාගත්තේය.

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලද, කලක් ‘බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකාව‘ ලෙස හැඳින්වූ සුකී, සිය රට තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද මහත් අපකීර්තියට පත් වූයේ මියැන්මාරයේ රොහින්ග්යා සංහාරයත් සමග ය. එහිදී ඇය ප්‍රමාණවත් මැදිහත් වීමක් නොකළ බවට චෝදනා නැගිණි. මේ අතර 2020 නොවැම්බරයේ පැවති මහ මැතිවරණයෙන්ද සුකීගේ NLD පක්ෂය ජයගත් නමුත්, මහමැතිවරණය දූෂිත එකක් බව පැවසූ මියැන්මාර හමුදාව සති කිහිපයක් ඇතුළත බලය පැහැර ගත්තේය. ඒ, පෙබරවාරි 1 දා සිදුවූ හමුදා කුමන්ත්‍රණයත් සමගිනි.

මේ වන විට මියැන්මාර හමුදාව විසින් ඇයව ‘නැත්තටම නැති කර දැමීමේ‘ මෙහෙයුමක යෙදී සිටින්නේද යන සැකය මතු වේ. තවද සුකී මියැන්මාරයේ නායිකාව ලෙස කටයුතු කරන විට ද හමුදාවේ බලපෑමෙන් මිදී ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාවක් ඇයට තිබිණිද යන්න ගැටළු සහගත වේ.

සුකීගෙන් පසු මියැන්මාරය

YANGON, MYANMAR – MARCH 02: An anti-coup protester holds up a placard featuring de-facto leader Aung San Suu Kyi on March 02, 2021 in Yangon, Myanmar. (Photo by Hkun Lat/Getty Images)

පෙබරවාරි 1 හමුදා කුමන්ත්‍රණයෙන් පසුව මියැන්මාරය තිබුණාටත් වඩා අවුල් සහගත වූ බව දේශපාලන විචාරකයන්ගේ මතයයි. රට විරෝධතාවලින් අඩපණ වූ අතර, විරුද්ධවාදී මත දරන්නන් වෙත එල්ල වූ නිරන්තර හමුදා ප්‍රහාරවලින් විශාල අස්ථාවරභාවයක් ද රට තුළ නිර්මාණය විය. මියැන්මාරයේ ආරක්ෂක හමුදාව විසින් සිදුකරන ඝාතන පිළිබඳ තොරතුරු එක්රැස් කරන Assistance Association for Political Prisoners (AAPP) ට අනුව මේ දක්වා පුද්ගලයන් 1,303 දෙනෙකු හමුදාව විසින් ඝාතනය කර තිබේ. තවද දේශපාලන විරුද්ධවාදීන් අවම වශයෙන් 354 දෙනෙක් එක්කෝ බන්ධනාගාර ගත කර, එසේත් නැතිනම් මරා දමා තිබේ. පසුගිය ඔක්තෝබරයේදී වසර 20 ක සිර දඬුවමක් සඳහා බන්ධනාගාර ගත කළ අවුන් සාන් සුකීගේ දේශපාලන ආධාරකරුවෙකු වූ වින් හ්ටෙයින් ද මෙම පිරිසට අයත් ය.

සුකීට සිර දඬුවම් නියම කිරීමත් සමග නැවත වරක් ඇය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව හඬ නගන ආකාරය ද මේ වන විට පෙනෙන්නට තිබේ. අද දිනයේ එක්සත් රාජධානිය පවසා තිබෙන්නේ, හිටපු නායිකාවට ලබාදුන් දඬුවම, ‘මියැන්මාර හමුදා රෙජීමය විසින් විපක්ෂය මර්දනය කිරීමට සහ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කිරීමට ගන්නා ලද තවත් පියවරක්‘ වන බවයි. දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙසත්, රට නැවත ප්‍රජාතන්ත්‍රවාදය කරා රැගෙන යන ලෙසත්, එක්සත් රාජධානිය මියැන්මාරයෙන් ඉල්ලා සිටියි.

සුකී වෙනුවෙන් ලෝකය නැවතත් එක් වෙයි

Fortify Rights group, ASEAN Parliamentarians for Human Rights (APHR), The regional Association for Southeast Asian Nations (ASEAN) වැනි ජාත්‍යන්තර හා කලාපීය මානව හිමිකම් සංවිධාන රැසක් ද සුකී ව වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටියි.

ඇම්නේස්ටි ඉන්ටනැෂනල් හෙවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ සුකී ට එරෙහිව ගෙන ආ ව්‍යාජ චෝදනා, විපක්ෂය මුලිනුපුටා දමා මියැන්මාර නිදහසේ හුස්ම හිර කරන්නට හමුදාව විසින් ගත් නවතම උත්සාහය බවයි.

Share

Recent Posts

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

45 mins ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

22 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

1 day ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

1 day ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

1 day ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago