කාලීන

බ්‍රිතාන්‍යයේ ‘දූෂිත ප්‍රභූන්ගේ මුදල් නෝට්ටුව‘ මෙවර සරසන්නේ කවුද?

මහ නූතන පරිගණක විද්‍යාවේ පියා ලෙස සලකන, සමකාමියෙකු වීමේ වරදට සමාජය විසින් සයනයිඩ් කා මියයාමට සැලැස්වූ ඇලන් ටියුරින් මේ ලැයිස්තුවේ ඉහළින්ම සිටියි.

ඇලන් ටියුරින්

මෙවර මේ සඳහා නාමයෝජනා 174,112 ක් ලැබී ඇති අතර, එයින් නම් 114,000 ක් ඒ සඳහා සුදුසුකම් ලබා සිටිති. එම සුදුසුකම් වන්නේ සැබවින්ම සිටි, එහෙත් දැනට ජීවතුන් අතර නැති, එක්සත් රාජධානියේ විද්‍යා ක්ෂේත්‍රය කෙරෙහි සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇති අයෙක් වීමයි .

මෙවර සුදුසුකම් ලැබූ ලැයිස්තුවේ සිටින අය අතරින් කාන්තාවන් මෙන් තුන් ගුණයක් පිරිමි අය වෙති.

මෙවර ලැයිස්තුවට මාග්‍රට් තැචර් එක් වී සිටීමත් විශේෂත්වයකි. ඇය බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරියක ලෙස ලෝකය දනිතත්, ඇත්ත වශයෙන්ම ඇය දේශපාලනයට පිවිසීමට පෙර විද්‍යාඥවරියකි. ඇය ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් රසායන විද්‍යාව හදාරා වෙස්ට් ලන්ඩනයේ ජේ.ලියොන්ස් ඇන්ඩ් කෝපරේෂන් හි ආහාර පර්යේෂණ රසායන විද්‍යාඥවරියක ලෙස මහත් කීර්තියක් ඉසුළූ අයෙකි. එහිදී ඇය කේක් සහ අයිස්ක්‍රීම් පිරවුම් වල ගුණාත්මක බව ගැන වැදගත් පර්යේෂණ රැසක් සිදුකර තිබේ. ඇතැමුන් පවසන ආකාරයට ලියොන් සමාගම විසින් වෙළඳපොළට ඉදිරිපත් කළ සොෆ්ට් අයිස්ක්‍රීම්වල නිර්මාතෘවරිය වන්නේ ද ඇයයි. කෙසේ නමුත් මේ බව නිල වශයෙන් සනාථ වී නැතැයි රාජකීය සමාජයේ ජර්නලයක් සඳහන් කරයි.

මාග්‍රට් තැචර් විද්‍යාඥවරියක ලෙස..

පහත දැක්වෙන්නේ ඇලන් ටියුරින් සහ මාග්‍රට් තැචර් හැරුණු විට නව නෝට්ටුවේ රුව සැරසීමට සුදුසුකම් ලබාසිටින සෙසු විද්‍යාඥයන් අතරින් ඔබ දන්නා හඳුනන කිහිප දෙනෙකි.

  • දුරකථනය සොයාගත් ඇලෙක්සැන්ඩර් ග්‍රහෑම් බෙල්
  • අජටාකාශ ගාමී පැට්‍රික් මුවර්
  • කළු කුහර විශේෂඥයා ස්ටීවන් හෝකින්
  • පෙනිසිලින් සොයාගත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්
  • නූතන වසංගතවේදයේ පියා ජෝන් ස්නෝ
  • පොසිල විද්‍යාඥ මරී ඇනින්ග්
  • DNA අණුව වටහා ගැනීමට මහත් මෙහෙයක් කළ රොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලින්

දැනට පවතින තත්වය අනුව මහා බ්‍රිතාන්‍යයේ අලුත් පවුම් 50 නෝට්ටුවේ රුව සැරසීමට මේ අය අතරින් වැඩිම ඉඩක් තිබෙන්නේ ස්ටීවන් හෝකින්ස් වෙත ය. නොබෙල් සම්මානලාභී රසායන විද්‍යාඥ ඩොරති හොජ්කින්, ඇලන් ටියුරින්, ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්, රොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලින් ද මේ තරගයේ ඉදිරියෙන්ම සිටිති.

මේ අතර, මේ සඳහා දෙසැම්බර් 14 වැනිදා වන තෙක්ම නාමයෝජනා කැඳවීම අවසන් නොවේ.

අවසන් තීරණය දෙනු ලබන්නේ එංගලන්ත මහ බැංකුවේ ‘බැංකු නෝට්ටු උපදේශන කමිටුව‘ විසිනි.

කෙසේ නමුත් මෙම තේරීම් පටිපාටියේ නිර්ණායකයක් ලෙසට බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී විද්‍යාවට විශාල මෙහෙයක් සිදුකළ අය අන්තර්ගත නොවීම මේ වන විට විවේචනයට ලක් වී තිබේ. වාර්ගික සුළුතරයන් ද නොසලකා හැරි ඇති බවට චෝදනා නැගේ.

මේ වන විට බ්‍රිතාන්‍යයේ භාවිතා වන්නේ 2011 වසරේ නිකුත් කරන ලද පවුම් 50 නෝට්ටුවයි. එම නෝට්ටුව සැරසෙන්නේ වාෂ්ප එන්ජිමේ නියමුවන් වන ජේම්ස් වොට් සහ මැතිව් බූල්ටන් විසිනි.

එම පවුම් 50 නෝට්ටු මිලියන 330 ක් මේ වන විට මහා බ්‍රිතාන්‍යය තුළ සංසරණය වෙමින් තිබේ. ඒවායේ සංකලිත වටිනාකම පවුම් බිලියන 16.5කි.

කෙසේ නමුත් පසුගිය දිනවල අසන්නට ලැබුණේ බ්‍රිතාන්‍යය තුළ අපරාධකරුවන් විසින් මෙම නෝට්ටුව බහුල වශයෙන් භාවිතා කරන බවයි.

පවුම් 50 නෝට්ටුව ‘දූෂිත ප්‍රභූන්ගේ මුදල් ඒකකය‘ වශයෙන් ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවේ හිටපු ප්‍රධාන විධායක පීටර් සෑන්ඩ්ස් විසින් වරෙක හඳුන්වා දී තිබේ. එයට හේතුව ඉහළ පැළැන්තිය විසින් මෙය සියලුම ආකාරවල අපරාධ සහ බදු පැහැරහැරීම් සඳහා යොදාගෙන තිබීමයි.

එනිසා පවුම් 50 නෝට්ටුව භාවිතයෙන් ඉවත් කළ යුතුද යන්න පිළිබඳ පවා විශාල සංවාදයක් ගොඩ නැගී තිබිණි.

කෙසේ නමුත් පසුගිය ඔක්තෝබරයේ නිවේදනය කෙරුණේ හොර නෝට්ටු මුද්‍රණය කිරීම අපහසු වන පරිදි වඩාත් ආරක්ෂිත ලෙස ප්ලාස්ටික්වලින් නැවතත් පවුම් 50 නෝට්ටුව මුද්‍රණය කරන බවයි.

පවුම් 50 නෝට්ටුවේ වටිනාකම, ලංකාවේ මුදලින් රුපියල් 11,500 ක් පමණ වේ.

Share

Recent Posts

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

4 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

1 day ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

1 day ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

1 day ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

1 day ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago