එසැණ පුවත්

‘වර්චුවල් සිම්‘ eSIM එක සමග නවතම ඇපල් අයිෆෝනය iPhone XS අද දොරට වඩියි.

ඇපල් සමාගම විසින් සිය අලුත් අයිෆෝන් මාදිලියක් හඳුන්වා දෙන හැමවිටම ලෝකය නොසිතූ අපූර්වතම දෙයක් සිදු වෙයි. iPhone XS අලුත්ම ඇපල් අයිෆෝන් උපාංගය ද එසේ ය. එහි නවතම අංග බවට පත් ව තිබනේනේ වර්චුවල් සිම් එක, අප්ග්‍රේඩ් කිරීම් ඉතාම පහසු වීම සහ ඩේටා නොසෑහෙන්නට ඉතිරි වීමයි.

බොහෝ අය හඳුන්වා දෙන්නේ අද දිනයේ දොරට වඩින නවතම උපාංගය, මීළඟ පරපුරේ ඇපල් අයිෆෝනය ලෙස ය.

මෙමගින් ඇපල් සමාගම eSIM හෙවත් virtual SIM සංකල්පය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කරවයි. ‍eSIM යනුවෙන් අදහස් වන්නේ ඉලෙක්ට්‍රොනික සිම් කාඩ්පතයි.

සාමාන්‍යයෙන් අප මෙතෙක් භාවිතා කළ සිම් කාඩ් පත, ජංගම දුරකථනයට manually දමාගත යුතු කුඩා චිපයකි. බොහෝ ජංගම දුරකථන පරිශීලකයන් මෙම සිම් මාරු කිරීමේදී හෝ සිම් එකක් මොබයිල් ෆෝනයට දමා ගැනීමේදී ප්‍රායෝගික දුෂ්කරතාවලට මුහුණ දෙන බව නොරහසකි. බොහෝ දෙනෙකුට එය ප්‍රසන්න අත්දැකීමක් නොවේ. ඇමරිකාවේදී වුවත් මෙය සිදුකර ගැනීමට ඔබ විසින් සිම් අලෙවි කරන ස්ථානයක් වෙත ගොස් එය තමන් විසින්ම සිදුකර ගැනීමට අවශ්‍ය වේ. නමුත් eSIM එක virtual අත්දැකීමකි. එනම්, මෙහිදී ජංගම දුරකථන සේවා ජාලය වෙනස් කිරීමට එය අලුතෙන් දමාගැනීම අවශ්‍ය නොවේ. කළ යුතු වන්නේ ඇපල් අයිෆෝනයේ settings වෙනස් කිරීම පමණයි.

BBC

ඇපල් සමාගමේ මෙම නවතම ප්‍රවණතාවය මගින් ජංගම දුරකථන ජාල අතර ද තියුණු තරගයක් ඇති කර තිබේ. උදාහරණයක් වශයෙන් එක් සේවා ජාලයක සිට තවත් සේවා ජාලයකට මාරු වීමේදී අවම වශයෙන් පැය කිහිපයක කාලයක් ඒ සඳහා ගත වේ. මේ අනුව මෙම කාලය කපා හැරීම සඳහා ද නවතම ඇපල් eSIM ප්‍රවණතාවය මගින් බලපෑමක් සිදුකරනු ලබයි. මෙම ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති බොහෝ අය පවසන්නේ මෙම නවතම ප්‍රවණතාවය මගින් ක්ෂේත්‍රයේ අලුත් රැල්ලක් ඇති කිරීමට සමත් වන බවයි. එසේම eSIM සංකල්පය තුළ  manual සිම් කාඩ්පතක් නිපදවීමේදී දැරිය යුතු වන භෞතික පිරිවැය ද සම්පූර්ණයෙන්ම පාහේ කපා හැරීමක් සිදු වේ.

සුප්‍රසිද්ධ Forbes සඟරාව මෙය හඳුන්වා දී තිබෙන්නේ ‘රැඩිකල් අයිෆෝනයක්‘ ලෙස ය.

එහි මිල ඩොලර් 999 කි.  XS සහ XS Max යන ප්‍රභේද දෙකෙන් නවතම මාදිලිය අද දිනයේ හඳුන්වාදීමට නියමිත ය.

ඇපල් අයිෆෝන් රසිකයන් මේ වන විට නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ලෝකයේ නවතම ජංගම දුරකථන තාක්ෂණය සිය ජීවිතයට එක් කර ගන්නට ය.

Share

Recent Posts

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

11 hours ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

11 hours ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

15 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

19 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

19 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

20 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

1 day ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

2 days ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

2 days ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

2 days ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

2 days ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

2 days ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 days ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

2 days ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

2 days ago