මෙය සිදු කර තිබෙන්නේ ඔස්ට්‍රේලියානු දේශසීමා බලධාරීන් විසිනි.
ඒ, ඉරිදා දිනයේ එනම් හෙට, ඔහුගේ වීසා ප්‍රතික්ෂේප කිරීමට අදාළ අභියාචනාව විභාගයට ගැනීමට අදාළව ය.
සෞඛ්‍යමය හේතු මත මෙන්ම නොවැක්ගේ තරග සහභාගිත්වය මහජන සුබසිද්ධියට හේතු වේ ය යන කරුණු මත පදනම් ව ඔහුගේ වීසා නඩුවට අභියාචනය කිරීමට නීතීඥයෝ බලාපොරොත්තු වෙති.
ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරගාවලියට සහභාගි වීම සදහා මෙල්බන් නුවරට පැමිණ සිටි නොවැක් ජොකොවික්, සිය වීසා අයදුම්පතේ දින 14කට පෙර කිසිදු සංචාරයක් සිදුකර නොමැත යනුවෙන් ව්‍යාජ තොරතුරු සඳහන් කර තිබිණි.
කෝවිඩ් එන්නත් ද ලබාගෙන නොසිටි මෙම 34 හැවිරිදි සර්බියානු ජාතික ටෙනිස් ශූරයා ඔස්ට්‍රේලියාවට පැමිණ තිබුණේ එරට ටෙනිස් සම්මේලනයේ විශේෂ අවසරයක් මත ය. නමුත් උද්ගතව ඇති තත්වය මත ඔහුට තරගාවලියට සහභාගි වීමට අවසර ලබාදීම ප්‍රතික්ෂේප කෙරිණි.
මේ වන විට නොවැක්ගේ වීසා දෙවරක්ම ප්‍රතික්ෂේප කර තිබේ.
මීට පෙර ඔහු පිටුවහල් කිරීමට එරෙහිව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබිණි. එහි සඳහන් වූයේ නියෝගය නිකුත් කර විනාඩි 30 ක් ඇතුළත ඔහුව මුදා හරින ලෙසයි.
නමුත් අද දිනයේදී ඔහුව රැඳවුම් භාරයට ගත යුතු බව ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබුණේ හෙට දිනයේ පැවැත්වීමට නියමිත ඔහුගේ අභියාචන නඩුවට සමගාමීව ය.
මේ අතර, ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරගාවලිය හෙට දිනයේ ආරම්භ වේ.
පෙර ලිපිය
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..