පිිලිපීන ජනපති රොඩ්රිගෝ ඩුටර්ටේ පසුගියදා රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් කියා සිටියේ මෙවර ජනපති සටනේ එක් අපේක්ෂකයෙක් කොකේන් භාවිතා කරන බවයි.
‘‘අපිට කොකේන් පාවිච්චි කරන එක්කෙනෙකුත් ඉන්නවා අපේක්ෂකයෙක් විදිහට..‘‘ යැයි මෙහිදී පවසන ඩුටර්ටේ, ඔහුගේ නම හෙළිදරව් කරන්නේ හෝ ඔහුව හඳුනාගත හැකි සාධකයක් ඉදිරිපත් කරන්නේ නැත.
ඒ වෙනුවට ඔහු තවදුරටත් මෙසේ කියයි.
‘‘ඒ මොකද කියල තමයි මම මේ පුදුම වෙලා ඉන්නෙ. මේ මිනිහ මොනවද රටට කරල තියෙන්නෙ? එහෙම තියෙද්දිත්, පිලිපීන ජාතිකයො ඔහුට පිස්සු වැටිල ඉන්නෙ මොකෝ…?“
‘‘මිනිහ දිනන්න ඉඩ තියෙනවා… පිලිපීනයට ඕනෙ නම්.. ඉස්සරහට ගියදෙන්..‘‘ යැයි ද ඔහු පැවසුවේය.
මත්ද්‍රව්‍ය ඩුටර්ටේගේ ජනප්‍රියම මාතෘකාවකි. තවද ඩුටර්ටේගේ සැබෑ ස්වරූපය ලොවට පෙන්වූ බිහිසුණු පරීක්ෂාවකි. ඔහු, මතට ඇබ්බැහිවූවන් සහ වෙළෙන්දන්, දහස් ගණන් දෙනා අමු අමුවේ ඝාතනය කර තිබේ.
ඩුටර්ටේ තව නොබෝ දිනකින් ගෙදර යාමට සූදානම් වන්නේ උපරිම ධුර කාලය හෙවත් වසර 6 නිමා කරමිනි.
පිලිපීනයේ 16 වැනි ජනපතිවරයා වන ඔහුගේ ධුර කාලය 2022 ජූනි 30 න් නිමා වන අතර, ඉන් අනතුරුව ඔහු නැවත ජනපතිවරණයට ඉදිරිපත් නොවන්නේ, පිලිපීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනපතිවරයෙකුගේ උපරිම වාර ගණන 1 කට සීමා ව ඇති නිසා ය.
2022 වසරේ පැවැත්වෙන ජනපතිවරණය සඳහා කැපී පෙනෙන අපේක්ෂකයන් රැසක් මෙවර සහභාගි වේ. ඒ අතර, ලෝක බොක්සිං අයිකනයක් වන මැනී පැකියාවෝ (Manny Pacquiao), උප ජනපති ලෙනී රොබර්ඩෝ (Leni Robredo), මැනිලා පුරපති ෆ්රැන්සිස්කෝ ඩොමගෝසෝ (Francisco Domagoso), සෙනෙට් සභික සහ හිටපු පොලිස් ප්‍රධානී පැන්ෆිලෝ ලැස්කන් (Panfilio Lacson), පිලිපීනයේ හිටපු ආඥාදායකයාගේ පුත් ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් ජූනියර් (Ferdinand Marcos Jr.) මෙන්ම ඩුටර්ටේගේ දියණිය වන සාරා ඩුටර්ටේ-කාපියෝ (Sara Duterte-Carpio) ද වෙති.
ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් ජූනියර්
සාරා ඩුටර්ටේ-කාපියෝ
මැනී පැකියාවෝ
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…