කාලීන

මුස්ලිම් විරෝධී පුරවැසි පනත ඉන්දියාව අවුලවයි

 

බංගලිදේශය , පාකිස්ථානය, ඇඵ්ගනිස්ථානය ආදී ඉස්ලාමීය රටවලින් සංක්‍රමණය වූ මුස්ලිම් ජාතික සරණාගතයින් හැරෙන්නට අනෙකුත් සරණාගතයින් හට ඉන්දියාව තුළ පුරවැසිභාවය ලබා දීමට පසුගියදා හදුන්වා දුන් පුරවැසිපනත හේතුවෙන් ඉන්දියාව තුළ විරෝධතා උත්සන්න වෙමින් පවතී.

මෙම විරෝධතා හෙතුවෙන් ඇති වූ ගැටුම් වලදී මිය ගිය පිරිස ඊයේ වන විට 6 දක්වා වැඩි වී ඇති අතර ඉන් සිවු දෙනෙකු ඉන්දීය පොලිස් වෙඩි පහරින් මිය ගියහ. මුස්ලිම් ජාතික විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මේ වන විට මෙම විරෝධතාවයේ ඉදිරියෙන්ම සිටින අතර ඔවුන් පවසන්නේ ඉන්දියාවේ ජීවත් වන මුස්ලිම් ජාතිකයින් අත්හැර මෙම පනත හදුන්වා දීම තුළ ඉන්දීය රජය මුස්ල්මි විරෝධී පාලනයක නිරත වෙමින් සිටින බවයි.

බටහිර බෙංගාලය සහ ඇසෑම් ප‍්‍රාන්තයේ විරෝධතාකරුවන් ප‍්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙන බව ඉන්දිය මාධ්‍ය සඳහන් කරයි. කොල්කටා නුවරට රැස්වූ විරෝධතාකරුවන් මහ මාර්ග අවහිර කර දුම්රිය පහක් ගිනිබත් කර ඇති බවද වාර්ථා වේ. මෙම තත්ත්වය මත පාන්ත කියහිපයකම ඇඳිරිනීතිය පැනවීම සහ අන්තර්ජාල තහනම මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. එක්සත් රාජධානිය , ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව ඉන්දිය සංචාරයන් සඳහා සිය පුරවැසියන්ට අවදානම් නියෝග ද නිකුත් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්ථා කරයි.

හින්දු රාජ්‍යයේ මුස්ලිම් විරෝධය

ජනපති මෝදි නියෝජනය කරන හින්දු ජාතිකත්ව භාරතය ජනතා පක්ෂය කාලයක් තිස්සේ මුස්ලිම් විරෝධී සංක්‍රමණිකයන් ඉන්දියාවෙන් පිටමං කළ යුතුය යන ප්‍රතිපත්තියේ සිටිමින් කටයුතු කළ බව නොරහසකි.

පසුගිය අගෝස්තුවේ ඉන්දියානු පුරවැසි ලියාපදිංචි නාම ලේඛනය නිකුත් කරමින් ඉන්දීය රජය ප්‍රකාශ කලේ පුද්ගලයින් මිලියන 1.9ක් පුරවැසි භාවය තහවුරු කළ නොහැකි පුද්ගලයින් සිටින බවයි.

විශේෂයෙන්ම මින් වැඩි පිරිසක් ඇසෑම් ප්‍රාන්තයේ ජීවත් වූ බංගලිදේශය , පාකිස්ථානය , ඇෆ්ගනිස්ථානය, මියන්මාරය යන රටවලින් ඉන්දියාවට සංක්‍රමණය වූ පිරිසගෙන් පැවත එන්නන්ය.

ඉන් නොනැවතී බහුතරයක් මුස්ලිම් ජාතිකයින් වෙසෙන කාශ්මීරයේ ස්වයංපාලන බලතල අහිමි කිරීමටද ඉන්දීය රජය කටයුතු කළ අතර ඉන් අනතුරුව දිගින් දිගටම කාශ්මීර වැසියන්ගේ ජවන ජීවිත පීඩනයට ලක් කරමින් සිටියි.

හින්දු ජාතිකත්ව භාරතීය ජනතා පක්ෂය විසින් මෙවර සම්මත කළ පුරවැසි පනත විසින් සෘජුවම මෙසේ මුස්ලිම් ජාතිකයින් ප්‍රතික්ෂේප කිරීම ඉන්දීය රජයේ මුස්ලිම් විරෝධී ක්‍රියා දාමයේ තවත් සන්ධිස්ථානයක් ලෙස හැදිනිවිය හැකිය.

ලොව වැඩිම මුස්ලිම් ජනතාවක් සිටින රාජ්‍ය තමන් වන පසු බිමක ඉන්දීය රජය විසින් මෙවැනි තීරණයක් ගෙන ඇත.

ට්‍රම්ට නොදෙවෙනි මෝදි මිලියන 1.9කට පුරවැසිභාවය අහිමි කරයි

Share

Recent Posts

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

8 mins ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

4 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

1 day ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

1 day ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

1 day ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

1 day ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago