එසැණ පුවත්

කැපිටල් හිල් ගොඩනැගිල්ලේ ඩෙඟා නැටූ ෂාමන්වරයා නඩු කටයුතු අවසන් වන තුරු බන්ධනාගාර ගත කෙරේ

ඛනොන් ෂාමන් (‘QAnon shaman’) නමින් හඳුන්වා ගත් ඉකුත් ජනවාරි මස එක්සත් ජනපදයේ කැපිටල් හිල් කෝලාහලය තුළ ෂාමන්වරයකු මෙන් හැඳගෙන කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයා ඉදිරියටත් බන්ධනාගාර ගත කර තැබිය යුතු බවට අධිකරණ තීන්දුවක් ලබා දී තිබේ.

ඉකුත් සඳු (09) දින මෙම අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර,  ඛනොන් ෂාමන් නිදහස් කිරීම බෙහෙවින් අවදානම්කාරී බවත්, ඔහුට අදාළ නඩුකටයුත්ත අවසාන වනතුරු සිරගත කොට තැබීම යෝග්‍ය බවත් එහිදී කියවිණි.

ජේකොබ් චැන්ස්ලි යැයි නම් දරන මෙම සැකකරුවා ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් ජනාධිපතිවරණය පරාජයට පත්වීම හමුවේ කුපිත වී වොෂිංටනයේ කැපිටල් හිල් ගොඩනැඟිල්ලට කඩා වැදුණු ට්‍රම්ප්භක්තිකයින් අතර සිටි කැපී පෙනෙන පුද්ගලයෙකි.

ෂාමන්වරයකු පිළිඹිමු වන අන්දමේ ඇඳුමකින් සැරසී ලෝහ තලයක් සවිකල හීයක් ද රැගෙන මොහු ඛනොන් ෂාමන් නමින් කැපිටල් හිල් ගොඩනැගිල්ල තුළ කලහකාරී අන්දමින් හැසිරෙන අන්දම කැමරාකාචයේ සටහන් වී තිබිණි.

ඉහත අධිකරණ තීන්දුව ලබා දුන් විනිසුරු රොයිස් ලැම්බර්ත් අවධාරණය කර සිටියේ මුවහත් තලයක් සහිත හීයක් ද රැගෙන කැපිටල් ගොඩනැගිල්ල තුළ ඔහු දැක්වූ හැසිරීම සාමකාමී හා හානිකර නොවේ යැයි චැන්ස්ලි කරුණු දැක්වීම තුළින් පෙනී යන්නේ මොහු “ප්‍රකෘතියෙන් ගිලහී” ජීවත් වන පුද්ගලයකු බවයි.

ඉකුත් ජනවාරි කැපිටල් හිල් කෝලාහලය එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ රජයට ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් අතර ද අන්ධ භක්තික ට්‍රම්ප්වාදීන් විසින් සිදුකළ සෘජු තර්ජනයක් වන සන්දර්භයක චැන්ස්ලි වැනි පුද්ගලයින් නිදහස් කොට තැබීම බෙහෙවින් ම අවදානම්කාරී බවයි එම අධිකරණ තීන්දුව තුලින් පෙන්වා දුන්නේ.

චැන්ස්ලි අධිකරණය ඉදිරියේ තමාව හඳුන්වා දුන්නේ පොලිස් නිලධාරීන්ගේ පිළිගැනීමෙන් ද යුක්තව කැපිටල් හිල් ගොඩනැගිල්ලට සාමකාමී අන්දමින් පැමිණි ෂාමන්වරයකු ලෙසයි.

එමෙන්ම ඉකුත් ජනවාරි 6 වන දින හටගත් කෝලාහලයේ සැබෑ වින්දිතයා කොංග්‍රසය හෝ ඇමරිකානු පුරවැසියන් නොව තමා බවද චැන්ස්ලි කරුණු දක්වා තිබිණි.

කෙසේවෙතත්, චැන්ස්ලි හෙවත් ඛනොන් ෂාමන් ඉදිරිපත් කළ විත්තියේ කරුණු කිසිවක් අධිකරණය සෑහීමකට පත්කිරීමට සමත් නොවීය.

චැන්ස්ලි රැගෙන හා මුවහත් තලයක් සහිත හීය කොඩි ගසක් බවට ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ නීතීඥයා තර්ක කර තිබිණි. කෙසේ වෙතත් අධිකරණය විසින් මෙම තර්කය බැහැර කළ අතර, එය භයානක ආයුධයක් සේ යොදාගත හැකි හීයක් බවට නිගමනය කර තිබිණි.

ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව චැන්ස්ලි ගේ නඩු කටයුතු අවසාන වන තුරු ඔහු බන්ධනාගාර ගත කර තැබීමට ඉල්ලුම් කර තිබූ අතර, විනිසුරු ලැම්බර්ත් ගේ විනිශ්චයට අනුව එය සිදුවනු ඇති.

කෙසේවෙතත්, ඉකුත් කැපිටල් හිල් කෝලාහලය තුළ කිසිදු පුද්ගලයකු ට පහර දුන් බවට චැන්ස්ලිට චෝදනා ගොනුවී නොමැත.

Share

Recent Posts

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

6 hours ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

8 hours ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

13 hours ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

13 hours ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

13 hours ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

13 hours ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

1 day ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

1 day ago

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…

1 day ago

ABC පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානිට මොකද වුණේ?

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…

2 days ago

ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු වෙයි!

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…

2 days ago

මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් ගාසාහි සමූහ මිනිවළකින් සොයා ගැනේ

එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…

2 days ago

ගංවතුර හා නාය යාම් හේතුවෙන් ටැන්සානියාවේ 155 දෙනෙකු මිය යයි

වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…

2 days ago

උණුසුම් කාලගුණය නිසා ළමයින් මි. 33කට පාසල් අහිමි වෙලා!

සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…

2 days ago

එක්සත් ජනපද විශ්ව විද්‍යාල පුරා “යුදෙව් විරෝධී වෛරසයක්”; ශිෂ්‍ය පෙළපාලි මර්දනය කෙරේ

සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.

3 days ago