අරුම පුදුම

61 වසරකට පෙර අප වෙනුවෙන් ඈ දිවි දුන්නාය…

එය ඉතිහාසයේ නොමැකෙන සේ රන් අකුරින් ලියන ලදැයි කියන්නට ද පුළුවන.

නමුත් ඒ අසරණිය, ලයිකා නමැති බැල්ල, නැවත කිසිදා ආපසු නාවාය.

ඇය උඩුගුවනේ මියැදුණාය. තනිව හුස්ම හෙළුවාය. කණස්සල්ලෙන් යුතුව මියගියාය. අන්තිම හුස්ම හෙළන මොහොතේ ද භීතියෙන් ත්‍රස්ත වී සිටියාය.

ඈ මොස්කව් හි වීදි දිගේ අයාලේ ඇවිද ගිය බැල්ලකි. අයාලේ යන බැල්ලකට කුමක් වුණත් කම්නැතැයි සෝවියට් සංගමය එදා සිතන්නට ඇත. ඈ හුරුබුහුටිය. දීප්තිමත් රෝම කළඹකින් යුතු වූවාය. එනිසා ඡායාරූපවලටත් ඇය ලස්සනට දිස්වනු ඇත… ඔව්.. ඇයට හිමිකාරයෙක් විණි නම් ඇයව වායෝ භූතයන් අතරට මෙසේ නොයවනු ඇත. ඇගේ ඉරණම මීට වඩා ලෝකය විසින් ප්‍රශ්න කෙරෙනු ඇත.

නමුත් එය එසේ වුණේ නැත. ඔව්.. මොස්කව් වීදියේ දඩාවතේ ඇවිදින සුනඛයෙක් ගැන වදවෙන්නේ කවුද?

ඇය මිය ගියේ අජකාකාශයට විදිනු ලැබ පැය 5කට පසුව බව ඇතැම් වාර්තාවක දැක්වේ. නමුත් සෝවියට් සංගමය ඒ බව වසන් කළ බවට පුවත් තිබේ. කක්ෂගත කර දින කිහිපයක් ගත වන තෙක්ම ඇය ජීවතුන් අතර සිටි බව සෝවියට් සංගමය විටින් විට පැවසුවේය.

ඇය මියගියේ අධික රස්නය හේතුවෙන් විය හැකිය. එම චන්ද්‍රිකාව සූර්ය තාපයෙන් බේරීමට නිසි පරිදි පරිවරණය කර තිබුණේ නැත.

ඉතින් ඇය පණ පිටින් තැම්බී මිය ගියා වන්නට ඇත. අති දරුණු වේදනාවකින්, තමන් පණටත් වඩා විශ්වාස කළ මිනිස් සතා තමන්ට එසේ කළේ මන්දැයි සිතාගත නොහැකි දුකකින් කණගාටුවකින් ඇය මිය ගියා වන්නට ඇත.

ඒත් අයාලේ ගිය බැල්ලක ගැන වද වෙන්නේ කවුද?

ඇයව කක්ෂයට යැව්වා විනා, ‘රිටර්න් ට්‍රිප් එක‘ හෙවත් ඇය පෘථිවිය කරා ආපසු එන ගමනක් ගැන තමන් කිසිදාක සැලසුම් කර තිබුණේ නැති බව සෝවියට් විද්‍යාඥයෝ පසුකලෙක පිළිගත්හ.

එදා උඩු ගුවන ජය ගැනීම සෝවියට් දේශයේ සහ ඇමරිකාවේ පරම සිහිනයක් විය. එම පරම තරගයක් ද විය. ස්පුට්නික් චන්ද්‍රිකාවෙන් ඇරඹි සෝවියට් දේශයේ උඩු ගුවන ජය ගන්නා සිහිනය ‘මේනියාවක්‘ වී යැයි, ලයිකාගේ සැබෑ රූපරාමු සහිත පහත වාර්තා චිත්‍රපටය අපට යෝජනා කරයි.

එනිසා, මිනිසා උඩුගුවන ජය ගැනීම ගැන උදම් අනන කිසිම විටෙක මේ ලයිකා නමැති අසරණිය අමතක කරන්න එපා. වසරක් පාසා, ලොව පුරා සිදුකෙරෙන අභ්‍යවකාශ පර්යේෂණවලදී එදා මෙදාතුර මිනිසා විසින් පර්යේෂණවලදී පාවිච්චි කරන ලද සුනඛයන්, චිම්පන්සීන් ඇතුළු මිලියන 115 ක් බවට සැලකෙන අසරණ සතුන්ගේ ඉරණමේ සංකේතය, ලයිකා නම් වන්නීය.

[embedyt] https://www.youtube.com/watch?v=92NtoJ_uLpM[/embedyt]

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

17 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

19 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

19 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

20 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

1 day ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

4 days ago