යුක්රේන හමුදාවන්ගේ සීඝ්‍ර ප්‍රගතිය හේතුවෙන් මොස්කව් ඊසානදිග යුක්රේනයේ ප්‍රධාන බලකොටුව Izyum අතහැර දමා ඇති බව වාර්තා වේ. මෙය මොස්කව් ලැබූ දරුණුතම පරාජය ලෙස ද සැලකේ.
යුක්රේන හමුදාවන්ගේ ප්‍රහාර හමුවේ රුසියන් සොල්දාදුවන් සිය පතරෝම් හා තුවක්කු අතහැර මෙලෙස පලා ගොස් ඇති අතර යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි විසින් යුක්රේන භූමියට අයත් වර්ග කිලෝමීටර් 2000ක් නැවත බලා ගත් බව නිවේදනය කර තිබේ.
මේ සම්බන්ධයෙන් රුසියා ආරක්ෂක අංශය උපුටා දක්වමින් රාජ්‍ය පුවත් ඒජන්සිය වන TASS වාර්තා කර තිබුණේ ඩොනෙට්ස්ක්හි වෙනත් ස්ථානවල මෙහෙයුම් ශක්තිමත් කරන ලෙසට සහ ඊසානදිග යුක්රේනයේ ප්‍රධාන නගරයක් වන Izyum අවට ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය හමුදාවන්ට නියෝග කළ බවයි. නමුත් මේ සම්බන්ධයෙන් යුක්රේනය පවසන්නේ යුක්රේන හමුදාවන්ට බියෙන් රුසියා හමුදා ඒකක ජීවිතාරක්ෂාව පතා පලා ගිය බවයි.
පසුගිය දා යුක්රේන අගනුවරට පැමිණි ජර්මානු විදේශ ඇමති ඇනලේනා බෙයර්බොක් පවසා තිබුණේ රුසියානු හමුදාවන්ට එරෙහි සටනේදී බර්ලිනය යුක්රේනයට දිගටම සහාය දෙන බවයි. එහිදී ජර්මානු විදේශ ඇමතිනිය ප්‍රකාශ කර තිබුණේ අප මත විශ්වාසය තැබිය හැකි බව පෙන්වීමට කියෙව් වෙත පැමිණි බවත් ආයුධ බෙදා හැරීම සහ මානුෂීය සහ මූල්‍ය ආධාර සමඟ අවශ්‍ය තාක් කල් අපි යුක්‍රේනය වෙනුවෙන් පෙනී සිටින බවත්ය.
සශිකලා මධුෂාණී_
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..