රුසියානු රජය සතු බලශක්ති දැවැන්තයා වන Gazprom විසින් Nord Stream 1 නල මාර්ගයේ වසා දැමීම ඉදිරි දින තුන සඳහා පවතිනු ඇති බවට වාර්තා වේ.
Nord Stream 1 නල මාර්ගය ශාන්ත පීටර්ස්බර්ග් අසල රුසියානු වෙරළ තීරයේ සිට ඊසානදිග ජර්මනිය දක්වා බෝල්ටික් මුහුද යට කිලෝමීටර් 1,200 (සැතපුම් 745) විහිදේ. එය 2011 දී විවෘත කරන ලද අතර, රුසියාවේ සිට ජර්මනියට දිනකට ගෑස් ඝන මීටර් මිලියන 170 ක උපරිමයක් යැවිය හැකිය.
ජූලි මාසයේද රුසියාව විසින් මෙම ගෑස් නල මාර්ගය දින 10කට වසා දැමූ අතර ගෑස් සැපයුම 20%කින් අඩු කරන ලදි. මෙවරද හදිසි අලුත්වැඩියාවක් වෙනුවෙන් නල මාර්ගය වසා දමන බව රුසියානු රජය විසින් නිවේදනය කර තිබේ. බටහිර රටවලට එරෙහි යුද අවියක් ලෙස බලශක්ති සැපයුම් භාවිතා කළ බවට රුසියාවට කරන චෝදනා ඔවුන් විසින් ප්රතික්ෂප කර ඇති අතර පසුගිය වසර තුල දැනටමත් තියුනු ලෙස ඉහල ගොස් ඇති ගෑස් මිල තවදුරටත් ඉහල දැමීමේ උත්සාහයක් ලෙස රුසියාව විසින් සැපයුම නැවැත්වීම දීර්ඝ කරනු ඇතැයි යුරෝපීය නායකයෝ බිය වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
එහෙත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රකාශකයෙකු මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ බටහිර සම්බාධක රුසියානු යටිතල ව්‍යුහයට හානි කිරීමෙන් ඇති වන තාක්ෂණික ගැටලු හේතුවෙන් රුසියාව නල මාර්ගයෙන් ගෑස් සැපයීම අත්හිටවූ බවයි.
කෙසේ නමුත් පසුගියදා BBC විසින් වාර්තා කර තිබුණේ ෆින්ලන්ත දේශසීමාව අසල කම්හලක රුසියාව දිනකට ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 10 (පවුම් මිලියන 8.4) වටිනා ගෑස් පුළුස්සා දමන බවයි.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…