දැනට දින 8කට පෙර කාගෝ නැවක ගැටීමෙන් පසු ගිනිගත් ඉරාන තෙල් නැව මේ වන විට සම්පූර්ණයෙන්ම ගිනිබත් වී ගිලී යමින් තිබේ. චීන මුහුදට නුදුරින් සිදුවූ මෙම අනතුරින් පසු දැවැන්ත ගළවාගැනීමේ මෙහෙයුමක් දියත් කළ ද මේ දක්වා සොයාගැනීමට හැකි වී තිබෙන්නේ මළ සිරුරු 3 ක් පමණි. ගිනිබත් නැව ගිලී යන්නට පෙර සිටම ටෙහෙරාන් බලධාරීන් කියා තිබුණේ නාවිකයන් තිස් දෙනාගේ ජීවිත පිළිබඳ බලාපොරොත්තු අත්හැර ගත යුතුව ඇති බවයි. මේ අතර ඊයේ දිනයේ චීන ගළවාගැනීමේ සේවකයන් නෞකාවේ කළු පෙට්ටිය සොයාගැනීමට සමත් වී ඇත.
මෙම නාවිකයන් 32 අතරින් 30 ක්ම ඉරාන ජාතිකයන් වු අතර, දෙදෙනෙක් බංග්ලාදේශ ජාතිකයන් ය. ඉරාන තෙල් නැවේ නම ‘සාංචි“ වූ අතර, සාංචි චීන මුහුදේ දී ගැටුණේ හොංකොං කාගේ යාත්‍රාවක් සමග ය. මෙම කාගෝ යාත්‍රාවට කිසිදු හානියක් සිදු නොවීමද විශේෂත්වයකි. ගැටීමත් සමග සාංචි, එසැණින් ගිනි ගන්නට පටන් ගත් අතර චීන වාර්තා සඳහන් කරන්නේ මීටර 800-1000 අතර උසකට ගිනි දැල් නැගුණු බවයි. පිපිරීම සහ වායු කාන්දුව හේතුවෙන් අනතුරෙන් පළමු පැය ඇතුළතදී සියලු නාවිකයන් මරණයට පත් වන්නට ඇතැයි ෂිංහුවා ඒජන්සි පුවත් වාර්තා සඳහන් කරයි.
සාංචි‘ නිසා චීන මුහුදේ බරපතළ පාරිසරික ඛේදවාචකයක් – චීනය
මේ අතර බොර තෙල් මෙට්‍රික් ටොන් 136,000 ක් සමග ඉරානයේ සිට පැමිණ තිබූ මෙම නෞකාව මෙසේ ගිනිබත් වී ගිලී යාම හේතුවෙන් දැවැන්ත පාරිසරික විපතක් සිදු වේ යැයි චීන බලධාරියෝ කණස්සල්ල පළ කරති. මේ වන විට මෙම සාගර තීරයේ අති දැවැන්ත තෙල් තට්ටුවක් දැකගන්නට පුළුවන. නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ බොර තෙල්, ඝනත්වයෙන් අඩු සැහැල්ලු බොර තෙල් වූ නිසා එම තෙල් අංශු සාගර ජලතලය මතුපිටට රොක්වෙමින් තිබෙන්නේ පරිසර පද්ධතියට දරාගත නොහැකි හානියක් සිදුකරමින් බව ද චීන බලධාරීහු ප්‍රකාශ කරති.
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.
අගමැති බිරිඳට එරෙහිව ව්‍යාපාරික ගනුදෙනු සඳහා බලපෑම් කිරීමට සිය තනතුර භාවිතා කරන බවට චෝදනා එල්ලව…
එක්සත් ජනපදයේ සම්බාධක පිළිබඳ තර්ජන හුදෙක් පාකිස්තානය අධෛර්යමත් කිරීමට හේතු වේ..