සෞදි අරාබි රාජකීය පවුලේ සමීප සාමාජිකයින් දෙදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන රඳවාගෙන ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්ථා කරයි. රාජකීය පවුලේ ජ්‍යොෂ්ඨ සාමාජිකයින් දෙදෙනෙකු වන සල්මාන් රජුගේ බාල සොහොයුරා අහමඩ් බින් අබ්දුලාසීස් සහ රජුගේ බෑණනුවන් වන මොහොමඩ් බින් නයෙෆ් යන දෙදෙනා මෙසේ රඳවාගෙන ඇත.
වෝල් ස්ට්‍රීට් ජර්නලය විසින් ඊයේ සිකුරාදා රාජකීයයන් දෙදෙනා රඳවාගෙන සිටින බව වාර්තා කළ අතර කියා සිටියේ ඔවුන් කුමන්ත්‍රණකාරී චෝදනාවකට සම්බන්ධ බවයි. බ්ලූම්බර්ග් පුවත්සේවයද රඳවා තබා ගැනීම වාර්තා කළේ, මෙම යුවළට රාජද්‍රෝහී චෝදනාවක් එල්ල වී ඇති බවයි. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව මොහොමඩ් බින් නයෙෆ්ගේ බාල සොහොයුරා වන නවාෆ් බින් නයෙෆ් කුමරු ද රඳවාගෙන ඇත.
සෞදි බලධාරීන් විසින් මේ සම්බන්ධව ක්ෂණික අදහස් දැක්වීමක් සිදු කරන ලද අතර මෙසේ රඳවා තැබීම සල්මාන් රජුගේ පුත් ඔටුන්න හිමි රාජධානියේ තථ්‍ය පාලකයා වන කුමරු මොහොමඩ් බින් සල්මාන් විසින් කරන ලද නවතම මර්දනය සනිටුහන් කරයි. 2017 දී සිංහාසනයේ උරුමක්කාරයා ලෙස ඔහුගේ ඥාති සොහොයුරෙකු වූ මොහොමඩ් බින් නයෙෆ් වෙනුවට සිංහාසනයේ උරුමක්කාරයා ලෙස පත් වූ දා සිට බලය තහවුරු කර ගැනීමට මොහොමඩ් කුමරු කටයුතු කර තිබේ. ඒ රාජ්‍ය භාණ්ඩාගාරය සිඳී යෑම සහ පැවති දූෂණයන්ට එරෙහිවය.
නමුත් ඔටුන්න හිමි සල්මාන් කුමරු පිළිබදව සෞදි රාජකීය පවුලේ ඇතැම් සාමාජිකයින්ගේ අමනාපය එල්ල වෙමින් පවතින අතර බලය යෙදවීම පිළිබදව ඔහු සම්බන්ධ විවේචන එල්ල වේ. 2018 වසරේදී මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය මෙම විරෝධතාවගේ මූලික හේතුව වෙි. එමෙන්ම පසුගිය සමයේ සෙදියේ තෙල් යටිතල ව්‍යුහයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධවද ඔවුන් සල්මාන් කුමරුගේ නායකත්වය ප්‍රශ්න කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය සදහන් කරයි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…