කෝවිඩ් වසංගතය පැතිර යන වේගය අනුව මේ වන විට රෝහල්වල මළ සිරුරු පිරී යමින් තිබේ.
ඒ අනුව ඉරිදා හවස කොළඹ මහ නගර සභාව විසින්, කොළඹ පොදු සුසාන භූමියේදී මළ සිරුරු 15 ක් ආදාහනය කළේය. මේ අතර කොළඹ ජාතික රෝහල පවසන්නේ, මළ සිරුරු තබාගැනීම සඳහා තමන්ට තවදුරටත් ඉඩ පහසුකම් නොමැති බවයි.
මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ කෝවිඩ්-19 හේතුවෙන් මිය ගිය අයගේ මළ සිරුරු රෝහල්වල ගොඩ ගැසී ඇති බවයි. සති අන්තය පුරා ආදාහනාගාර ක්‍රියාත්මක ව පැවතියත්, මළ සිරුරු ගොඩගැසෙන වේගය අනුව එය සිදුවන බවත් ප්‍රකාශ විණි.
‘‘මේ වේගය අනුව අපට අලුත් ආදාහනාගාර සකස් කරන්න වෙනවා..‘‘ යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය සමග පැවසුවේය.
අගෝස්තු 9 වැනිදා වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාර පහසුකම් නොමැති ව මළ සිරුරු 20 ක් පමණත තිබී ඇති අතර, පානදුර රෝහලේ මෙම සංඛ්‍යාව 50 ක් පමණ විය.
කොළඹ ජාතික රෝහලේ ශීත පහසුකම් සහිත මෘත ශරීරාගාර 66 ම පිරී ගොස් ඇති බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
වසංගත සමය තුළ රජය විසින් කෝවිඩ් හේතුවෙන් මිය ගිය අයගේ මෘත දේහ ඔවුන්ගේ ඥාතීන්ට භාර නොදී ඒවා බැහැර කිරීම සිදු කරයි.
පසුගිය සිකුරාදා දිනය වන විට වාර්තා වූයේ, රෝහල්වල ප්‍රතිකාර ලබාගැනීමට බලා සිටින අතරවාරයේ ද කෝවිඩ් රෝගීන් මරණයට පත් වන බවයි.
කෝවිඩ්-19 හේතුවෙන් මිය ගිය අයගේ මළ සිරුරු ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකාව අගෝස්තු 9 දා සිට නැවත වරක් සමූහ ආදාහනයන් සිදුකිරීම ආරම්භ කළේය. ආගමික විරෝධතා හේතුවෙන්, පසුගිය දෙසැම්බරයේදී ශ්‍රී ලංකා ආණ්ඩුව මළ සිරුරු ආදාහනය කිරීම නතර කළේ මුස්ලිම් ජාතිකයන් 15 දෙනෙකු සහ දින 20 ක් වයසැති බිළිඳෙකු ආදාහනය කිරීම සමග හටගත් ආන්දෝලනය හේතුවෙනි.
නමුත් දේශීය සහ අන්තර්ජාතික වශයෙන් නැග ආ විරෝධය හේතුවෙන් අවසානයේ ආණ්ඩුව මුස්ලිම් ජාතිකයන් හට නැගෙනහිර පළාතේ හුදෙකලා කලාපයක මුස්ලිම් සම්ප්‍රදායන්ට අනුව මළසිරුරුවල අවසන් කටයුතු සිදුකිරීමට අවසර ලබාදුන්නේය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..