ඉරානයේ ඉහළම හමුදා නිලධාරී කසෙම් සොලෙයිමානි ඇතුළු පුද්ගලයින් ඝාතනය කිරීම පිළිබඳ එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය අදහස් පළ කොට තිබේ.
ඔහු සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය එල්ල කළේ යුධමය තත්ත්වයක් නැවැත්වීමට මිස යුද්ධයක් ආරම්භ කිරීමට නොවන බවයි.
ඊයේ (03) දින ඇමරිකානු හමුදා විසින් ඉරාකයේ බැග්ඩෑඩ් ගුවන් තොටුපළ වෙත ප්‍රහාරයක් එල්ල කළේය.
එම ප්‍රහාරයෙන් ඉරානයේ ප්‍රභූ ආරක්ෂක බලකා ප්‍රධානී කූඩ්ස් බලකා ප්‍රධානී ජනරාල් කසෙම් සොලෙයිමානි ඇතුළු පුද්ගලයින් ඝාතනයට ලක්විය.
සොලෙයිමානි ගේ වියරුව මින් අවසාන වනු ඇති බවද ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේය.
සිදුවීමෙන් ප්‍රකෝපකාරී වී සිටින ඉරානය නිසැකවම මීට පළිගැනීමක් සිදුකරන බවට දිව්රා සිටියේය.
ඊයේ දින ජාත්‍යන්තර තලය සෙලවීමට සමත් වූ මෙම පුවත ඉරානය හා එක්සත් ජනපදය පරම සතුරන් බවට පත් කිරීමට සමත් විය.
මේ අතර අතිරේක හමුදා භටයින් තුන් දහසක් මැදපෙරදිගට අනුයුක්ත කරන බවද එක්සත් ජනපද බලධාරීහු පවසා සිටියහ.
ප්‍රහාරයෙන් පැය විසිහතරකට මත්තෙන් තවත් ප්‍රහාරයක් ඇමරිකානු හමුදා විසින් දියත් කළ බව ඉරාක පුවත් සේවයක් විසින් වාර්තා කර තිබිණි.
කෙසේවෙතත් මේ පිළිබඳ වොෂිංටනයෙන් පිළිතුරක් ලබා දී නොමැත.
සොලෙයිමානි යනු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට පසු සිටින දැවැන්තම චරිතය බවට පැවසේ.
ඇමරිකානු ජනපතිවරයා ෆ්ලොරිඩාවේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කර සිටියේ එක්සත් ජනපදය ගත් ක්‍රියාමාර්ගය හමුවේ ලොව අංක එකේ ත්‍රස්තවාදියාව ඝාතනය කිරීමට සමත් වූ බවයි.
කෙසේවෙතත්, සොලෙයිමානි ගේ මරණයෙන් පසු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ද සිය අදහස් පළ කොට තිබේ.
සොලෙයිමානි දෙවියන් වහන්සේ වෙතට යාමෙන් ඔහුගේ මෙහෙවර අවසාන නොවන බවත්, ඔහුගේ හා අනෙකුන් ගේ රුධිරය සෙලවීමට කටයුතු කළ අපරාධකරුවන්ට එරෙහි පළිගැනීමක් මඟ රකිමින් සිටින බවත් හෙතෙම ප්‍රකාශ කර සිටියේය.
මෙම සිදුවීම් දාමය අභියස බොහෝ පාර්ශව කැළඹීමට පත්ව ඇති අතර, ඉදිරියේදී කුමක් සිදුවනු ඇත්ද යන්න අවිනිශ්චිතව පවතී.
පෙර ලිපිය:
ඇමරිකාව ඉරාන ප්‍රභූ ආරක්ෂක ප්‍රධානී ක්වේසෙම් සුලෙයිමානී සහ තවත් 6ක් ඝාතනය කරයි
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…