උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අඟහරුවාදා (10) දින සුවිසල් බහුවිධ මිසයිල දියත් කිරීම අත්හදා බැලීම දෙවන වරටත් අධීක්ෂණය කළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
උතුරු කොරියාව පසුගිය අඟහරුවාදා දින නව කෙටි-පරාස ප්‍රක්ෂේපන ප්‍රහාර මාලාවක් දියත් කළ අතර, ඉන් පැය කිහිපයකට පසුව තාවකාලිකව අත්හිටුවා තිබූ න්‍යෂ්ඨිකකරණය වැළැක්වීම පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද සාකච්ඡා තවදුරටත් සිදුකිරීමට කැමති බවට හැඟවෙන ඉඟි සිදුකළ බවට දකුණු කොරියානු බලධාරීහු ප්‍රකාශ කර සිටිති.
මෙම සුවිසල් බහුවිධ මිසයිල දියත් කිරිමේ පරීක්ෂණය මීට පෙරද නායක කිම් ජොන් උන් විසින් සිදුකළ අතර, මෙවර සිදුකළ අධීක්ෂණය තුළ එය පැහැදිලිවම යුධමය වාතාවරණයක් හමුවේ දියත් කිරීමට සුදුසු බවට තත්ත්ව පරීක්ෂාවේදී තහවුරු කර ගත් බවට එරට රාජ්‍ය මාධ්‍ය KCNA පුවත් සේවය වාර්තා කර සිටියි.
දැනට ඉතුරුව පවතින්නේ මෙම මිසයිලය “ගිනි පරීක්ෂාවක්” සඳහා යොමුකිරීම බවද එම පුවත් සේවය වාර්තා කළේය.
ගිනි පරීක්ෂාවක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ පුපුරණ ද්‍රව්‍යයක් යම් ඉලක්කයක් කරා යොමු කිරීමේදී එහි අවම කාර්ය සාධන නිර්ණායක සපුරාලන්නේද යන්න පරීක්ෂා කිරීමයි.
උතුරු කොරියාව එරට ආරක්ෂක හා තාක්ෂණික සංවර්ධනය නඟා සිටුවීම ඇතුළු විවිධ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ආයුධ පරීක්ෂාවන් සිදුකරනු ලබයි. කෙසේවෙතත් ඊයේ දින සිදුකළ මෙම අවසන් බහුවිධ මිසයිල අත්හදා බැලීම වොෂිංටනයට වක්‍රාකාරව සිදුකළ අනතුරු ඇඟවීමක් ද විය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඇමරිකාව සමඟ යතාර්ථවාදී අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා සාකච්ඡා පැවත්වීමට උතුරු කොරියාවට ඇති අවශ්‍යතාවත්, එසේ සිදුකිරීමට ඇමරිකාව අපොහොසත් වන්නේ නම් සිදුවිය හැක්කේ කුමක්ද යන්නත් එමඟින් ගම්‍ය වන බවට ඔවුහු පෙන්වා දෙති.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…