චීනයේ නිර්මාණයක් වන මේ නෞකාව, හැම අතින්ම ටයිටැනික් නෞකාවට සමාන සේම එය ගමන් ගැනීමට සූදානම් වන්නේතේ අත්ලාන්තික් සාගරය හරහා එදා ගිය ඉරණම් ගමනේමය. Titanic II to set to sail in 2022
වසර 2022 දී එය දියත් කිරීමට දැන් සිටම හැම දෙයක්ම සූදානම් වෙමින් තිබේ. මගීන් 2,400 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 900 දෙනෙකු සමග එය දියත් කරනවා ඇත.
ඩුබායි සිට නිව්යෝක් කරා යන ගමනේදී නෞකාව සදම්ටන් වෙත ද පැමිණෙනවා ඇත. එය ටයිටැනික් නැවට එදා යාමට බැරි වූ සති දෙකේ චාරිකාවයි.
පළමු ටයිටැනික් නෞකාව මුහුදුබත් වූයේ 1912 වසරේ අප්‍රේල් 12 වැනිදාය. දියත් කර පැය 3කටත් අඩු කාලයකදී එය අයිස්බර්ගයක හැප්පුණේය.
එදා ටයිටැනික් නෞකාවේත් අද ටයිටැනික් නෞකාවේත් වෙනසක් තිබේ නම් ඒ තාක්ෂණික අංශයෙනි. නූතන තාක්ෂණික නැවිගේෂන් උපක්‍රම ඒ සඳහා යොදාගැනීමට නියමිත ය. මුල් ටයිටැනික් ආකෘතියට නූතන තාක්ෂණය මුසු කරමින් දෙවැනි නෞකාව ඉදිකර ඇත. නමුත් නෞකාව තුළට අන්තර්ජාල පහසුකම් ලබානොදීමේ තීරණයක් ද ගෙන තිබේ.
නෞකාව හිමි Blue Star Line සමාගම පවසන්නේ තමන් ‘පරිපූර්ණ ටයිටැනික් අත්දැකීමකට‘ සූදානම් වන බවයි.
මෙය වසර ගණනකට පෙර වැඩ නිම කිරීමට තිබූ ව්‍යාපෘතියක් වූ නමුත් යම්කිසි මූල්‍ය අර්බුදයක් හේතුවෙන් මේ නෞකාවේ වැඩ අදාළ කාලයේදී නිම කිරීමට ඉඩ ලැබුණේ නැත.
ටයිටැනික් නෞකාවේ කතාන්දරය විපතකින් අවසන් වුවද, එය ලෝකයේ සදාකාලික ආදර කතාවක් ලියා තැබුවේය. ජැක්-රෝස් යුවළ ටයිටැනික් චිත්‍රපටය හේතුවෙන් ලෝකයේ පරමාදර්ශී පෙම් යුවළ බවට පත්විය. ඉදිරියේදී ද එය එසේම වනු ඇත. මේ අත්දැකීම විඳ ගැනීම සඳහා අලුත් ටයිටැනික් නෞකාවට ගොඩ වැදීමට දැනටමත් මිලියන ගණනකගෙන් ඉල්ලුම තිබෙන බව පැවසේ.
කිසිම දවසක ගිල්වා දමන්නට බැරි යැයි කියූ ටයිටැනික් නෞකාව සිය මංගල චාරිකාවේදීම ගිලී යාමට හේතු ගණනාවක් ඉදිරිපත් කෙරිණි. මේ නෞකාවේ බිම් තට්ටුවේ මමියක් ප්‍රවාහනය කරමින් තිබූ නිසා එහි ශාපය හේතුවෙන් නෞකාව ගිලී ගිය බවට ද මති මතාන්තර තිබේ. ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක් වුණත්, ටයිටැනික් II නෞකාව නම් මේ වතාවේ මමියක් නැවට ගොඩ කර ගන්නා එකක් නැත.
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…