මේ ගත වෙමින් යන්නේ ඇමරිකානු මධ්‍යම රජය අකර්මණ්‍ය වීමේ 19 වැනි දිනයයි. මේ වන විට ෆෙඩරල් සේවකයන් ලක්ෂ 8 කට වැටුප් නොලැබේ.
මෙක්සිකානු දේශසීමාව ආවරණය කරමින් තාප්පයක් ගැසීමට ඇමරිකානු ඩොලර් බිලියන 5.7 ක මුදල සම්මත කරන තෙක් තමන් අයවැය අර්බුදය අවසන් කිරීමේ කිසිදු යෝජනාවකට අත්සන් නොකරන බව ට්‍රම්ප් කියා තිබිණි.
එසේම මෙම අර්බුදයෙන් පසු ප්‍රථම වරට ඕවල් කාර්යාලයේ සිට ජාතිය අමතමින් මෙයට දෙදිනකට පෙර ට්‍රම්ප් කියා තිබුණේ එම තාප්පය ඉදි නොකිරීම මානුෂීය හා රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අර්බුදයක් බවට පත්විය හැකි බවයි. නමුත් මෙම ප්‍රකාශය ‘නැති තර්ජනයක් මවා පෑමක්‘ බව කියමින් නව කොංග්රස් කථානායිකා නැන්සි පෙලොසි එය දැඩි සේ විවේචනය කර තිබිණි.
ඊයේ මෙම අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් අවසන් කර ගැනීමට නැන්සි පෙලොසි සහ චක් ෂූමර් යන ඩිමොක්රටික් නායකයන් දෙපළ විසින් ට්‍රම්ප්ට ආරාධනා කර තිබිණි.
ට්‍රම්ප් සුපුරුදු පරිදි එහිදී ද ෂයිලොක් මෙන් මස් රාත්තලම ඉල්ලා සිටියේය.
නැන්සි පෙලොසි නැවත වරක් එය තරයේ ප්‍රතික්ෂේප කළාය.
එවිට, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා, මේසයට වැරෙන් පහර දී නැගිට කාමරයෙන් ඉවත් ව ගොස් ඇති අතර, එයින් නොනැවතී මෙම සිදුවීම ගැන ‘බයි බායි‘ යැයි කියමින් ට්විටර් සටහනක් ද තබා ඇත.
එම ට්විටර් සටහනේ තවදුරටත් දැක්වෙන්නේ, එම සාකච්ඡාව සඳහා ඔහු වැය කළ කාලය ‘සම්පූර්ණ නාස්තියක්‘ බවයි.
පෙර ලිපි:
‘‘තාප්පය ඕනෑමයි‘ – ට්‍රම්ප් නැවත කියයි.
ට්‍රම්ප් අතිශය බිය විය යුතු ඇමරිකාවේ බලවත්ම ගැහැණිය
ගිනි ජාලා සහ අවුල් ජාලා ගැන – ධවල මන්දිරයේ කතා කරන පින්තූර
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…