මෙයට පැය කිහිපයකට පෙර ඇතිවූ මෙම සුළිකුණාටුව හේතුවෙන් එක් ජීවිත හානියක් පමණක් දැනට වාර්තා වී ඇති අතර විශාල දේපළ හානියක් ද වාර්තා වේ.
ජපන් දූපත් අතරින් ප්‍රධානතම දූපත ලෙස සැලකෙන හොන්ෂු දූපත, ෂිකෝකු දූපත සමග සම්බන්ධ කරන පාලම මතින් ගමන් ගත් බස් රථයක් සුළඟට ගසාගෙන යන ආකාරය දැකගත හැකි විය.
කියොතෝ නුවර දුම්රිය ස්ථානයේ වීදුරු වහලයක් කඩා වැටී ඇති අතර එහිදී කිහිප දෙනෙක් තුවාළ ලැබූහ. මේ අතර, ටොන් 2591 ක් බරැති නෞකාවක් ඔසාකා මුහුදු බොක්ක අසල පාලමක ගැටී තිබේ. ඔසාකා ගුවන් තොටුපොළේ ගුවන් පථය මෙන්ම බිම් මාලය ද මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ ජලයෙන් යට වී තිබේ.
සුළි සුළඟෙන් වැඩිම හානිය වාර්තා වන්නේ රටේ බටහිර ප්‍රදේශයෙනි. මෙම සුළි සුළඟ තෝකියෝ අගනුවර වෙත ළඟා නොවන බව එහි ගමන් මාර්ගය නිරීක්ෂණය කරන විශේෂඥයෝ පවසති. වැඩිම අවදානමක් සහිත නගර දෙක වශයෙන් හඳුනාගෙන ඇත්තේ කියතෝ සහ ඔසාකා ය.
මිලියන 1.9 ක ජනතාවකට ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙසට මේ වන විට දැනුම් දී තිබේ. කෝබේ නුවර වැසියන්ට ආරක්ෂිත ස්ථාන කරා යන්නැයි දැඩි අවවාද නිකුත් කර ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරියේදී දැඩි වර්ෂාව සහ නාය යාම් මාලාවක් බලාපොරොත්තු විය යුතු බවයි. උදම් රළ මට්ටම ඉහළයාම, විදුලි කෙටීම් සහ ටොනේඩෝ අවදානම ද දැඩි සේ ඉහළ ගොස් තිබේ.
1993 වසරේදී ජපානය මෙවැනිම දරුණු සුළි සුළඟකට මුහුණ දුන් අතර එහිදී පුද්ගලයන් 48 දෙනෙක් ජීවිතක්ෂයට පත්වීම හෝ අතුරුදහන් වීම සිදුවිය.
පසුගිය ජූලි මාසයේදී ද ජපානය දරුණු ස්වභාවික විපතකට මුහුණ දුන්නේය. උග්‍ර ගං වතුර තත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 200කට අධික විය.
අද රාත්‍රියේ ජපන් මුහුද දෙසට ගමන් ගනිමින් සිටින ජෙබී, ඉන්පසු සන්සුන් සුළං තත්වයක් දක්වා මර්දනය වනු ඇතැයි පැවසේ.
ඒ අනුව ජපානය මේ වන විට ගත කරමින් සිටින්නේ තීරණාත්මක පැය කිහිපයකි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…