යුක්රේනයේ පිහිටා ඇති මේ වන විට රුසියානු හමුදා විසින් අල්ලා ගෙන ඇති සපොරිසියා (Zaporizhzhia) න්‍යෂ්ඨික බලාගාරයේ වැඩකටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව එරට නිල රාජ්‍ය න්‍යෂ්ඨික බලාගාර නියාමක ආයතනය වන එනර්ගෝතොම් (Energoatom) ප්‍රකාශ කර සිටියි.
අද (11) දින එම ආයතනය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්.
සපොරිසියා න්‍යෂ්ඨික බලාගාරයේ සයවන ඒකකය ජාතික පද්ධතියෙන් විසංධි කිරීමට එනර්ගෝතොම් ආයතනය කටයුතු කර ඇත.
ආරක්ෂාව පතා මෙම න්‍යෂ්ඨික බලාගාරය පිහිටා ඇති ප්‍රදේශයේ වෙසෙන ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත්ව යාමට යුක්රේන රජය ඉල්ලා සිටී.
මෙම කලාපය තුළ සන්නද්ධ මෙහෙයුම් සිදුවීම හමුවේ නිර්මාණය විය හැකි අතිබිහිසුණු ප්‍රතිවිපාක පිළිබඳව යුක්රේනය රුසියාවට ඇඟිල්ල දිගුකරමින් කර සිටින අතර, රුසියාව යුක්රේනයට ඇඟිල්ල දිගුකරමින් සිටී.
මෙම කලාපය තුළ මතුව ඇති සන්නද්ධ මෙහෙයුම් නිසා 80 දශකයේ අගභාගයේ සිදුවූ ෂර්නොබිල් විනාශය හා සමානම විනාශයක් නැවත සිදුවිය හැකි බවට යුක්රේන ජනපති වොලොදිමිර් සෙලෙන්ස්කි විසින් අනතුරු අඟවා තිබේ.
එබැවින් අදාළ කලාපය මිලිටරිකරණයෙන් මුදවා ගන්නා ලෙස යුක්රේන ජනපතිවරයා ඉල්ලා සිටියි.
ෂර්නොබිල් විනාශයේ මූලික වගකීම එවකට පැවති සෝවියට් සමූහාණ්ඩුව භාරගත් අතර, ඉන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව අදටත් නිශ්චිතව ගණනය කර නැත.
ඡායාරූප: රොයිටර්
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…