විශේෂාංග

බීරූට් පිපිරුම අත්වැරදීමක් ද, සැලසුම් සහගතව පුපුරුවා හැරියා ද? ලෙබනනයේ අළු අතර ‘කන්ස්පිරසි තියරි’

මීට දින ගණනාවකට ඉහත ලෙබනනයේ බීරූට් නගරයේ වරායේ ගබඩාවක පැවති ඇමෝනියම් නයිට්‍රේට් බහාලූ ටැංකි පුපුරා යාමෙන් අත්වූ මහා විනාශයේ කැළඹුම් ධාරා තවමත් අවසන්ව නැත.

බීරූට් නගරයේ හටගත් පිපිරුමෙන් පුද්ගලයින් 200 පමණ ජීවිතක්ෂයට පත්වූ අතර, 3000 කට අධික පිරිසක් තුවාල ලැබීය.

මිනිස් ජීවිත බිලිගනිමින් හටගත් මෙම ඛේදවාචකය එතැනින්ද නොනැවතී කඩා වැටුණු ආර්ථිකයකට හිමිකම් කී ලෙබනනය නැත්තටම නැති කර දැමීමට සමත් වූවා යැයි ඇතමෙකු විග්‍රහ කරන්නේ නම් එහි වරදක් නැත.

මන්ද, මෙම පිපිරුම නිසා වරාය කලාපයෙන් ආරම්භව බීරූට් නගරය සුනුවිසුණු වී ගියේ සම්පත් විශාල ප්‍රමාණයක් අළු කර දමිමින් රටේ ආර්ථිකයට නිරයේ කුළුගෙඩි පහරක් එල්ල කරමිනි.

බීරූට් නගරයේ හටගත් මෙම ඛේදවාචකයට සෘජුව ලෙබනන රජය වගකිව යුතු යැයි චෝදනා එල්ල වූ අතර, එරට අග්‍රාමාත්‍ය හසාන් දායිබ් ද සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන ලදී.

මෙම පිපිරුම, රජයටත් වඩා විශාල වසංගතකාරී දූෂණයක ප්‍රතිඵලයක් බව දායිබ් සිය මාධ්‍ය නිවේදනය තුළ ප්‍රකාශ කර තිබිණි.

මෙම සිදුවීමත් සමඟ බොහෝ මාධ්‍ය වල මෙන්ම ලොව පුරා ද අතිශයින් කතාබහට ලක්වූ එක් පැණයක් පවතී..

මෙම පිපිරුම හට ගත්තේ කෙසේද?

දැනට පළවන වාර්තා වලට අනුව, පිපිරීමට හේතුවී තිබෙන්නේ ගිණිකෙලි බවට විශ්වාස කෙරේ. එහෙත්.. බීරූට් නගරය පුරා විසිරී ගිය අළු යළි පොළවට පතිත වීමටත් පෙර පිපිරුම පිටුපස රාජ්‍ය ත්‍රස්තවාදය පැවති බවට චෝදනා එල්ල වීම නොනැවතී ඇති බවක් පෙනෙන්නට තිබේ.

මෙය ආගමට ගැරහීමක් නොවේ. එහෙත්, ආගමික මතවාදයන් ගෙන් ගහණ කලාපයක සුපුරුදු පරිදි එකිනෙකාට ඇඟිල්ල දිගුකර ගැනීම ආරම්භ වී ඇති බවක් නම් දැන් පෙනෙන්නට තිබේ.

පිපිරුම පිටුපස ‘තියරි’ ගොඩනැඟීම

ජාත්‍යන්තර අවධානය යොමුවන අන්දමේ ඛේදවාචකයක් ලොව ඕනෑම කලාපයක සිදුවූ විට නිසැකවම හටගන්නා පළමු න්‍යාය වනුයේ මිලිටරිය මේ පිටුපස සිටින බවයි.

විදෙස් මූලාශ්‍ර වලට අනුව බීරූට් පිපිරුම සැලසුම් සහගත ක්‍රියාවක ප්‍රතිඵලයක් බවට න්‍යායන් ගොඩ නඟන පාර්ශවයන් ගෙන එන පළමු තර්කය වනුයේ හමුදා දෘඩාංග මෙම සිදුවීමට සම්බන්ධ බවයි.

බීරූට් නගරයේ වරාය අසල අහසේ ඇමරිකානු හමුදා ගුවන් යානා සැරිසැර ඇති බවට ශබ්ද ඇසී ඇති බවත්, ඇතැම් අවස්ථා වල පිපිරුම හට ගැනීමට මොහොතකට පෙර හමුදා ගුවන්යානා අහසේ පියාසර කර ඇති බවට ඇසින් දුටු සාක්ෂි ඇති බවත් ඇලිසන් තහ්මිසියන් මියුස් වාර්තා වල දැක්වෙයි.

ඇතැම් විදෙස් වාර්තා වලට අනුව බටහිර ඔත්තුබැලීමේ ගුවන් යානා අසල කලාපය තුළ පියාසර කර ඇත.

කෙසේවෙතත්, එක්සත් ජනපදය මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන අතර, මෙම සිදුවීම වන කාලය තුළ සිය හමුදා ගුවන් යානා එම කලාපයේ ගමන් නොකළ බව අවධාරණය කරයි.

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මෙම න්‍යායන් වලට පිළිතුරු සැපයීමට කාලය වැය කරේ නැත.

කෙසේවෙතත්, පිපිරුම පිටුපස න්‍යායාචාර්යවරුන්ගේ මතයන් වලට යම් පණක් ලබා දීම හෝ ආරම්භ වූයේ ලෙබනනයේ හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු මෙම සිදුවීම අරඹයා ඊශ්‍රායලයට ඇඟිලි දිගු කිරීම ආරම්භ වූ මොහොතේ පටන් ය.

ලෙබනනයේ හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය නොහාඩ් මෂ්නොක් මේ පිළිබඳ පළමු වරට අදහස් දක්වමින් පවසා සිටියේ ඊශ්‍රායලය සෘජුව මෙම පිපිරීමට වග කිව යුතු බවයි.

“බීරූට් සිදුවීම පැහැදිලිවම ඊශ්‍රායලය විසින් සිදුකරන ලද මෙහෙයුමක්. අප මේ දකින්නේ මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකරන ලද අපරාධයක් දෙසයි. එබැවින් කිසිවකු එහි වගකීම භාර ගැනීමට එඩිතර වන්නේ නැත.” 

එසේ පවසා සිටියේ මෂ්නොක් ය. වාර්තා කරන ලද්දේ ඇලිසන් තහ්මිසියන් මියුස් විසිනි.

දූෂණ චෝදනා වලින් මිදීමට ලෙබනන රජය විසින් සිතා මතා පිපිරුම සිදුකළා ද?

බ්‍රසීල මාධ්‍යවේදියකු හා ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයකු වන පෙපෙ එස්කොබාර් විශ්වාස කරන්නේ ද පිපිරුම සිතා මතා සිදුකළ ක්‍රියාවක ප්‍රතිඵලයක් බවයි.

බීරූට් පිපිරුම පිළිබඳ වඩාත් ප්‍රසිද්ධ හා ජනගත කළ මතය වූයේ දූෂිත හා අසාර්ථක ලෙබනන රජයේ නොසැලකිලිමත්භාවය මත මෙම ඛේදවාචකය හටගත් බවය.

එහෙත්, එස්කොබාර් තර්ක කරන්නේ ගැඹුරට හදාරා බැලීමේදී මෙම සිදුවීම ලෙබනන රජයේ දූෂිත හා ජනතාව සූරාකෑමේ ප්‍රතිපත්තිය තුළ ජනතාවගේ විරෝධය එල්ල වීම අරඹයා සැලසුම් සහගතව දියත් කරවූ මෙහෙයුමක් බවය.

පිපිරුම හට ගැනීමට පෙර සිටම පවා ලෙබනන වැසියන් රජයයේ දූෂිත ප්‍රතිපත්තීන් ට එරෙහිව වීදි බැස සිටි අවස්ථා එමට ය.

එබැවින් මෙවන් විනාශයක් ඇතිවීම තුළින් දූෂණ චෝදනා සහ ආර්ථිකය කඩා වැටීම සාධාරිණීකරණය කිරීමට රජය ගත් තැතක් බව ඔහුගේ මතයයි.

පෙර පැවති රජයට චෝදනා දිගු කරමින් ලෙබනන ජනපති මිකෙල් අවුන් පවසා සිටියේ මෙම ඇමෝනියම් නයිට්‍රේට් තොගය වසර 6 ක් පැරණි සහ පිපිරීම සිදුවීමට සති 3 කට පෙර මේ පිළිබඳ අදාළ නිලධාරීන් හට අවශ්‍ය පියවර ගෙන කටයුතු කිරීමට පැවසූ බවත් ය.

ඒ අනුව බීරූට් නගරයේ පිපිරුමේ වගකීම පෙර පැවති රජයට පටවා අත පිස දමා ගැනීමට තැත් කිරීම තුළින් වත්මන් රජයේ සූක්ෂම සැලැස්ම පසක් වන බව ද, මෙම න්‍යාය තුළින් පෙන්වා දෙයි.

ලෙබනනයේ අනාගතය කුමක්ද?

ඇලිසන් තහ්මිසියන් මියුස් සිය වාර්තා වලින් පෙන්වා දෙන්නේ එවැනි න්‍යායක් පවා ලෙහෙසියෙන් බැහැර කළ නොහැකි බවයි.

පිපිරුමෙන් ඉතිරි වූ සුන්බුන් විශ්ලේෂණය කිරීමේදී ඇති වූ අලාභය ට්‍රම්ප් මේ පිළිබඳ කළ පුරෝකථනයන් හා බෙහෙවින් සැසඳෙන බව මියුස් ගේ වාර්තා වල පෙන්වා දෙයි.

න්‍යායන් කෙසේවෙතත්, මෙම පිපිරීමෙන් ලෙබනනයේ පැවැත්ම නම් ප්‍රපාතයකට ඇද දමා ඇති බව පැහැදිලිය.

මේ වන විට ලෙබනන රජය කඩා වැටී ඇත. රටෙහි සුනුවිසුණු වී ගිය ආර්ථිකය හමුවේ රට වැසියන් උරණ වී ඇත.

නිමානොවන උද්ඝෝෂණ එරට වැසියන්ගේ නිත්‍ය අංගයක් බවට පත්ව තිබේ.

බීරූට් පිපිරුම තුළින් සිදුවූයේ එය තවත් උත්සන්න වීමක් මිස අවම වීමක් නොවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මේ වන විටත් ලෙබනනයේ බිඳවැටුණු ආර්ථිකයට උපකාර කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

එහෙයින් ලෙබනනයට පිහිටට ඉතිරිව සිටින්නේ චීනයේ Belt and Road ආර්ථික සැලැස්ම බවට ඇතැම් විශ්ලේෂකයන් ගේ මතයයි.

මේ සියල්ල අතර, ලෙබනනයට නව රජයක් පත් කර ගැනීම ද අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්ව තිබේ.

පෙර ලිපි:
ලෙබනන් අගමැති ඉල්ලා අස්වෙයි – පුපුරණ බව දැන සිටි ජනපති නිහඬයි
බීරූට් පිපිරුම – ඉතිහාසය යළි සිහිකැඳවන්නක් ද
ලෙබනනයේ බෙරුට් නගරයේ පිපිරුමක්! පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට!!

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

17 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

19 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

20 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

21 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

1 day ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

4 days ago