ඒ, ඔහුගේ ධුර කාලය අවසන් වීමට තව වසර 3 ක් තිබියදී ය.
ධුරයෙන් ඉවත් වීමෙන් පසු ජිම් යොන්ග් කිම්, සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් ආයෝජන කෙරෙහි කැපවීමට නියමිත බව ලෝක බැංකුව පවසයි.
කෙසේ නමුත් මෙම ඉල්ලා අස්වීම සඳහා කිසිදු හේතුවක් ඔහු විසින් දක්වා නැත. නමුත් ඔහු දේශගුණික විපර්යාස පිළිබඳ ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ස්ථාවරය නිසා අප්රකටව ට්‍රම්ප් සමග ගැටුම් ඇතිකරගත් අයෙක් ලෙස ප්‍රකට ය.
වසර 2022 වන තෙක් මෙම ධුරය දැරීමට නියමිතව සිටි ඔහු පස් වසරක ධුර කාලයක් සඳහා දෙවන වර පත් කරනු ලැබුවේ 2017 වසරේදී ය.
1947 වසරේදී ලෝක බැංකුව ස්ථාපිත කරනු ලැබුවේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ය. යුරෝපියානුවන් විසින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) මෙහෙයවමින් සිටි අතර ලෝක බැංකුව ‘ඇමරිකානුවන්ගේ ලෝක බැංකුව‘ විය. මේ දීර්ඝ කාලය තුළ ද ලෝක බැංකුවේ ඇමරිකානු ආධිපත්‍යය එලෙසින්ම පැවතුණු බව විචාරකයෝ කියති.
ජිම් යොන්ග් කිම් ලෝක බැංකු සභාපතිවරයා, ට්‍රම්ප් සමග ප්‍රසිද්ධියේ ගැටුම් ඇති කර නොගත්තද, ප්‍රතිපත්තිමය වශයෙන් ට්‍රම්ප්ගේ දේශගුණික විපර්යාස වැඩසටහන සමග ගැටුම් ඇති කර ගත්තෙකි. පරිසරයට විශාල විනාශයක් කරමින් සිටින ට්‍රම්ප්ගේ ගල් අඟුරු බලශක්ති වැඩසටහන වෙත ලෝක බැංකුව සිය සහයෝගය දැක්වීම නතර කර දැමුවේ ජිම් යොන්ග් කිම්ගේ උපදෙස් අනුව ය. ට්‍රම්ප්, ඇමරිකාවේ ගල් අඟුරු කර්මාන්තය සමාලෝචනය කිරීමේ පොරොන්දුව කඩ කිරීමට ප්‍රතිචාරයක් වශයෙන් මෙසේ කරන ලදී.
මේ අතර, අප්‍රේල් මාසයේදී චීනයට ගෙවිය යුතු ණය මුදල් සම්බන්ධයෙන් ද ට්‍රම්ප්ගෙන් ලෝක බැංකු ප්‍රධානියාට විශාල බලපෑමක් සිදුකෙරිණි. එවර ඩොලර් බිලියන 13 ක ප්‍රාග්ධනයක් සුරක්ෂිත කර ගැනීම සඳහා ට්‍රම්ප්ගේ බලපෑම මත ලෝක බැංකුව සිය ණය දීමේ ව්‍යූහය ද වෙනස් කළේය.
59 හැවිරිදි වත්මන් ලෝක බැංකු සභාපතිවරයා කොරියානු සම්භවයක් සහිත ඇමරිකානු ජාතිකයෙකි. එසේම ඔහු වෛද්‍යවරයෙකු ලෙස වෘත්තීය පුහුණුව ලද අයෙක් විය. ඔහුව නම් කරනු ලැබුවේ ඔබාමා පරිපාලනය විසිනි. ඔහු සමග නාම යෝජනා ලැබූ අනෙක් දෙදෙනා කොලොම්බියානු සහ නයිජීරියානු ජාතිකයෝ වූහ.
ජිම් යොන්ග් කිම් ව 2018 ෆෝබ්ස් ලැයිස්තුව විසින් ලෝකයේ වඩාත්ම බලවත් පුද්ගලයෙකු ලෙස නම් කරනු ලැබිණි.
2018 වසර තුළ ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 67 ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබිණි.
මීළඟ ලෝක බැංකු සභාපතිවරයා පත් කිරීම පිළිබඳ කටයුතු වහාම ආරම්භ කරන බව දැනටමත් ප්‍රකාශ වී තිබේ.
ලෝක බැංකුව තුළ ඉතිහාසයේ පටන් පැවති ඇමරිකානු ආධිපත්‍යය පිළිබඳ සලකා බලන විචාරකයන් පවසන්නේ, මෙම ඉල්ලා අස්වීම, ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට මීළඟ ලෝක බැංකු සභාපතිවරයා වශයෙන් ඇමරිකානුවෙකු පත් කරගැනීමට අවස්ථාව ලබාදීමක් ද ලෙස ය.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…