මෙසේ කියන්නේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය.
ඔයායෝ ජනපදයේ ටොලිඩෝ හි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකදී ඔහු මෙසේ පවසන ආකාරය සහිත වීඩියෝවක් ට්විටර් හරහා දැන් වයිරල් වෙමින් තිබේ.
මෙහිදී ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය දිනාගත් පුද්ගලයා ගේ නම සඳහන් නොකළත්, ඒ ඉතියෝපියා අගමැති අබී අහමද් (Abiy Ahmed) බව නොරහසකි. 43 හැවිරිදි අහමද්, අප්‍රිකාවේ ළාබාලතම රාජ්‍ය නායකයා වේ.
2018 වසරේ ඉතියෝපියාවේ හටගත් මහාපරිමාණ උද්ඝෝෂණවලින් පසු අප්‍රේල් මාසයේ බලයට පත් අබී අහමද්, අති සාර්ථක ලෙස දැවැන්ත ලිබරල් කරණ වැඩපිළිවෙළක් ඉතියෝපියාවට හඳුන්වා දුන්නේය.
දහස් ගණන් වූ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, පිටුවහල් වී සිටි විප්‍රවාසිකයන් හට නැවත සිය රට බලා ඒමට ඉඩ සලසාලීම, මාධ්‍ය නිදහස, අගවිනිසුරු ධුරයට ද ඇතුළුව රටේ ප්‍රධාන ධුරවලට කාන්තාවන් පත් කිරීම ඇතුළු බටහිර පවා මවිත වන වැඩ පිළිවෙළක් දියත් කළේය.
මේ අනුව 2019 ඔක්තෝබර් මාසයේදී ඔහුට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන ලදී. ඒ, අසල්වැසි එරිත්‍රියාව සමග ස්ථිරසාර සාමයක් ඇති කර ගැනීම හේතුවෙනි. එය දශක දෙකක් තිස්සේ වසා දමා තිබූ දීර්ඝ දේශසීමාව විවර කළේය. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 වසරේ ධුරයට පත් වීමෙන් පසු රාජ්‍ය නායකයෙකු විසින් නොබෙල් සාම ත්‍යාගය දිනාගත් පළමු අවස්ථාව මෙයයි. මේ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ හිතේ අමාරුව වැඩිවීමට මෙය ද හේතු වූවා විය හැකිය.
එරිත්‍රියාව සමග සාම ගිවිසුම සාර්ථක වීමෙන් පසු, සිය රට දිවා රෑ නොබලා දියුණු කරන අතරවාරයේ අගමැති අබී අහමද් අසල්වැසි අප්‍රිකානු රටවල ද අරගල නිමා කිරීම සහ යුද්ධ අවසන් කිරීමට සහයෝගය ලබා දෙමින් සිටියි. නමුත් ඊට සාපේක්ෂව ඩොනල්ඩ් ට්‍රම්ප් කරන්නේ කුමක්ද?
තුන්වැනි ලෝක යුද්ධයක් හටගතහොත්, වැඩිපුරම මේ ලෝකයේ ධනවත් වන රට ඇමරිකාවයි. ලෝකයේ ලොකුම ආයුධ වෙළෙන්දා වන්නේ ඇමරිකායි. එහි නායකයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි යුද්ධයට සහ ගිනිඅවිවලට ආවඩන අංක එකේ ආයුධ වෙළෙන්දා ය. නමුත් මේ සියල්ලම අතරේ ඔහුට නොබෙල් සාම ත්‍යාගයත් උවමනා කර තිබේ. එය නොලැබීම ගැන හිතේ අමාරුවකුත් තිබේ! දැන් ඉතින් මේ අවනඩුව කාට කියන්නද..?
කියවන්න, නොබෙල් සාම ත්‍යාගය දිනූ ඉතියෝපියාවේ නෙල්සන් මැන්ඩෙලා – අගමැති අබී අපට කියන කතාව
ඉතියෝපියාවේ අග විනිසුරු ධුරයත් කාන්තාවකට!
ඉතියෝපියාවේ බලවත් තැන් බවලතුන්ට
එතියෝපියාව සහ එරිත්‍රියාව එක්සත් වෙයි – දෙකටම නැති යුද්ධය නිමා කරයි
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…