ක්‍රීඩා

මුම්බායි ඉන්ඩියන්ස් පස්වැනි වරටත් IPL ශූරයන් වෙයි

පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය, ගෝලීය කොවිඩ් වසංගත තත්වය හමුවේ කල් දැමුණු අතර අවසානයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට තීරණය කෙරිණි.

මාස එකහමාරකට අධික කාලයක් තිස්සේ ඩුබායි, අබුඩාබි, සාජා ක්‍රීඩාංගන කේන්ද්‍ර කර ගනිමින් පැවති තරගාවලියේදී පළමු වරට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබීය. එහෙත් ඉතිහාසය පුරා සාර්ථකම කණ්ඩායම වූ මුම්බායි කණ්ඩායම හමුවේ ඔවුන්ට අනුශූරතාවයෙන් සැනසීමට පත්වීමට සිදුව තිබේ. මෙවර තරගාවලිය තුළ මෙම කණ්ඩායම් දෙක අවස්ථා හතරකදී තරග කළ අතර එම තරග හතරම ජය ගැනීමට මුම්බායි කණ්ඩායම සමත් වීමද විශේෂත්වයකි.

කාසියේ වාසිය දිනාගත් දිල්ලි කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර එම තීරණය එතරම් සුබදායී නොවූයේ ලකුණු 22 ක් වනවිට ඔවුන්ගේ පළමු කඩුලු 03 ම දැවී යාම හේතුවෙනි. කෙසේ නමුත් නායක ශ්‍රෙයාස් අයියර් සහ රිශාබ් පන්ට් අතර සිව්වැනි කඩුල්ලට ගොඩනැගුණු ලකුණු 96 ක සබඳතාවය හේතුවෙන් ඔවුන්ට පන්දු වාර 20 අවසානයේදී කඩුලු 07 ක් දැවී ලකුණු 156 ක් ලබා ගැනීමට හැකි විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි මුම්බායි කණ්ඩායම් පන්දුවාර 18.4 කදී සිය ඉලක්කය සපුරා ගත් අතර තරගාවලිය පුරා එතරම් ලකුණු අතර නොසිටි නායක රෝහිත් ශර්මා අවශ්‍යම මොහොතේ ලකුණු 68 ක් ලබා ගැනීම කණ්ඩායමට මහත් අස්වැසිල්ලක් විය.

මුම්බායි කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිංග මෙවර තරගාවලියට සහභාගි නොවූ අතර ඔහු නොමැතිව මුම්බායි කණ්ඩායම ශූරතාවය දිනාගත් පළමු අවස්ථාව ද මෙය වේ.

මුම්බායි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසර ගණනාවක සිට, හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන කටයුතු කරන අතර මුම්බායි කණ්ඩායම දිනාගත් ශූරතා පහෙන් තුනක්ම මහේලගේ පුහුණුකාරීත්වය යටතේ දිනා ගැනීම ද විශේෂත්වයකි.

මෙවර තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ එකම ක්‍රීඩකයා වන ඉසුරු උදාන බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග කිහිපයකට සහභාගි විය. කෙසේ නමුත් ඔහු කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අසමත් වූ අතර ඔහුගේ කණ්ඩායමට අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීමටද නොහැකි විය.

UN – LNW

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

11 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

13 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

14 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

15 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

1 day ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

1 day ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

4 days ago