ක්‍රීඩා

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක අජිත් වඩේකාර් සමුගනියි.

අජිත් වඩේකාර් නාමය ඉන්දීය ක්‍රිකට් ලොවේ අමරණීය නාමයකි.

1971 වසරේදී එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් පිල්, එම රටවල්වලදී ම පැරදවූ හෙයින් ඉන්දියාව විසින් අජිත් වඩේකාර් හඳුන්වන්නේ ‘එතෙරදී තරග ජයගන්නා හැටි කියාදුන් ක්‍රිකට් නායකයා‘ යනුවෙනි.

Jammu Links News

විශේෂයෙන්ම ඒ යුගයේ එංගලන්ත ක්‍රිකට් පිල සමන්විත වූයේ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්, ක්ලයිව් ලොයිඩ් සහ රෝයි ෆෙඩ්රික්ස් වැනි අසහාය දැවැන්තයන්ගෙනි.

Indian cricketer Sachin Tendulkar (L) is presented with a citation by former cricket captain Ajit Wadekar  AFPHOTO/Sebastian D’SOUZA / AFP PHOTO / SEBASTIAN D’SOUZA

ඉන්දියාවේ එදා මෙදාතුර බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස සැලකෙන සුනිල් ගවාස්කර්, ගුන්ඩාප්පා විශ්වන්ත්ත්, එස්. වෙන්කත් රාඝවන් සහ බී.එස්. බේදි යන ක්‍රීඩකයන් අජිත් වඩේකාර්ගේ මග පෙන්වීම යටතේ ක්‍රිකට් ක්ෂේත්‍රයට පිවිසුණු අය ය. වරක් සුනිල් ගවාස්කර් පැවසුවේ, ඉන්දියානු ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම නායකයා අජිත් වඩේකාර් බව ය.

අජිත් වඩේකාර් 1971 ඉන්දියානු කණ්ඩායම සමග | The Quint

වමත් පිතිකරුවෙකු වන අජිත් වඩේකාර් 1971 වසරේ ඕවල් ක්‍රීඩාංගනයේදී ඉන්දියාව එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ජයග්‍රහණය කරා ගෙන ගියේය. සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ ලකුණු 2113 ක් වාර්තා කළ අජිත් වඩේකාර්, 1966 සහ 1974 කාලය තුළ ටෙස්ට් තරග 37කට සහභාගි විය. පසුව ඔහු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු, කණ්ඩායම් කළමනාකරු සහ ඉන්දීය ක්‍රීඩකයන්ගේ තේරීම් කමිටුවේ ද සේවය කළේය. ඔහුට පෙර මේ අවස්ථාව ලබාගෙන තිබෙන්නේ ලාලා අමරනාත් සහ චන්දු බෝර්දේ පමණි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ට්විටර් පණිවුඩය

‘‘ඔහු අපේ කණ්ඩායම අපේ ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම අමතක නොවන ජයග්‍රහණ කරා මෙහෙයවූවා“ යැයි අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ට්විටර් පණිවුඩයක් නිකුත් කිරීමෙන් කියා සිටියේය.

වත්මන් ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු රවී ශාස්ත්‍රී කියා තිබෙන්නේ අජිත් වඩේකාර්ගේ සමුගැනීම ‘ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ දුක්බර නිමේෂයක්‘ වන බවයි.

රවී ශාස්ත්‍රිගේ ට්විටර් පණිවුඩය

දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි අජිත් වඩේකාර්, ඊයේ මෙලොවින් සමුගෙන ගියේ මුම්බාය නගරයේදී ය.

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

15 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

17 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

18 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

19 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

1 day ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

4 days ago