2023 වසර ආරම්භ වන විටම ඔබ සැමට විවිධාකාරයේ වූ නැවුම් පුවත් වාර්තා වීම සිදුවිය. කෙසේ නමුත් මෙම පුවත Games සඳහා වඩා කැමැත්තක් දක්වන පාඨකයන් හට සුභදායක පුවතක් වනු නොඅනුමානය. මන්දයත් මෙම වසරේ දී Epic සමාගම මගින් iPhone වෙත Fortnite වීඩියෝ ක්‍රීඩාව ලබාදීමට හැකි වනු ඇති බවට වාර්තා වේ.
මේ වන විට ස්මාර්ට් දුරකථන සඳහා වීඩියෝ ක්‍රීඩා නිර්මාණය කිරීම යන කරුණ පිළිබඳව සමාගම් විශාල ප්‍රමාණයක අවධානය යොමුවී පවතී. Call Of Duty, PUBG වැනි ක්‍රීඩා ලොව පුරා ස්මාර්ට් දුරකථන පරිශීලකයන් අතර ජනප්‍රිය වන කාලයක් තුළ iPhone සඳහා Fortnite වැනි ඉහළ පෙලේ පරිඝණක ක්‍රීඩාවක් ලබාදීම විශාල හැරවුම් ලක්ෂ්‍යක් ලෙස සඳහන් කළ හැකිය.
මින් පෙර ද එනම් මීට වසර දෙකකට පමණ ඉහත දී Epic සමාගම මගින් App Store වෙත Fortnite වීඩියෝ ක්‍රීඩාව ලබාදීම සිදුකර ඇතත් එම ක්‍රීඩාව තුළ මිලදී ගැනිම් සිදුකළ හැකිවන Payment System එකක් නිර්මාණය කිරීමෙන් පසු පැන නැගුණු ගැටලුකාරී වාතාවරණයක් හේතුවෙන් App Store වෙතින් Fortnite ක්‍රීඩාව ඉවත් කිරීම සඳහා තීරණය කර තිබුණි.
වසර දෙකක නිහැඬියාවකින් පසුව පසුගිය වසර තුළ iPhone සහ iPad වෙත Fortnite ලබාදීමට සූදානම් වන බවට පළ වූ කටකතා කිහිපයක් හේතුවෙන් මෙම සිදුවීම තරමක් ජනප්‍රියතාවයට පත්විය. කෙසේ නමුත් Epic සමාගමේ විධායක නිලධාරියෙකු වන Tim Sweeney පවසා ඇත්තේ ඉදිරියේදී එම සිදුවීම සත්‍යක් වනු ඇති බවටයි.
මීට පෙර App Store මගින් මෙම ක්‍රීඩාව පරිශීලකයන් හට ලබාදීමට අවස්ථාව තිබූ බව ඔබ මේ වන විටත් දන්නා කරුණකි. නමුත් මෙම ක්‍රීඩාව App Store වෙතින් ඉවත් කිරීම සඳහා හේතු වූයේ App Store හරහා ක්‍රීඩාව තුළ සිදුවන ගෙවීම් වලට 30% අය කිරීමක් සිදුකරන නිසාවෙන් Epic සමාගම සිය Fortnite ක්‍රීඩාවේ විවිධාකාරවූ මිලදී ගැනීම් සඳහා වෙනත්ම ගෙවීමේ ක්‍රමයක් ඔවුන් විසින්ම හඳුන්වා දීමයි.
මෙය App Store හි පවතින නීති රෙගුලාසි වලට පටහැනි වන බැවින් Apple සමාගම සිය App Store වෙතින් Fortnite ක්‍රීඩාව ඉවත් කිරීම සඳහා තීරණය කරන ලදී. ඉන් පසුව ඇතිවූ වාතාවරණයත් සමග පැනනැගුණු නඩු කටයුතු වල අවසානයේ Apple සමාගම තීරණය කරනු ලැබූවේ App Store වෙතින් Epic සමාගමේ නිල ගිණුම පවා ඉවත් කිරීමටයි.
SOURCE: macrumors.com
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.