එසැණ පුවත්

අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දමමින් බ්‍රසීලය, ජාතික කෞතුකාගාරය නැවත ඉදිකිරීමට ආධාර පතයි.

සමාගම් සහ බැංකුවලින් තමන් ඒ සඳහා සහයෝගය පතන බවත් හැකි තාක් ඉක්මනින් කෞතුකාගාරය නැවත ගොඩනගන බවත් ජනාධිපතිවරයා පැවසුවේය.

ආණ්ඩුව විසින් මේ සඳහා ඩොලර් මිලියන 3.6 ක මූලික මුදලක් වෙන් කර ඇති බව ද ඔහු පැවසුවේය.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය රොසෙයිලි සෝරස් පවසන්නේ යුනෙස්කෝ ඇතුළු අන්තර්ජාතික සංවිධානවලින් ද මේ සඳහා සහයෝගය ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.

කෞතුකාගාරයේ හටගත් ගින්නෙන් එහි තිබු කලා කෘති සහ පෞරාණික වස්තු 90%කටත් වඩා විනාශ වී ඇති බව බ්‍රසීලය සනාථ කරයි.

කෞතුකාගාරය ඉහළ අහසට දිස්වන ආකාරය | AFP

ගින්න ඇති වීමට හේතුව කිසිවෙකු නොදන්නා නමුත්, අරමුදල් කපා හැරීම හේතුවෙන් ගතවූ වසර කිහිපය තුළ කෞතුකාගාරයේ නඩත්තු කටයුතු අතිශයින් අඩාල වී තිබූ බව එහි කාර්ය මණ්ඩලය පෙන්වා දෙයි. කෞතුකාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මාධ්‍ය සමග කියා ඇත්තේ, අය වැය කපාහැරීම නිසා සිදුවූ මේ විපත පිළිබඳ තමන් ‘දැඩි සේ කෝපයෙන්‘ පසු වන බවයි. ‘‘කෞතුකාගාරයට අනතුරක් සිදුවිය හැකි බව අපි හැම කෙනෙක්ම දැනගෙන සිටියා“ යැයි ද ඔහු කියා තිබේ. නූතන ගිනි නිවන උපකරණ ද ඇතුළුව කෞතුකාගාර නවීකරණ ව්‍යාපෘතියක් ඩොලර් මිලියන 5 ක වියදමෙන් සිදුකිරීමට නියමිත ව තිබුණත්, එය ආරම්භ කළ යුතුව තිබුණේ ඔක්තෝබර් මැතිවරණයෙන් පසුව බව ද ඔහු පෙන්වා දී තිබේ.

බොහෝ විට කෞතුකාගාරය මත උණුසුම් වායු බැලූනයක් පතිත වීම හෝ විදුලි කාන්දුවක් නිසා ගින්න හටගන්නට ඇතැයි විශ්වාස කෙරේ. කෞතුකාගාරය රක්ෂණය කර තිබුණා ද යන්න ද මෙතෙක් හෙළි වී නැත.

හරියටම වසර 200 ක් පැරණි මෙම රියෝ කෞතුකාගාරය, 19 වන සියවසට අයත්, පෘතුගාල රජ පවුලේ අතීත මාළිගය ද වෙයි.

ඇමරිකානු මහද්වීපයේ ස්වභාවික ඉතිහාසය සහ මානව විද්‍යාව පිළිබඳ පැරණිතම එකතූන් රාශියක් මෙහි විය. මේ අතර, වසර 12,000 ක් පැරණි ලුසියා නමැති මානවයාගේ අවශේෂයන් ද විය. ලතින් ඇමරිකාවේ පැරණිතම මානවයා වන ඇය, මානව පරිණාමය පිළිබඳ අධ්‍යයනයේ කිරීට මාණික්‍යයක් සේ සැලකිණි.

ලුසියා එදා | AFP

ඓතිහාසික කෘති මිලියන 200 ක් සහිත කාමර සිය ගණනක් ගින්නෙන් විනාශ විය. ඩයිනසෝරයෙකුගේ නැවත ගොඩනැංවූ ඇටසැකිල්ලක් මෙන්ම රෝමානු බිතුසිතුවම් සහ ප්‍රාග් කොළොම්බියානු යුගයේ බ්‍රසීලයෙන් හමුවූ කෞතුක භාණ්ඩ රැසක් ද මේ අතර වේ.

18 වන සියවසේ මිනාස් ග්‍රෙරිස් ප්‍රදේශයට පතිත වූ ටොන් 5 ක් බර ග්‍රාහකයක් ද මෙම කෞතුකාගාරයේ තිබිණි. එහි නම Bendegó ය.

ගින්නෙන් පසුව ගිනි නිවන භටයන් විසින් දැවී හළු වූ සිතුවම් ආදියේ ඉතිරි වූ රාමු සහ වෙනත් අවශේෂයන් ගෙන එන ආකාරය දැකගත හැකි විය.

AFP

දකුණු ඇමරිකාවේ සරුසාරම මානව විද්‍යාත්මක හා ඓතිහාසික උරුමයන් දරා සිටි මෙම කෞතුකාගාරය විනාශ වීම, එහි සංස්කෘතික ඛේදවාචකයක් ලෙස සැලකේ. මේ වන විට මේ පිළිබඳ සමස්ත ලෝකයේම අවධානය යොමු වී තිබෙන අතර, බ්‍රසීල ජනතාවගේ දැඩි කෝපය ද මෙම සිද්ධිය හේතුවෙන් බ්‍රසීල රජය වෙත යොමු වී තිබේ.

කෞතුකාගාරයේ රථ ගාල වෙත රැස්වූ පිරිසක් මේ පිළිබඳ සිය විරෝධතාවය දක්වන්නට වූ අතර, අය වැය කපා හැරීම පිළිබඳ ඔවුහු සිය කෝපය පළ කළහ. . පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හැරීමට සිදුවිය. පසුව ඔවුන් කෞතුකාගාරය වට කරමින් විරෝධතාවයෙන් යෙදෙන්නට පටන් ගෙන තිබේ.

කෞතුකාගාරය වටා උද්ඝෝෂණ| AFP

පෙර ලිපි-

ඩයිනසෝර ඇටකටු සහ ලුසියාගේ පොසිලය සමග බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරය ගිනිගෙන දැවෙයි

Share

Recent Posts

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

6 hours ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

8 hours ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

13 hours ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

13 hours ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

13 hours ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

14 hours ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

1 day ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

1 day ago

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…

1 day ago

ABC පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානිට මොකද වුණේ?

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…

2 days ago

ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු වෙයි!

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…

2 days ago

මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් ගාසාහි සමූහ මිනිවළකින් සොයා ගැනේ

එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…

2 days ago

ගංවතුර හා නාය යාම් හේතුවෙන් ටැන්සානියාවේ 155 දෙනෙකු මිය යයි

වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…

2 days ago

උණුසුම් කාලගුණය නිසා ළමයින් මි. 33කට පාසල් අහිමි වෙලා!

සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…

2 days ago

එක්සත් ජනපද විශ්ව විද්‍යාල පුරා “යුදෙව් විරෝධී වෛරසයක්”; ශිෂ්‍ය පෙළපාලි මර්දනය කෙරේ

සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.

3 days ago