මීට දින කිහිපයකට පෙර යුක්රේන මගී ගුවන් යානයක් ඉරානයේ ගුවන් තොටුපළකදී අනතුරට ලක්වූ අන්දම අප ඔබට වාර්තා කළෙමු.
විවිධ මති මතාන්තර, වාද විවාද, විචාර මධ්‍යයේ අවසානයේ ඉරානය මෙම අනතුරට වගකීම භාරගත් අයුරු ද විස්තර කළෙමු.
මෙම සිදුවීමත් සමඟ ඉරානයේ ටෙහ්රාන් අගනුවර දහස් සංඛ්‍යාත ජනයා වීදි බැස විරෝධය පෑමට කටයුතු කර තිබිණි.
එම විරෝධතාව ඉරාන රජයට විරුද්ධව සිදුවූ අතර, වීදි තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිවූ අන්දම ද වාර්තා වී තිබිණි.
මෙම විරෝධතා තුළ ඇමරිකානු හමුදා විසින් ඝාතනය කරනු ලැබූ කූඩ්ස් ප්‍රධානී කසෙම් සොලෙයිමානි ගේ ඡායාරූපයක් ඉරා දමමින් සිය පිළිකුල ප්‍රදර්ශනය කළ අන්දම දක්නට ලැබිණි.
මෙම සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් ඇමරිකානු ජනපති ට්‍රම්ප් ද විරෝධතාකරුවන්ට ප්‍රශංසා කොට තිබිණි.
කෙසේවෙතත්, මෙම විරෝධතා මධ්‍යයේ ඉරාන රජය උද්ඝෝෂකයින් පළවා හැරීමට විවිධ ක්‍රියාමාර්ග ගත් බවට විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබිණි.
ඒ අතර ප්‍රධාන පුවතක් වූයේ ටෙහ්රාන් පොලිසිය විසින් විරෝධතාකරුවන් හට වෙඩි ප්‍රහාර දියත් කළ බවයි.
මේ පිළිබඳ හැඟවෙන විවිධ ඡායාරූප හා වීඩියෝ පට සමාජ මාධ්‍ය ජාල පුරා ප්‍රචාරය වීමට පටන් ගෙන තිබිණි.
එම ඡායාරූප වල තුවාල ලැබූ පුද්ගලයින් රැගෙන යන අන්දම සටහන් වී තිබූ අතර, වීඩියෝ පට වල පොලිසිය යැයි විශ්වාස කළ හැකි පිරිස් විසින් රැස්ව සිටි පිරිසට වෙඩි තබන අන්දම දැක්විණි.
කෙසේවෙතත්, ටෙහ්රාන පොලිසිය විසින් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කොට තිබේ.
ටෙහ්රාන පොලිස් ප්‍රධානී නිකුත් කළ නිවේදනයකට අනුව පොලිසිය කිසිදු විටක විරෝධතාකරුවන් හට වෙඩි තැබීමට කටයුතු නොකළ බව දැක්වෙයි.
මේ පිළිබඳ සිදුකළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති වෙබ් අඩවියේ අද (13) දින පළ කර තිබේ.
ටෙහ්රාන පොලිසිය සිදුකළ නිවේදනයේ දැක්වෙන්නේ ඔවුනට ලැබුණු විධාන අනුව තත්ත්වය පාලනය කිරීමක් පමණක් සිදුවූ බවයි.
කිසිදු විටක වෙඩි තැබීමට නියෝග නිකුත් නොවූ බවද එහි දැක්වේ.
කෙසේවෙතත් සමාජ මාධ්‍ය ජාල හරහා සංසරණය වූ වීඩියෝ පට හා ඡායාරූප වල අව්‍යාජභාවය තහවුරු කිරීමට කිසිවකුත් සමත් ව නැත.
ටෙහ්රාන පොලිසිය සැබවින්ම විරෝධතාකරුවන්ට වෙඩි තැබුවාද? මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
පෙර ලිපි:
ගුවන් ප්‍රහාරයේ වගකීම භාරගැනීමෙන් පසු ඉරාන රජයට එරෙහිව විරෝධතා
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…