තරග විභාග

ක්‍රිකට් පිටියේ මද වේග පන්දු යවන්නා දේශපාලන පිටියේ වේග පන්දු යවන්නෙක් වූ හැටි – ඉම්රාන් ඛාන් Facts Sheet

  • 65 හැවිරිදි ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ ලාහෝර් නුවර පශ්තූන් ගෝත්‍රයට අයත් උසස් පවුලක උපන්නේ පවුලේ එකම පුතා ලෙසයි.
  • ඉම්රාන් ඛාන්ගේ පෙළපත පැවතගෙන එන්නේ සුෆි රණකාමී ගෝත්‍රික නායකයෙක් වන පිර්රොෂාන් ගෙන්. පිර්රොෂාන්, පශ්චුන් ගෝත්‍රයේ හෝඩිය (Pashto alphabet) සොයාගත් පුද්ගලයා ද වනවා.
  • ලාහෝරයේ මූලික අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ඔහු එංගලන්තයේ වොර්ෂෙස්ටර් හි රෝයල් ග්‍රැමර් ස්කූල් වෙත ඇතුළත් වෙනවා. දර්ශනවාදය, දේශපාලනය සහ ආර්ථිකය පිළිබඳ ලන්ඩන් පාසල්වලින් ඉහළ සාමාර්ථ ලැබීමෙන් පසු ඔහු උසස් අධ්‍යාපනය ලබාගත්තේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙන්.
  • ඉම්රාන් ඛාන්ගේ ක්‍රිකට් දිවිය ආරම්භ වන්නේ ලාහෝරයේ පාසල් ක්‍රීඩකයෙකු ලෙසයි. එංගලන්තයට පැමිණීමෙන් අනතුරුව Oxford’s Blues, Worcestershire, Sussex සහ New South wales ප්‍රාන්ත සඳහා ඔහු ක්‍රිකට් ක්‍රීඩා කර සුපිරි දස්කම් දක්වනවා.
  • ඛාන්ගේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය, 1971 වසරේ එංගලන්ත සංචාරයේදී සිදුවනවා. එංගලන්තයේ එඩ්බැස්ටන් හි පැවති තරගයේදී ඔහු දුවද්දී දැවී යන්නේ ලකුණු 5කට. ඉනිම දෙකේදීම ඔහු විකට් ගැනීමට සමත් වන්නේත් නැහැ.
  • නමුත් අවසානයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිල දත්තවලට අනුව, ICC Best-Ever Test Championship Rating හි එදා මෙදාතුර බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ 3 වැනි තැන හිමිවන්නේ ඔහුටයි.
  • සාමාන්‍ය මද වේග පන්දු යවන්නෙක් වශයෙන් ක්‍රිකට් දිවිය ආරම්භකරන ඉම්රාන් ඛාන්, අවසානයේ ලෝකයේ වේගවත්ම පන්දු යවන්නෙක් ලෙස ක්‍රිකට් දිවිය නිමා කරනවා.
  • ඉම්රාන් ඛාන්ගේ පන්දු යැවීමේ වේගය 1978 වසරේදී පර්ත් නුවරදී වාර්තා වුණේ පැයට කිලෝමීටර 139.7 ක් වශයෙන්. ඔහු පන්දු යැවීමේ වේගය අතින් ලෝකයේ දෙවැනි වන්නේ ජෙෆ් තොම්සන් සහ මයිකල් හෝල්ඩින් හට පමණයි.
  • දශක 2 ක් ක්‍රිකට් ක්‍රීඩා කළ ඉම්රාන් ඛාන් ටෙස්ට් තරග 88 කදී ලකුණු 3807 ක් සහ එක්දින තරග 175කදී ලකුණු 3709 ක් වාර්තා කරනවා. ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරගවලදී ඔහුගේ කඩුළු සටහන පිළිවෙළින් 362 ක් සහ 182 ක්.
  • 1982 වසරේදී මුල් වරට පාකිස්ථාන කණ්ඩායමට නායකත්වය ලබාදෙන ඉම්රාන් ඛාන් එංගලන්ත සංචාරයේදී ලබාගන්නේ වසර 28කට පසු එංගලන්තය තුළ පාකිස්ථානය ලබාගත් පළමු ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයයි. ඔහු ටෙස්ට් තරග 48කට සහ එක්දිත ජාත්‍යන්තර තරග 139කට නායකත්වය ලබාදෙනවා.
  • 1992 වසරේ පාකිස්ථාන පිලට ලෝක ක්‍රිකට් කුසලානය දිනාදීම ඔහුගේ ක්‍රිකට් දිවියේ කූට ප්‍රාප්තියයි. ජයග්‍රහණයට අවශ්‍ය ලකුණ ද සමග නොදැවී ලකුණු 72 ක් ලබාගන්නා ඔහු, කුසලානය තමන් සතු කරගනිමින් තරගය අවසන් කරනවා.
  • 1994 වසරේදී ඔහු ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරනවා. ඒ තමයි, තමන් වරින් වර පන්දුව පළුදු කිරීම සහ එහි දාර උඩට ඉස්සීම මද වශයෙන් කළ බව. නමුත් මෙය තමන් විසින් කළ ප්‍රකාශයක් වැරදි ලෙස උපුටා දැක්වූ බව කියමින් ඉම්රාන් ඛාන්, ඉයන් බොතම් සහ ඇලන් ලැම්බ්ට එරෙහිව නඩු මගට ගොස් ජයග්‍රහණය කරනවා.
  • 2005 නොවැම්බරයේදී ඉම්රාන් ඛාන් එංගලන්තයේ බ්‍රැඩ්ෆෝඩ් සරසවියේ චාන්සලර්වරයා ලෙස පත්වීම් ලබනවා. නමුත් සරසවියේ රාජකාරිවලට දිගින් දිගටම නොපැමිනීම හේතුවෙන් 2014 වසරේදී ඔහු එම තනතුරින් ඉවත් කරනු ලැබුවා.
  • 2002 ලෝක දුම්කොළ විරෝධී දිනයේදී ඉම්රාන් ඛාන් ප්‍රකාශයක් නිකුත් කරන්නේ යුනිසෙෆ් සංවිධානයේ ක්‍රීඩාව සඳහා වූ විශේෂ නියෝජිතයා වශයෙන්. අන්තර්ජාතික ක්‍රීඩාවන් දුම්කොළවලින් තොර විය යුතු බව ඔහු පවසනවා. එසේ කළ යුත්තේ දුම්කොළ සමාගම්වලින් අනුග්‍රහය ලබානොගැනීම මගින් බවත් ඔහු පෙන්වා දෙනවා.
  • දේශපාලනයට පැමිණෙන ඉම්රාන් ඛාන්, දකුණු ආසියාවේ සෞඛ්‍යය සහ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් වෙනුවෙන් සිය කාලය යොදවනවා.
  • සිය මව පිළිකා රෝගය හේතුවෙන් මිය යාමත් සමග 1994 වසරේදී ඉම්රාන් ඛාන් ෂකුත්ඛනුම් අනුස්මරණ පිළිකා රෝහල ඉදිකරන්නේ මව වෙනුවෙන්. එය පිළිකාව සම්බන්ධයෙන් පර්යේෂණ මධ්‍යස්ථානයක් ද වනවා. පසුකාලක එඩින්බර්ග් හි Royal College of Physicians විසින් පිළිකා පර්යේෂණ සඳහා සිදුකළ දායකත්වය අගයමින් ඉම්රාන් ඛාන් වෙත Honorary Fellowship පිරිනමනවා.
  • 1983 වසරේ සිය ජීවිත කතාව ලිවීමෙන් පසුව ඉම්රාන්ඛාන් පොත් 7 ක් ලියා තිබෙනවා. එම පොත් වන්නේ Imran Khan’s cricket skills,’ ‘Pakistan: A Personal History,’ ‘Warrior Race: Journey through the Land of Tribal Pathans,’ ‘All Round Views,’ ‘Indus Journey: A Personal View of Pakistan’ සහ ‘West and East.’
  • 2017 වසරේදී ඉම්රාන් ඛාන්ගේ ජීවිත කතාව ගැන චිත්‍රපටයක් නිෂ්පාදනය වීම ආරම්භ වුණා. The Making of Legend.’Imran Khan නමැති එහි වැඩකටයුතු ඉදිරියේදී සම්පූර්ණ වීමට නියමිතයි.
  • 2008 වසරේදී ඉම්රාන් ඛාන් ‘නාමල් තාක්ෂණික විද්‍යාලය‘ ආරම්භ කළා. එය වසර 2020 දී නාමල් දැනුම නගරය බවට පත්කිරීමට ඔහු බලාපොරොත්තු වෙනවා.
  • ඉම්රාන් ඛාන් සිය පක්ෂය වන පාකිස්ථාන් තෙරීක් – ඉ – ඉන්සාෆ් (Pakistan Tehreek-e-Insaf-PTI) පිහිටුවාගත්තේ 1996 වසරේදීයි. ඔහු එම පක්ෂයේ නිර්මාතෘවරයා ද වනවා.
  • 2017 වසරේදී මෙම පක්ෂයේ හිටපු සාමාජිකාවක වන අයේෂා ගුලාලායි නමැත්තිය ඉම්රාන් ඛාන් විසින් තමන්ට ලිංගික අඩන්තේට්ටම් කළ බවට චෝදනා එල්ල කළා. පසුව ඇය කියා සිටියේ තමන්ට අනවශ්‍ය කෙටි පණිවුඩ එවූ බව ඉම්රාන් ඛාන් පිළිගන්නවා නම් තමන් මෙම චෝදනාව සිදුකිරීම වෙනුවෙන් සමාව ඉල්ලා සිටීමට සූදානම් බවයි.
  • Quora

  • ඉම්රාන් ඛාන්ගේ පරමාදර්ශීය චරිත දෙක වශයෙන් සැලකෙන්නේ දාර්ශනික කවියෙකු වන මුහමද් ඉග්බාල් සහ ඉරාන ජාතික ලේඛකයෙකු හා සමාජ විද්‍යාඥයෙකු වන අලි ෂරියාති.
  • 1995 වසරේදී ඉම්රාන් ඛාන්, එංගලන්ත කෝටිපතියෙකු වූ ශ්‍රීමත් ජේම්ස් ගෝල්ඩ්ස්මිත්ගේ දියණිය වන ජෙමීමා ගෝල්ඩ්ස්මිත් සමග විවාහ වුණා. 2004 වසරේදී ඔවුන් දික්කසාද වුණා. ක්වාසිම් සහ සුලෙයිමාන් යනුවෙන් පුතුන් දෙදෙනෙක් ඔවුන් දෙපළට සිටිනවා. 2015 වසරේදී රෙහ්මා ඛාන් සමග සුළු කලකට විවාහ වූ ඉම්රාන් ඛාන් එම වසරේදීම ඇගෙන් දික්කසාද වුණා. පසුව සිය අධ්‍යාත්මික උපදේශිකාව වන බුෂ්රා මනේකා සමග ඉම්රාන් ඛාන් විවාහ වුණා.
  • ඇමරිකාව විසින් සිදුකරන ඩ්‍රෝන ප්‍රහාරවලට එරෙහිව ඉම්රාන් ඛාන් විශාල හඬක් නගනවා. ඔහුට ඇමරිකාව විසින් දියත් කර ඇති ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයෙන් පාකිස්ථානය ඉවත් කර ගන්නට අවශ්‍යයි.

පෙර ලිපි:

පාකිස්ථාන නව අගමැති ඉම්රාන් ඛාන් නිල නිවස ප්‍රතික්ෂේප කරයි.

ඉම්රාන් ඛාන්ගේ අලුත්ම තුරුම්පුව

ඉම්රාන් ඛාන් තෙවැනි ඉනිමත් සෙල්ලම් කරයි

Share

Recent Posts

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

2 hours ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

4 hours ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

8 hours ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

8 hours ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

8 hours ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

9 hours ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

22 hours ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

1 day ago

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…

1 day ago

ABC පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානිට මොකද වුණේ?

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…

1 day ago

ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු වෙයි!

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…

1 day ago

මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් ගාසාහි සමූහ මිනිවළකින් සොයා ගැනේ

එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…

1 day ago

ගංවතුර හා නාය යාම් හේතුවෙන් ටැන්සානියාවේ 155 දෙනෙකු මිය යයි

වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…

1 day ago

උණුසුම් කාලගුණය නිසා ළමයින් මි. 33කට පාසල් අහිමි වෙලා!

සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…

2 days ago

එක්සත් ජනපද විශ්ව විද්‍යාල පුරා “යුදෙව් විරෝධී වෛරසයක්”; ශිෂ්‍ය පෙළපාලි මර්දනය කෙරේ

සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.

2 days ago