උතුරු ඉන්දියාවේ පසුගිය පැය 24 තුළ අන්තරායකර කාලගුණික තත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 36 දෙනෙකු මිය ගොස් ඇති අතර ඉන් 12 දෙනෙකු අකුණු සැර වැදීමෙන් මිය ගොස් ඇත. එමෙන්ම නොනවතින වර්ෂාව හේතුවෙන් නිවාස කඩා වැටීමෙන් සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 24දෙනෙකු මිය ගොස් ඇති බව සහන කොමසාරිස් රන්විර් ප්‍රසාද් මාධ්‍ය වෙත පවසා තිබේ.
පසුගිය දින පහ තුළ අකුණුසැර වැදීමෙන් මිය යන ලද සංඛ්‍යාව 39කි. ඒ අනුව ගිගුරුම් සහිත වර්ෂාධික අවස්ථාවල ආරක්ෂා විය හැකි ආකාරය පිළිබඳ නව මාර්ගෝපදේශ නිකුත් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර ඇත. පසුගිය වසර පුරා ඉන්දියාව පුරා අකුණු සැර වැදීමේ සියයට 34ක වැඩිවීමක් සිදුවී ඇති අතර, එය මරණ සංඛ්‍යාව වැඩි වීමට ද හේතු වී තිබේ.
ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමඟ සමගාමීව කටයුතු කරන Lightning Resilient India Campaign නම් සංවිධානයේ කර්නල් සංජේ ශ්‍රීවාස්තාවා පැවසුවේ වනාන්තර විනාශය, ජල මූලයන් ක්ෂය වීම, පරිසර දූෂණය ආදියෙන් දේශගුණික විපර්යාසයන් සිදු වන බවත් එමඟන් අකුණු ඇතිවීමේ අවධානම ඉහළ යන බවත්ය. මේ සම්බන්ධයෙන් විද්‍යා හා පරිසර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සුනීතා නාරේන් මහත්මිය පවසා තිබුණේ ගෝලීය උණුසුම ඉහළ යාම නිසා අකුණු ඇතිවීමේ වාර ගණන ද ඉහළ ගොස් ඇති බවයි.
රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව සෑම වසරකම අකුණු සැර වැදීම හේතුවෙන් මිය යන සංඛ්‍යාව 2500ක් පමණ වන බව වාර්තා වේ.
සශිකලා මධුෂාණී_
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…