නව පක්ෂි විශේෂය මුමුණයක් නගන පක්ෂි විශේෂයක් හෙවත් හමින්බර්ඩ් විශේෂයක් (hummingbird) වේ.
එම විශේෂය නම් කර තිබෙන්නේ “නිල් ග්‍රීවයක් සහිත කඳුකර තරුව” (blue-throated hillstar) යනුවෙනි. මේ විශේෂයට අයත් පක්ෂීන් 300කට වඩා මිහිමත නැති බව, එම විශේෂය පළමුවෙන්ම වර්තා කළ පක්ෂි විද්‍යාඥ ෆ්‍රැන්සිස්කෝ සොර්නොසා පවසයි. වඳ වී යෑමේ තර්ජනයට මුහුණ දී සිටින පක්ෂි විශේෂයක් හැටියට ඔවුන්ව මේ නිසා නම් කර තිබේ.
නිල් ග්‍රීවයක් සහිත කඳුකර තරුව හැඳින්වෙන්නේ ඔරෙඔට්‍රොකිලස් සිනොලේමස් (Oreotrochilus cyanolaemus) යන විද්‍යාත්මක නාමයෙනි. එම විශේෂයේ කැපී පෙන්නම ලක්ෂණය, තද නිල් පැහැයෙන් යුත් දිගු ගෙල ප්‍රදේශයයි. පක්ෂියකුගේ ගෙල සෙන්ටිමීටර 11ක් හෙවත් අඟල් 4ක් පමණ දිගැති බව සඳහන් වේ. ඔවුන්ගේ හොටය මඳක් වක් ස්වරූපයක් ගනී. ඒ නිසා ඔවුන්ට ඉතා කුඩා ප්‍රමාණයේ මල්වලට පවා නැඹුරුවෙමින් ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට ඉඩ ලැබේ. තමන්ගේ බර මෙන් දෙගුණයක් බරැති මල් පැණි ප්‍රමාණයක් පානය කරන්නට මේ පක්ෂීන්ට පුළුවන. උන්ගේ හෘද ස්පන්දනය පාරිසරික උෂ්ණත්වයන්ට අනුරූපව රාත්‍රී කාලයේදී පහළ වැටෙන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
නිල් ග්‍රීවයක් සහිත කඳුකර තරුව වාසය කරන්නේ මුහුදු මට්ටමෙන් මීටර 3000ත් 3700ත් අතර උසකින් යුත් පෙදෙස්වල ය. ඉක්වදෝරයේ ලොජා සහ එල් ඔරෝ යන පළාත්වල කඳුකර පෙදෙස්වලින් ඔවුන්ව වාර්තා වී ඇත. මේ පක්ෂීන්ගේ ගහනය අඩුවීමත්, ඔවුන්ගේ වාස භූමි ලෙස සැලකෙන මතු දැක්වූ ප්‍රදේශ පක්ෂි විද්‍යාඥයන්ගේ අවධානයට යොමු නොවීමත් නිසා නිල් ග්‍රීවයක් සහිත කඳුකර තරුව ගැන තොරතුරු අනාවරණය නොවී පැවැත ඇත.
නිල් ග්‍රීවයක් සහිත කඳුකර තරුව සොයා ගත් පක්ෂී විද්‍යාඥ ෆ්‍රැන්සිස්කෝ සොර්නොසා ඉක්වදෝරය, වෙනිසියුලාව, ඩෙන්මාර්කය සහ ස්වීඩනය යන රටවල් කේන්ද්‍ර කරගෙන පර්යේෂණ කටයුතුවල නියැලෙන පක්ෂි විද්‍යාඥයෙකි.
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…