එසැණ පුවත්

රහස්‍යතා නීතිය යටතේ රොයිටර්ස් මාධ්‍යවේදීන් දෙදෙනා ට වසර 7 බැගින් සිර දඬුවම්

වා ලෝන් (Wa Lone) සහ ක්යාව් සෝ ඌ (Kyaw Soe Oo) යන Reuters මාධ්‍යවේදීන් දෙදෙනා 2017 දෙසැම්බරයේ පටන් බන්ධනාගාර ගත කර තිබිණි. ඔවුන් දෙදෙනා පිළිවෙළින් 32 හැවිරිදි සහ 28 හැවිරිදි මියැන්මාර ජාතිකයන් වේ. දෙදෙනාම විවාහක අතර, ඔවුන්ට දරුවන් ද සිටියි. ඔවුන් අතරින් වා ලෝන්ගේ බිරිඳ ඔවුන් බන්ධනාගාර ගතකර සිටින අතරවාරයේ මීළඟ දරුවා ද බිහිකර තිබිණි.

නඩු විභාගයේදී ඔවුන්ට දඬුවම් කරනු ලැබුවේ රහස්‍යතා නීතිය උල්ලංඝනය කළ බවට චෝදනා කරමිනි. මේ සම්බන්ධයෙන් තමන් අහිංසක බවත්, එය පොලිසිය විසින් සිදුකරනු ලබන ව්‍යාජ චෝදනාවක් බවත් ඔවුහු කියා සිටියහ. ‘‘මම බය නැහැ. මම කිසිම වැරැද්දක් කළේ නැහැ. මම යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස විශ්වාස කරනවා“ යැයි වා ලෝන් නඩු විභාගයේදී කියාසිටියේය. නඩු තීන්දුව කියවන අවස්ථාවේදී ක්යාව් සෝ ගේ බිරිඳ මහ හඬින් වැළපෙන ආකාරය ද දැකගත හැකි විය.

Kyaw Soe Oo’s wife, Chit Suu Win, broke down in tears on hearing the verdict | Reuters

යැන්ගුන් අධිකරණයේ විනිසුරු යේ ල්වින් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, රාජ්‍යයේ අභිලාෂයන්ට හානි කරමින් ඔවුන් විසින් රහස්‍යතා නීතිය උල්ලංඝනය කළ බව ය. එම විනිසුරුවරයා අසනීප තත්වයෙන් පසුවන බැවින් මීට පෙර එක් වතාවක නඩුව කල්දැමීම ද සිදුවී තිබිණි.

මෙම මාධ්‍යවේදීන් දෙදෙනා සැබවින්ම අත්අඩංගුවට ගෙන තිබුණේ උතුරුදිග රඛීන් ප්‍රාන්තයේ ඉන්ඩින් ගම්මානයේදී මියැන්මාර හමුදාව විසින් රොහින්ගියා පිරිමින් 10 දෙනෙකු පෙළ ගස්වා මරාදැමීම සම්බන්ධයෙන් සාක්ෂි එකතු කරමින් සිටියදී ය.

 

These are the men whose deaths the Reuters journalists were investigating | Reuters

පසුව දැඩි ජාත්‍යන්තර පීඩනය හමුවේ මියැන්මාර බලධාරීන් ද මේ පිළිබඳ විමර්ශනයක් පැවැත්වූ අතර, එම සංහාරය සැබවින්ම සිදුවූ බව ඒ අනුව සනාථ විය. එසේම එහි වරදකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ද මියැන්මාර බලධාරීන් කියා තිබේ. මෙම මාධ්‍යවේදීන් දෙදෙනාට සිර දඬුවම් නියම වූයේ එවැනි තත්වයක් පැවතියදී ය.

මෙම නඩු තීන්දුව සැලකෙන්නේ මාධ්‍ය නිදහසට එල්ල වූ මරු පහරක් වශයෙනි. එසේම මියැන්මාර ප්‍රජාතන්ත්‍රවාදයේ පසුගාමී බව තවදුරටත් සලකුණු කිරීමක් වශයෙන් ද මෙය සැලකේ. ‘බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකාව‘ වශයෙන් එකල නම් දැරූ අවුන් සාන් සුකී නිදහස් මැතිවරණයෙන් බලයට පැමිණ වසර 3කට පසුවත් මියැන්මාරයේ තත්වය මෙය වීම ශෝචනීය බව ජාත්‍යන්තර විචාරකයෝ පෙන්වා දෙති. ලොව පුරා මියැන්මාරය වෙනුවෙන් පත් කර තිබෙන තානාපතිවරු ද මෙම නඩුතීන්දුව කෙරෙහි සිය බලවත් විරෝධය පළ කරමින් සිටිති.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය කටයුතු පිළිබඳ නේවාසික සම්බන්ධීකාරක ක්නුට් ඔස්ට්බි පැවසුවේ, ‘‘මෙම මාධ්‍යවේදීන් දෙදෙනා නිදහස් කර දෙන මෙන් තමන් විසින් දිගින් දිගටම ඉල්ලීම් සිදුකරන බවයි. ‘‘නිදහස් මාධ්‍ය සාමය, යුක්තිය හා මානව හිමිකම් සඳහා අත්‍යාවශ්‍ය අංගයකි‘‘ යනුවෙන් ද ඔහු ප්‍රකාශ කළේය.

මියැන්මාරයේ රඛීන් ප්‍රාන්තය තුළට තවමත් මාධ්‍ය වලට යාමට ඉඩක් නැත. එනිසා එම පළාත තුළ සිදුවන්නේ කුමක්ද යන්න බාහිර ලෝකය වෙත මේ වන විට සන්නිවේදනය නොවන තරම් ය.

Share

Recent Posts

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

16 mins ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

13 hours ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

17 hours ago

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…

23 hours ago

ABC පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානිට මොකද වුණේ?

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…

24 hours ago

ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු වෙයි!

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…

24 hours ago

මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් ගාසාහි සමූහ මිනිවළකින් සොයා ගැනේ

එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…

1 day ago

ගංවතුර හා නාය යාම් හේතුවෙන් ටැන්සානියාවේ 155 දෙනෙකු මිය යයි

වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…

1 day ago

උණුසුම් කාලගුණය නිසා ළමයින් මි. 33කට පාසල් අහිමි වෙලා!

සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…

2 days ago

එක්සත් ජනපද විශ්ව විද්‍යාල පුරා “යුදෙව් විරෝධී වෛරසයක්”; ශිෂ්‍ය පෙළපාලි මර්දනය කෙරේ

සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.

2 days ago

ස්පාඤ්ඤයේ අගමැතිගේ බිරිඳට දුෂණ චෝදනා එල්ල වේ

අගමැති බිරිඳට එරෙහිව ව්‍යාපාරික ගනුදෙනු සඳහා බලපෑම් කිරීමට සිය තනතුර භාවිතා කරන බවට චෝදනා එල්ලව…

2 days ago

ඉරානය සමඟ ගනුදෙනුව පරෙස්සමෙන්; ඇමරිකාව පකිස්ථානයට සම්බාධක පැනවීමේ අවදානම පිළිබඳව අනතුරු අඟවයි

එක්සත් ජනපදයේ සම්බාධක පිළිබඳ තර්ජන හුදෙක් පාකිස්තානය අධෛර්යමත් කිරීමට හේතු වේ..

3 days ago

TIKTOK , STOP වෙන ඇමෙරිකාව!

සෙනට් මණ්ඩලය විසින් ටික්ටොක් යෙදවුම ඇමෙරිකාව තුළ තහනම් කිරීමට අනුමැතිය ලබා දී ඇත.

3 days ago

පාකිස්තානයේ රැඳී සිටි ඇෆ්ගන් සරණාගතයන් 800කට වැඩි පිරිසක් පිටුවහල් කෙරේ!

පාකිස්තානයේ සිට නැවත පැමිණෙන ඇෆ්ගනිස්තාන සරණාගතයන්ට නිවාස, වෛද්‍ය පහසුකම් සහ එම පවුල්වල දරුවන්ට අධ්‍යාපනය ලබාදීම…

3 days ago