පරිසර

යගදා අත දරාගත් කාන්තාර යෝධයෝ – BBC Planet Earth Series

එපමණ වාසනාවක් නැති වියළි සහරාවට සීතලක් අත්දුටු කලක් නම් නැත. ඒ වෙනුවට එහිදී රුදුරු වැළි සුළඟේ එතුණු වැලි කැට සර්පයන් මෙන් සෙමෙන් සෙළවෙයි. ලොව කර්කශ ම මහද්වීපයක් වන ඔස්ට්‍රේලියාවේ දැඩි උණුහුමින් බැටකන කැන්ගරුවන් ගේ තත්වය ද එසේම ය. ලොව වියළිම තැන වන චිලී රාජ්‍යයට අයත් අටකාමා කතරේ වසන ඔටු පෙනුමක් නැති ගුනෙකෝස් ඔටුවෝ ද මේ බව දනිති.

නමුත් මේ සියල්ලට ම වඩා ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පිහිටා තිබෙන සොනෝරන් කාන්තාරය අපූර්ව තැනකි. එය අතිශයින් වියළි තැනක් නොවේ. වර්ෂාව යම් තරමකින් එයට පතිත වේ. නමුත් එය අනියත ය. ඒ පිළිබඳ පමණට වඩා බලාපොරොත්තු තබාගැනීම නුවණට හුරු නැත. එය අවදානම් සහගත ය. එනිසා මෙහි වෙසෙන සත්වයෝ වැසි රහිත දිගු ග්‍රීස්මයක් සඳහා හැම විටෙක ම සූදානම් ශරීරයෙන් පසුවෙති.

OLYMPUS DIGITAL CAMERA

ක්‍රමයෙන් ගිම්හාන සුළඟ හමන්නට පටන් ගනියි. සියලු පතොක් ගස් අතරින් යෝධයෙකු සේ සැලකෙන යෝධ සගාරෝස් පතොක් ගස් ඒ සුළඟින් පූර්ණ වාසිය ලබාගැනීමට සූදානම් ය.

සගාරෝස්, සොනෝරන් කතරට ම ආවේණික යෝධයෙකි.

මෙම පතොක් ගස් සාමාන්‍යයෙන් විශාල ගසක් තරමට උස යයි. සාමාන්‍ය උස මීටර 20 ක් හෙවත් අඩි 70 කට අඩුවන්නේ කලාතුරකිනි. ඒවා වර්ෂාව හමුවේ මහතින් ද වැඩේ. මේ පතොක් යෝධයෙකුගේ ආයු කාලය ද අති මහත් ය. විටෙක අවුරුදු 150 ක පමණ කාලයක් එය ජීවත් වෙයි. ඇතැම් සගාරෝස් පතොක් ගසකින් අතු ලියැළීම ඇරඹෙන්නේ වසර 75 ක් පමණ ගිය තැන ය.

Giant saguaro cactus, Carnegiea gigantea, under full moon in the Catalina Mountains, Tucson, Az, U.S.A.

හිටිවන ම ගිම්හාන අකුණෙන් කාන්තාරය දෙදරුම් කයි. වැසි සමය ඇරඹෙයි. පතොක් ගස් ඇතුළු තුරුලතා වැසි දියෙන් පෙඟී යයි.

වර්ෂාවෙන් පසුව යෝධ සගාරෝස් පතොක් ගස්වලට විශාල කාර්ය භාරයක් පැවරෙයි. ඒවායේ දිගු සහ කුහරමය මුල් පද්ධතිය විසින් ජලය යහමින් උරාගැනේ. පතොක් කඳ මත පිහිටන සියුම් කටු පොකුරු ද දිග හැරෙන්නට පටන් ගනියි. පතොක් කඳන් දිගින් හා මහතින් වැඩෙයි. හොඳින් වැඩුණු පිරිපුන් සගාරෝස් පතොක් ගසක ට ජලය ටොන් පහක් දක්වා ප්‍රමාණයක් දරාගැනීම ට පුළුවන. වැසි රහිත ඉදිරි මාස කිහිපය සුවසේ ගත කිරීමට ඒ ජල කඳ හොඳටම ප්‍රමාණවත් ය.

birdlife.org

මේ විසල් ශාකවල කඳන් තුළ බිල හෙවත් කුහර ද දැක ගත හැකිය. ඒවා වනාහී ජීලා කොට්ටෝරුවන්ගේ නිවස්නයන් ය. මධ්‍යම ප්‍රමාණයේ සිරුරැති මේ රුක් නිවැසියා දකුණු දිග ඇමරිකාවට ආවේණික කාන්තාර වාසියෙකි. කැලිෆෝනියා, සියරා නෙවඩා, ඇරිසෝනා සහ නව මෙක්සිකෝ හැර ලෝකයේ සෙසු තැනක දැකගත නොහැක.

යෝධ සගාරෝස් පතොක් ගස් වලින් ජීවය ට සරණක් ලබන එකම පිරිස පක්ෂීන් පමණක් නොවේ. ගිම්හානයේ සිව්වැනි සතිය ගෙවීයත්ම සගාරෝස් පතොක් ගස්වල සුන්දර සුදු මල් පිපෙන්නට ගනියි. ඒවා දහවල ට ද පිපී ඇතත් ඒවායේ නියම සුන්දරත්වය දිස්වනුයේ රාත්‍රියට ය. පතොක් අතු අග සුදු මල් පිපේ. නිශාචර අමුත්තන් රැසක් ඒවා ට ආකර්ෂණය වෙති. මේ පතොක් පුෂ්පයන් පරාගවලින් විකසිත ව මල් පැණියෙන් බර වූ විට දිගු නාසයැති- දිගු දිවක් ද ඇති වවුල් විශේෂයක් ද ඒවා වෙත ඇදී එති. උන් මෙක්සිකෝවේ ගිම්හාන උණුසුම දරාගත නොහැකිව පළායන වවුලන් ය. උහු රිසිසේ පතොක් මල් පැණියෙන් පෝෂණය ලබති. උන් මේ සිටින්නේ අතරමග ය. දකුණු දිග ඇමරිකාව උන්ගේ ගමනාන්තයයි. එහි යා යුත්තේ මේ සගාරෝස් කාන්තාරය මැදිනි.

DesertUSA

කාන්තාරය අති විශාල ය. එකවර තරණය කළ නොහැකි තරම ට විශාල ය. නමුත් මේ සංක්‍රමණ චාරිකාවේදී මේ මුළු දුර ම වරක ට තරණය කළ යුතුමය. ඒ සඳහා ඇවැසි ශක්තිය උන් ලබාගන්නේ මේ පතොක් මල් පැණි වලින් සප්පායම් වීමෙනි. ඒ අනුව සගාරෝස් පතොක් ගස්වල සංචය වන ජලය කාන්තාරයේ වෙසෙන්නන් ට පමණක් ප්‍රයෝජනවත් වනවා නොවේ. කාන්තාරය තරණය කරන්නන්ගේ ජීවිත ද ඒ මල් පැණි නොතිබුණු විටෙක වැනසී යනු ඇත.

Dissolve

සොනෝරන් කාන්තාරයේ මුද්‍රාව ලෙස සැලකෙන්නේ මේ යෝධ පතොක් ගස් ය. ඒවායේ හැඩය තීරණය කරනුයේ වර්ෂාවේ හිඟකම විසිනි. ඉන්පසු එළඹෙන ජූනි මස දී සුන්දර සුදු මල් මැළවී ගොස් ඒ වෙනුවට ඒවායින් යෝධ රතු පැහැ ඵල මැවේ. ඒ එක් ඵලයක් තුළ බීජ දෙදහසකට අධික ප්‍රමාණක් ද රසැති මාංශලමය පටකයක් ද තිබේ. එවිට කතර දිස්වනුයේ රත් පැහැ යගදාවන් අත දරාගෙන සිටින හරිත පැහැ යෝධයන් කණ්ඩායමක් ලෙසිනි.

Tanque Verde Ranch

පෙර ලිපිය-

රුදුරු තැනිතලාවේ අහිංසකයා – පයිකා

Share

Recent Posts

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

2 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

1 day ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

1 day ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

1 day ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

1 day ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago