F20 පන්තියෙන් තරග වැදුණු ඔහු මුහම්මද් සායිද් සොල්කෙෆ්ලි ය.
ඔහුට ප්‍රමාද වී ක්‍රීඩා පිටියට පැමිණියත් තරග වදින්නට අවස්ථාවක් ලබාදුන්නේ එම ප්‍රමාදයට ‘තාර්කික හේතුවක්‘ තිබූ නිසා බව අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුව පවසයි.
නමුත් තරග තීරකවරයා පසුව සොයාගෙන තිබනේනේ එය වලංගු හේතුවක් නොවූ බව ය.
ඒ අනුව ඔහු විසින් දිනාගත් රන් පදක්කම ආපසු ගැනීමට තීරණය කෙරිණි. ඔහුගේ අභියාචනය ද අවලංගු කර තිබේ.
මේ තීරණය හේතුවෙන් මැලේසියාව සිය දැඩි කෝපය සහ කණස්සල්ල පළ කරයි. සමාජ මාධ්‍ය ජාලවල ද මේ වන විට විශාල වශයෙන් ඒ පිළිබඳ මත පළ වේ. #Ziyad යන හෑෂ්ටැගය ඔහු වෙනුවෙන්ම මේ වන විට ට්විටර් හි දැකගත හැකිය.
එක් මැලේසියානු දේශපාලනඥයෙක් පවසා තිබෙන්නේ,
‘‘මෙය අතිශයින්ම ලැජ්ජාසහගත වැඩක්. ඔහු ප්‍රමාද වී පැමිණියා නම් ඔහුට තරග කරන්නට දුන්න එක වැරදියි. මහන්සියෙන් උපයා ගත්, ලෝක වාර්තාවක් තැබූ රන් පදක්කම උදුරාගැනීම නෙවෙයි කළ යුත්තේ..‘‘
යනුවෙනි.
මැලේසියානු ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය අහ්මද් ෆසියුස් අසුමි පවසා ඇත්තේ තමන් මෙම තීරණය ට අසතුටු වන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඔහු විසින් මැලේසියානු ජාතික ක්‍රීඩා කවුන්සිලයට ද නියෝග කර තිබේ. මෙම ක්‍රීඩකයා ප්‍රමාද වී තරග බිමට පැමිණීම සම්බන්ධයෙන් යුක්රේනය විසින් පැමිණිලි කර ඇති බවට ද මේ අතර වාර්තා වේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…