තමා ජනාධිපති ධූරයේ හෙබවීම නිසා ඩොලර් බිලියන 2 – 5 අතර මුදල් ප්‍රමාණයක් වැයවී ඇති බවට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය සඳු (20) දින මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
දේශපාලනයට පිවිසීම වෙනුවට තම ව්‍යාපාර කටයුුතු දිගටම පවත්වා ගෙන ගියේ නම් එම මුදල ඉපයීමට හැකියාව තිබූ බවට ද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
තවද, තම ව්‍යාපාර වෙත නැවත ප්‍රවේශ වීමට අවශ්‍ය නම් එයද ක්ෂණිකව කිරීමට උත්සුක බව පැවසූ ඒ මහතා අවධාරණය කර සිටියේ තමාට එය දැරිය හැකි බැවින් කිසිවකුත් ඒ පිළිබඳ සැලකිලිමත් වීම අවශ්‍ය නොවන බවය.
එළඹෙන 2020 වර්ෂයේ G7 සමුළුව සිය පෞද්ගලික දේපළක් වන මයැමි ප්‍රදේශයේ ට්‍රම්ප් නැෂනල් ඩොරල් ගොල්ෆ් රිසෝර්ට් නම් නිවාඩු නිකේතනයේ පැවැත්වීමට ගත් තීරණය හමුවේ එල්ල වූ විරෝධතාවය මත එම තීරණය අතහැර දැමීමට සිදුවීම පිළිබඳව ඒ මහතා සිය අප්‍රසාදය ද ප්‍රකාශ කර සිටියේය.
ඇමරිකානු ජනපති ට්‍රම්ප් එළඹෙන වසරේ සංවර්ධිත ලෝක නායකයින්ගේ සප්ත ආර්ථික සමූහ සමුළුව හෙවත් G7 සමුළුව කැඳවීමට නියමිතව තිබූ අතර එය පැවැත්වීම සඳහා ඩොරල් හි සිය පෞද්ගලික දේපළක් භාවිතා කිරීම පිළිබඳව විවිධ පාර්ශවයන් ගෙන් විවේචන එල්ල වී තිබූ බවට අප ඔබට වාර්තා කරේ තෙදිනකට පෙරය. ඩොරල් හිදී මෙම සමුළුව පැවැත්වීමේ සැලසුම ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ගේ මෙන්ම ඔහු නියෝජනය කළ රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයන් ගේ පවා දැඩි විවේචනයට ලක්විය. ඔවුන් පෙන්වා දී තිබුණේ රාජ්‍ය තාන්ත්‍රික සමුළුන් සිය පෞද්ගලික දේපළ තුළ පැවැත්වීම මඟින් ජනපතිවරයකු ලෙස ඔහු ලාභ ඉපයීමට වෙර දරන බවයි.
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…