එසැණ පුවත්

දිනකට 130 දෙනෙක් බැගින් මරා දමන යේමනයේ මහා සාගතය

** සංවේදී අය මෙම ඡායාරූප නැරඹීමෙන් වළකින්න…

යුධ වාතාවරණය නිසා යේමනය පුරා දැඩි ආහාර හිඟයක් ඇති වී තිබේ. ඒ හේතුවෙන් දිනකට එහි මිය යන සංඛ්‍යාව 130 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අවාසනාවන්ත තත්ත්වය ලෝකයට වඩාත් හොඳින් ඒත්තු ගැන්වුණේ මන්ද පෝෂණයෙන් පෙළෙන අතිශයින්ම දුර්වල දරුවකු යේමනයේ අබ්ස් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබන අන්දම මාධ්‍ය හරහා අනාවරණය වීමත් සමඟයි. දරුවාගේ සම හරහා දේහයේ අස්ථි පද්ධතිය පෙනෙන තරමට ඔහු කෘෂ බව දැක්වෙන ඡායාරූප පෙළක් මාධ්‍ය සේවාවන් පළ කර තිබිණ.

The child’s bones could be seen poking through his skin as a result of the starvation he had suffered | AFP/Getty Images

මානුෂිය ආධාර ලබාදීමේ වැඩ පිළිවෙල යටතේ ආහාර අවශ්‍ය ජනතාවට ආහාර ලබාදීම මේ වනවිට ආරම්භ කර ඇත. මිලියන 29ක් වූ එරට ජනගහනයෙන් තුනෙන් එකකට ආසන්න පිරිසක් ජීවත් වන්නේ මානුෂීය ආධාර ලබාදෙන බටහිර ඒජන්සි කෙරෙහි විශ්වාසය තබාගෙන බව සඳහන් වේ. මානුෂීය ආධාර ලබා දුන්න ද මන්ද පෝෂණයෙන් පෙළෙන පුද්ගලයන් සංඛ්‍යාව පසුගිය වසරේ සිට ඉහළ යමින් ඇත. මේ නිසා තම දරුවන් අසීමිත ලෙස දුකට පත්ව වේදනා විඳිනුත් ඇතැම් විට මිය ඇදෙනුත් බලා සිටින්නට එහි දෙමව්පියන්ට සිදුව ඇත.

යේමනය තදබල සිවිල් යුධයකට පැටලුණේ 2015 වසරේ සිටය. සිවිල් අරගලය ඇති වන්නට මුල් වූයේ යේමනයේ හොවුති (හුතී) කැරළිකරුවන්ගේ ප්‍රහාරයන් බව දැක්වේ. හොවුති කැරළිකරුවන්ගේ පහරදීම් 2004 වසරේ සිට ක්‍රියාත්මක වෙමින් පැවතියත් දේශපාලන අස්ථාවර භාවයත් සමඟ එය උත්සන්න තත්ත්වයකට පත් වූයේ 2014 වසරේ සැප්තැම්බර් මාසයේ සිටයි. ඒ, කැරළිකරුවන් යේමනයේ අගනුවර වන සනා නගරය සියතට ගැනීමත් සමඟිනි. හොවුති කැරලිකරුවන්ගේ ප්‍රහාරවලට අමතරව අරාබි අර්ධද්වීපයේ අල්ඛයිඩා සන්නද්ධකාමීන්ගේත් ඉරාක අයි.එස්. සන්නද්ධකාමීන්ගේත් ප්‍රහාරවලට මුහුණ දෙන්නට යේමන ජනයාට සිදු ව ඇත.

 

Doctors treated the child but first took accurate height and weight measurements to gauge the scale of his malnutrition | AFP / Getty Images

හොවුති කැරළිකරුවන් වඩාත් ප්‍රබල තැනකට පත් වුණේ බලයෙන් පහ කෙරුණු යේමන ජනාධිපති අලි අබ්දුල්ලාහ් සලේහ්ගේ සහය, කැරළිකරුවන්ට ලැබීමට පටන් ගත් පසු යි. 2012දී බලයෙන් පහ කෙරුණු අලි අබ්ල්ලාහ්ගේ මැදිහත් වීමෙන් ශක්තිමත් වුණු හොවුති සටන්කරුවන් නිසා යේමනයේ ජනාධිපති අබ්ද්‍රබ්බුහ් මන්සූර් හාදිට හිස ඔසවන්නට බැරි තත්ත්වයක් උදා විණ. හොවුති සටන්කරුවන් 2015 ජනවාරි මාසයේදී ජනාධිපති මන්දිරය වටලමින් පාලන බලයට බලපෑම් කිරීමත් සමඟම හාදිගේ රජය පාලනයෙන් ඉවත් විණ.

අබ්ද්‍රබ්බුහ් මන්සූර් හාදිගේ කැමත්ත මත අප්‍රිකා සහ මැද පෙරදිග රාජ්‍යය නවයක්, තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වූයේය. එකී මැදිහත් වීම් සමඟ හොවුති සටන්කරුවන්ට එල්ලවන බෝම්බ ප්‍රහාර වැඩි විණ. හොවුති කැරළිකරුවන් ඉලක්ක කරගෙන ඒකාබද්ධ හමුදාව හෙලන බෝම්බවලින් වැඩිම බලපෑමක් ඇතිවූයේ සිවිල් වැසියන්ට ය. එය අන්තර්ජාතික ප්‍රජාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. අනෙක් අතට ඒකාබද්ධ හමුදාවන්ගේ මැදිහත් වීම මත යේමනයේ නෞක මාර්ග අවහිර කෙරිණ. එයත් බරපතල ලෙසම බලපෑවේ සිවිල් වැසියන්ගේ ජන ජීවිතවලට ය. විදේශයන්හි සිට ලැබෙන ආධාර තොග එරට අභ්‍යන්තරයට ගෙන එන්නට ක්‍රමයක් නැති විණ. මේ නිසා ආධාර ලැබෙමින් පවතිද්දී වුවද සාගතයෙන් මෙන්ම ප්‍රතිකාර නැතිව දුක් විඳින්නට යේමනයේ සාමාන්‍ය ජනයාට සිදු තිබේ.

A malnourished child lying on a bed in a doctor’s surgery in the northern Yemeni town of Abs on Saturday | AFP/ Getty Images

එකී සිද්ධි දාමය සිදුවන අතර තුරදී සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කරගන්නට අමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය ආධාර දෙමින් සිටින වග අනාවරණය විණ. ඒ අනුව, අහිංසක සිවිල් වැසියන් ප්‍රහාරවලට සහ අවශේෂ පීඩනයන්ට හසුවන්නේ ඇමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ අනුදැනුම මතය යන්න ලෝකයට දැන් රහසක් නොවේ.
යේමනයේ පවත්නා තත්ත්වය සැලකිල්ලට ගත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ කටයුතු කරන ඒජන්සිය පසුගිය දා නිකුත් කළ නිවේදනයකින් කියා සිටියේ යේමනයේ වෙසෙන මිලියන 22.2කට මානුෂීය ආධාර අවශ්‍ය බවකි. ඒ අනුව යේමනයේ ජනගහනයෙන් 75%කට මානුෂීය ආධාර අවශ්‍ය බැව් ජගත් සංවිධානයත් පිළිගනී. එය බෙහෙවින්ම ඛේදනීය තත්ත්වයකි.

පෙර ලිපි-

යේමනයේ පාසල් බස් රථයකට ගුවනින් ප්‍රහාර

කොළරා වසංගතයත් යේමනය ගිල ගනියි.

යේමනයේ ප්‍රධානම වරායකට සෞදි හමුදා ප්‍රහාර

යේමනයේ හුතී සටන්කාමීන් ජනපති අලි අබ්දුල්ලා සාලේ මැරුවේ ඇයි?

Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

21 mins ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

54 mins ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

15 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

19 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

22 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago